සැදැහැති සිසු දරු දැරියෝ අපි වෙමු – Sri News

0
4


සැදැහැති සිසු දරු දැරියෝ අපි වෙමු…

දෙස බස රැස නිති රකිනා…

හෙට ලොව ජය දද නගනා…

 

බෞද්ධ දහම් පාසල් පිළිබඳ මූලික දර්ශනය මැනවින් පැහැදිලි කරන චිත්තාකර්ශණීය වූ ප්රකාශනය දහම් පාසල් ගීතයයි.

සෝමපාල රාජකරුණා මහතා විසින් රචිත මෙම ගීතයේ දර්ශනය තූන් කාලයට ම ගැලපෙන්නකි.

ලංකාවේ දහම් පාසල් ආරම්භ වුයේ 1895 අගෝස්තූ 3 වැනි දායි. හෙන්රි ස්ටීල් ඕල්කට්තූමා ලංකාවට පැමිණියේ 1880 මැයි 17 වැනිදායි. එතුමා ලංකාවට පැමිණියේ 1873 සිදු වූ ඓතිහාසික පානදුරා වාදයේ වාර්තා දැකීමෙන් පසුවයි.

නිල වශයෙන් බෞද්ධ බවට පත්වූයේ 1880 මැයි 25 වැනිදා ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේ දී අක්මීමන ධම්මාරාම ස්වාමින් වහන්සේගෙන් තිසරණ පංච ශීලය සමාදන් වීමෙනි. එහි දී එච්. පී. බ්ලැවස්කි මැතිනිය ද උපාසිකාවක් බවට පත්වූවා ය.

1889 දී ගාල්ල විජයානන්ද විහාරස්ථානයේ එතුමාණන්ගේ අනුශාසනා යටතේ ඩී. ජේ. සුබසිංහ මහතාගේ ප්රධානත්වයෙන් දහම් පාසලක් ආරම්භ වුව ද එය අතර මඟ බිඳ වැටිණි.

1885 නැවත දහම් පාසලක් ආරම්භ වූයේ ඕල්කට් තුමාගේ අනුශාසනා පරිදි ඇල්ලේපොල ජිනෝරස ස්වාමින් වහන්සේගේ ප්රධානාචාර්යත්වයෙනි.

 

දහම් පාසල තරම් සිත් ඇදගන්නා වෙනත් අධ්යාපන පාඨමාලාවක්, පාඨශාලාවක්… ලංකාවේ නැත.

වෙනත් වචනයක් නැති බැවින් පාසල, විද්යාලය, පාඨශාලාව යන වදන් ප්රකාශ කළත් ඇත්ත වශයෙන් ම මෙය බටහිර ජාතීන් ඇති කළ පාසල නොවේ. දහම් නිකේතනය වැනි හඳුන්වාදීමක් වඩා උචිතයැයි පෙනේ.

දහම් පාසල සාමාන්ය පාසලෙන් වෙනස් වන අංශ කිහිපයක් ම වෙයි.

එනම් දහම් පාසලේ සමාජ සම්බන්ධතාවය සර්, මිස්, ටීචර් නොව අයියා,අක්කා, යන වචනයෙන් යුක්ත වීම හා එහි ප්රතිලාභීන් දුව, පුතා වීමයි.තවත් කරුණක් නම් බුදුරජාණන් වහන්සේ ශ්රේෂ්ඨතම ගූරුවරයා ලෙස පිළිගැනීමයි. බුදුරජාණන් වහන්සේ දැකිය හැක්කේ ධර්මයෙන් ලෙස සැලකීමයි.

 

දහම් පාසලේ ගිහි ගුරුවරයා ගේ ඇඳුම දේශීයයි. ගූරුවරිය දහම් පාසල් නිල ඇඳුම වන සාරියෙන් සැරසෙයි.

