සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් සිසුන්ට සහනයක්

0
12

මෙවර අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් කිසිඳු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (13) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසූ පිරිස රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමි පවසා සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here