සියලු විපතට හේතුව වරදවා පිහිටුවාගත් සිතයි – Sri News

0
5


 

සැවැත්නුවර නන්ද නම් එඬේරෙක් වාසය කළා ඔහු අනේපිඬු සිටුවරයා ගේ ගොපල්ලන් ගෙන් එක් පුද්ගලයෙක් ඔහු මහත් ධනවතෙකු වුවද තමාගේ ධනය නිසා කෙදිනකවත් උඩගු වූයේ නැහැ

 

සෑම දිනකම බොහෝ සෙයින් අල්ප වූ ජීවිතයක් ගත කළා පෙර සිටම කරගෙන ආ ජීවිකාව ඈත් කිරීමට ඔහු කැමති වුණේ නැහැ අනේ පොඩි සිටුතුමා තුළ ඔහු කෙරෙහි වූ මෙත් සිත නිරන්තරවම වර්ධනය වුණා නන්ද තෙමේ පිරිසිදු ලෙස ලෙස පිළියෙළ කරන ලද පස් ගෝ රස සිටුවරයාට පිළිගැන්වීමට කිසිදු දිනෙක අමතක කළේ නැහැ එසේම දෙව්රම් වෙහෙරට පැමිණ වැඳ පුදා ගැනීම ද කිසිදු දවසක අමතක කලේ නැහැ බුදුන් දහම් සඟුන් කෙරෙහි ඔහු තුළ වූ මහත් භක්තිය කිසිදිනක පිරිහුනේ නැහැ

 

 

දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ඔහුගේ නිවසෙහි දානයකට වඩින ලෙස ආරාධනා කළා එය පිළිගත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරා ඔහුගේ නිවෙසට වැඩම කළා වැඩම කළ බුදුරජාණන් වහන්සේ වඩින මග විසිතුරු ලෙස සැලසීමට පෙර ගමන් කොට පුද පෙරහර පැවැත්වීමට නන්ද අමතක කලේ නැහැ

 

එපමණක් ද නොවෙයි දුටුවන් මන බඳනා අයුරින් සිය නිවස සරසා බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට සත්දිනක් වැඩ වාසය කිරීමට අවශ්‍ය පහසුකමුත් සැලැස්සුවා ඒ සත්දින මුළුල්ලේ පිරිසිදු පස්ගෝ රස සහිත මහා දානයක් පිළිගැන්වූවා දානමය පුන්‍යකර්මය අවසානයේ දී අනුමෝදන් වන නන්ද ගොපළු තෙමේ සෝවාන් ඵලය අත්පත් කරගත්තා

 

 

දැන් පිළිගැනීමෙන් අනතුරුව පෙරළා වෙහෙරට වඩින බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා පිරිස සමඟ ඔහුද බොහෝ දුර ගමනක් ආවා ඒ අතරමගදී බුදුන් වහන්සේ විසින් ඔහුට නවතින ලෙස කීමෙන් අනතුරුව ඔහු බුදුන්ට වැඳ නමස්කාර කොට ආපසු නිවෙස කරා පැමිණියා

 

 

ඒ එන අතර මග වැද්දකුගේ හී පාරට ලක් වූ නන්ද මිය පරලොව ගිය අතර බුදුරජාණන් වහන්සේ මෙහි නො වැඩියේ නම් නන්ද ගේ මරණය නොවන්නේ යැයි එම සිදුවීම ඇසූ සංඝයා වහන්සේලා පැවසුවා ඔහුට නොමැරී සිටීමට කළ හැකි දෙයක් නොමැති බවත් එය කළ කම් පල දීමක් බවත් පෙර අත් භාවයෙහි වරදවා පිහිටුවාගත් සිත නිසා ම සිදු වූවක් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක එසේම මා මෙහි වැඩි හෙයින් නන්ද සෝවාන් ඵල ලබා නිවන් මඟ සාක්ෂාත් කර ගත්තේ යැයි පැවසූ සේක

 

 

සොරෙක් තවත් සොරෙකුට හෝ වෛරක්කාරයෙක් තවත් වෛර කාරයකුට ඊටත් වඩා වූ මහා නපුරක් කරයිද වරදෙහි යෙදූ සිත ඒ පුද්ගලයා පාපියෙකු කරවයි

 

සහෝදරත්වයෙන්  එක්වෙමු! 

 

©Buddhist Brotherhood

The post සියලු විපතට හේතුව වරදවා පිහිටුවාගත් සිතයි appeared first on Sri News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here