දහම් පාසලේ පළමු ක්රියාකාරකම මල් පහන් රැගෙන එන දරුවන් යටත් පිරිසෙන් විනාඩි 45 ක් පමණ ආගමික වතාවත් කිරීමයි. තෙරුවන් වන්දනය , ඥාාතීන්ට දෙවියන්ට පින්දීම, උදාර මවුපියන්ට හා ගුරුවරුන්ට ගාථා කියමින් වැදීම. මෛත්රි භාවනා කිරීම, අනුශාසනයක් ශ්රවණය කිරීම එයට අයිති වෙයි. ශ්රද්ධාව උපදින මෙම වතාවත් පාසලේ දී කළ නොහැකි බව අපි අවිවාදයෙන් පිළිගත යුතු වෙමු.

 

වඩා සාර්ථක දහම් පාසලක් වන්නේ සිවුරේ සෙවණ ලබන දහම් පාසලයි. විහාරාධිපතීන් වහන්සේ බුද්ධ වන්දනාව මෙහෙය වන දහම් පාසලයි. ප්රධාන අනුශාසක ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටින දහම් පාසලයි . පාලි භාෂාව ,අභිධර්මය, මැනවින් දන්නා ගූරවරු සිටින දහම් පාසලයි.

දහම් පාසල් ගුරුවරු දහම් පාසල් දින යටත් පිරිසෙන් පැය 5 ක් මෙම සත්කාර්යයේ ව්යාකෘත වෙති.

ඒ හැර කැඩුණු ඩෙස් , බංකු ප්රතිසංස්කරණය කරති. ඉවසීමේ කෙළවරම සිට දරුවන් ඇසුරු කරති. මුළු ජීවිත කාලයේම ආදර්ශවත් වෙති. තම දරුවන්ට ආදර්ශවත් ලෙස ගත කරන අම්මා අතාත්තා කෙනෙක් ලෙස හැසිරේ. එබැවින් දැනට 125000 ක් පමණ ගිහි ගුරුවරු සමාජයේ සිටීම භාග්යයක් …

 

දහම් පාසල් දරුවන් වැනි වෙනත් සදාචාර සම්පන්න සිසු පිරිසක් අප රට නැත. සැදැහෙන් තෙරුවන් වඳීති. ගුරුවරු සමඟ සුහද මිත්රශීලීව ගූරු භක්තිය ඇතිව කතා කරති. ගුරුවරයා හා ගුරුවරිය පවුලේ වැඩිමලකු ලෙස සලකති. තම දහම් පාසල් ජීවිතයෙන් පසුව දුටු දුටු තැන වැඳ නමස්කාර කරති. ඉතා නිවැරැදි භාෂාවක් වහරති. පසුගිය 30 අවුරුදු යුද්ධයේ දී මිය ගිය රණ විරුවන්ගෙන් ඉතා වැඩි ප්රතිශතය බෞද්ධ පාසල්වල හා දහම් පාසල්වල ඉගෙනුම ලැබූ ළමයින් ය. මන්ද ජාතික ඉතිහාසය , උත්තරීතර ජාතික වීර චරිත, දහම් පාසලේ තරම් සාමාන්ය පාසල්වල නොඋගන්වන බැවිනි.

 

ක්රිස්තු වර්ෂ 16 සියවසේ මුල් භාගය සිට විසි වන සියවසේ ආරම්භය දක්වා කාලයේ ලංකාවේ සාක්ෂර ඤාණය 90% සිට 25% ක් දක්වා පිරිහිණි . පෘතූගීසි සමයට පෙර කෝට්ටේ යුගයේ ලංකාවේ සාක්ෂර ඤාණය 90% වැඩි බව අපේ සාහිත්යය විමසීමෙන් පෙනේ . අවුරුදු 450 ක් පැවතුණු බටහිර ආධිපත්යයෙන් වූ ලංකාවේ අධ්යාපන පරිහාණිය ප්රමාණ කළ නොහැකි තරම්ය.

