සාර්ථක හොලිවුඩ් තරුවල අසාර්ථක විවාහ ජීවිත – Sri News

0
8

කිරියි පැණියි වගේ ගැළපෙනවා වගේ පෙනුනත් සමහර සම්බන්ධතා එහෙම පෙනෙන්නේ පිටතින් විතරයි. කාලයත් එක්ක ඒ සම්බන්ධතාවලට ඇද පළුදු, වෙනස්කම් ගලපගන්න බැරුව ඒවා නැවතිලා යනවා. ඉතින් අද අපේ ලිපියෙන් අපි කියන්නේ සාර්ථක හොලිවුඩ් තරු යුවළ අතර සිද්ධ වුණු අසාර්ථක විවාහ කීපයක් ගැනයි.

 

මිරැන්ඩා ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් කිව්වොත් හරි. ඕර්ලැන්ඩෝත් ‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනූ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 2005 වසරේදී ඔහු හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වුණු ක්‍රිස්ටන් ඩන්ස්ට් සමඟ පැවත් වූ සම්බන්ධය එරට ජනප්‍රිය ගොසිප් මාධ්‍යවල කසුකුසු මවන්නට සමත් වුණා. පසුව ඕර්ලැන්ඩෝ බ්ලූම්, මිරැන්ඩා සමඟ විවාහ වුනත් අවසානයේ ඔවුන් දෙදෙනා​ට විරසක වෙන්න සිදුවුණා. දැන් ඔහු දක්​ෂ ගායිකාවක් වන කැටී පෙරී සමඟ විවාහ ගිවිසගෙ​න ඉන්නවා. මිරැන්ඩාත් ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වුණු එවන් ස්පීගල් සමග 2017 වසරේදී විවාහ වෙනවා.

 

ජොනී ඩෙප් ගැන නොදන්න කෙනෙක් නැති තරම් කිව්වොත් අපි හරි. ‘චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි’, ‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ වගේ චිත්‍රපටවලින් මුළු ලෝකයක් වසඟ කරගත්තත් ඔහුගේ විවාහයන් දෙකම අසාර්ථක ඒවා වුණා. 1982 අවුරුද්දේ ඔහු වේශ නිරූපණ ශිල්පිණියක් වුණ ලොරී ඈන් සමඟ විවාහ වෙනවා. ඒ විවාහය වසර කීපයකට පසු බිඳ වැටෙනවා. ඊට පස්සේ ඔහු ජනප්‍රිය නිළි විනෝනා රයිඩර් සමඟ විවාහ ගිවි​ස ගත්තත්, පසුව එයත් වෙන්වීමකින් කෙළවර වුණා. ඉන් පසුව ඔහු විවාහ වෙනවා ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වන ඇම්බර් හර්ඩ් සමඟ. ඒ 2015 අවුරුද්දේ. මේ විවාහයත් ඉවරවෙන්නේ දික්කසාදයකින්. ඒත් එක්කම ඇම්බර් හර්ඩ් ජොනී ඩෙප්ට ගෘහස්ථ හිංසනය සම්බන්ධ චෝදනාවනුත් ඉදිරිපත් කරනු ලැබුවා. මේ චෝදනාවන් සම්බන්ධව දිගහැරුණු නඩු විභාගයන් සහ සිදුවීම් දාමයන් අදටත් උණුසුම් පුවත් මවන්න සමත් වී තිබෙනවා.

 

ලංකාවේ අය නම් ගොඩාක්ම ගිලියන්​ව දන්නේ එක්ස් ෆයිල්ස් (X- Files) එකේ ස්කලී කියලා. ලෝකයේ වගේම අපේ රටෙත් අතිශය ජනප්‍රිය වුණා ඒ චරිතය. ලංකාවේ තිබු​ණු ඇයට අයත් නිවසක් සම්බන්ධව ඇතිවුණු ගැටළුකාරී තත්ත්වයක් නිසාත් මීට වසර කීපයකට පෙ​ර ඇය ගොඩක් අපහසුතා වලට මුහුණ දුන්නා. ගිලියන්, කැනඩා ජාතික කලා අධ්‍යක්ෂකවරයෙක් වූ ක්ලයිඩ් ක්ලොට්ස් සමඟ මුලින්ම යුග දිවියට එලඹුණත් වසර තුනකින් පසු ඒ විවාහය බිඳ වැටෙනවා. ඇයට ඒ විවාහයෙන් එක් දුවෙක් ඉන්නවා. පසුව ඇය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂ​කවරයෙක් ව​න ජුලියන් ඔසාන් සමඟ කෙටි කලකට සීමා වූ විවාහයක් ගතකරනවා. එයත් වසර තුනකින් බිඳ වැටෙනවා. පසුව ව්‍යාපාරිකයෙක් වන මාක් ග්‍රිෆිත්ස් සමඟ ඇය සම්බන්ධතාවයක් අරඹනවා. ඉන් ඇයට පුතුන් දෙදෙනෙක් ලැබෙනවා. නමුත් මේ සබඳතාවයත් මේ වන විට බිඳ වැටී අවසන්.

 

 

ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාව නොදන්න කෙනෙක් හොයාගන්න නම් ගොඩක් අමාරුයි. 80 දශකයේ පොප් රැජින හැටියට වැජඹුණු ඇය​ගේ ඒ ජනප්‍රියත්වය අදටත් එහෙම්මමයි. ඇය මීට දශක කීපයකට පෙර ගැයූ ​ඒ ගී​ත අදටත් ජනප්‍රියයි. ඇය හොලිවුඩ් නළු ෂෝන් පෙන් සමඟ 1985 වසරේදී විවාහ වෙන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටිද්දීමයි. බොහොම ආදරණීය යුවළක් හැටියට පසු වුණත් විවාහ ජීවිතය ගත කරද්දී ඔවුන් දෙදෙනා අතර නොගැලපීම්, සැක සංකාවන් ඇති වීම නිසා ඒ සබඳතාවය ඉක්මනින්ම දුෂ්කර ස්වභාවයකට පත් වෙන්න පටන් ගෙන තිබුණා. ඒ හැල හැප්පීම් කෙ​ළවර වූ​ණේ 1989 මැඩෝනා සහ ෂෝන් පෙන් දික්කසාද වීමෙන්. ඉන් පසුව බ්‍රිතාන්‍ය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වූ ගයි රිචී සමග මැඩෝනා 2000 වසරේදී විවාහ වුවත් ඒ විවාහයත් 2008 වසරේදී දික්කසාදයකින් කෙළවර වෙනවා. ෂෝන් පෙනුත් මැඩෝනා සමග විවාහයෙන් පසු යළිත් දෙවරක්ම විවාපත් වෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here