සාම්බාර් මසාලා ⋆ ධරණී

0
4

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 100g ක්
උළුහාල් තේ හැඳි 2 1/2 ක්
සූදුරු තේ හැඳි 4 ක්
ගම්මිරිස් ඇට තේ හැඳි 2 ක්
කඩල 40g ක්
උඳු ඇට 40g ක්
කඩල පරිප්පු 30g ක්
වියළි මිරිස් කරල් 20 ක්
කරපිංචා ඉති 5 ක්
පෙරුම්කායම් තේ හැඳි 1/4 ක්
කහ කුඩු තේ හැඳි 1 ක්

සාදාගන්නා ආකාරය :-

පරිප්පු, කඩල, උඳු, සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් ගින්දර අඩුවෙන් තැටියක බැදගන්න. ඒකටම උළුහාල්, කරපිංචා සහ මිරිස් එක් කර කරපිංචා ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.

අවසානයට සූදුරු එක්කර කලවම් කර, ලිපෙන් ඉවත් කරගෙන පෙරුම්කායම් සහ කහ එක් කරගන්න.

නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස බෝතලයක අසුරාගන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here