යුරෝපීය ජාතිකයින් අපට දායාද කළ මත් වතූරත්, දුම් වැටියත් නිසා ශ්රි ලංකා ආර්ථිකය ,සෞඛ්ය පරිසරය බිඳ වැටුණු අතර ජාතික හැඟීම් ද මොට වී දේශීය භාෂා ව්යවහාරය සහ බෞද්ධයකු වීම ලජ්ජාවට කරුණක්… වන තරමේ හීනමානයකට ලාංකිකයන් පත් වී තිබිණි.

 

මේ බව තේරුම් ගත් හෙන්රි ස්ටීල් ඕල්කට්තූමා ලංකාවේ දහම් පාසල් ගැන නිතර අදහස් ප්රකාශ කළේය. “ ලංකාවේ බෞද්ධ ළමයින් වෙනුවෙන් හැම පන්සලකම විශේෂ දිනයකදී පැය කිහිපයක් ආගම ඉගැන් විය යුතූ වෙයි. ක්රිස්තියානිවරුන් එසේ කරති.

ඇනී බෙසන්ට් මැතිනිය ප්රකාශ කලේ ළදරු හදවත්වල මෛත්රිය, ශ්රද්ධාව, භක්තිය යන අංකුර ලියලන බවත් එබැවින් කුඩා අවදියේ ම දරුවන්ට මෙම හැඟීම් ලබා දිය යුතු බවත්, ලංකාවේ පාසල්වල ඉගැන්විය යුතු ආගම බුද්ධාගම බවත්, ලංකාවේ සිතුම් පැතුම් හා සදාචාරයට බුද්ධාගම පදනම් විය යුතු බවත් ය.

 

මේ අදහස් තමා පවසන්නේ එය ලංකාවේ යහපතට පමණක් නොව සමස්ත ලෝකයේ ම යහපතට හේතු වන නිසා බවත් ඇය පවසයි.

ලංකාවේ දහම් පාසල් අධ්යාපනයේ ලා ශ්රි ලංකා රජය කරන ලද උදව් සහ මඟ පෙන්වීම් සුදනන් ගේ ප්රසාදයට ලක්විය යුතු ය. විමධ්ය ගත අය වැයවලින් දහම් පාසල් උපකරණ සහා ගොඩනැඟිලි ලබා දීම , දහම් පාසල් පොත් වසර එක සිට ධර්මාචාර්ය දක්වා නොමිලයේ සැපයීම, දහම් ගුරුවරුන්ට නිල ඇදුම් සැපයීම, දහම් පාසල් ගූරුවරුන්ට පුස්තකාල දීමනාවක් දීම. දහම් පාසල් ගූරුවරුන්ගේ සේවය අගය කටයුතු කිරීම ඉන් කිහිපයකි.

වසංගත තත්වය යටතේ වර්තමාන දහම් පාසල අනාථ තත්වයක පවතී. රජයේ පාසල් මාර්ග ගත අධ්යාපනය ලබාදෙයි. ලංකාවේ දිළිඳු ශිෂ්යයන්ට අසාධාරණයක් වුවත් ඇති හැකි අයට හෝ අධ්යාපනය ලැබීමට වරම් ලැබීම සතූටට කරුණකි. ඉතා මෑත දිනවල දහම් පාසල් සඳහා ද එවැනි අධ්යාපන රටා ආරම්භ විය. එය මෙහෙයවන්නෝ කරනුයේ මහත් කැපවීමකි. එසේ වුවත් දහම් පාසල යනු දැනුම පමණක් ගොඩනඟන තවත් පාසලක් නොවේ.

 

සම්බුදු හිමි ගේ සදහම් සිසිලෙන් සැනහෙන දරු පරපුරක් තනා ගැනීමට සියලු සමාජ අංශයන්ගේ දායකත්වය ලබා දීමට කටයුතු කරමු.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here