Google search engine
Home ගොසිප් පුවත් සාම­ණේර හිමි­ව­රුන් දෙදෙ­න­කුට සහ පිරිමි දරු­ව­කුට ලිංගික අත­වර කළ ලොකු සාදුට වැඩ...

සාම­ණේර හිමි­ව­රුන් දෙදෙ­න­කුට සහ පිරිමි දරු­ව­කුට ලිංගික අත­වර කළ ලොකු සාදුට වැඩ වරදී

0
6

rambuka-temple-incident

පොතු­පි­ටිය පොලිස් වසමේ රඹුක ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක වැඩ විසූ එකො­ළොස් හැවි­රිදි සහ දස හැවි­රිදි සාම­ණේර හිමි­ව­රුන් දෙදෙ­නකු සහ මහණ දිවි­යට ඇතු­ළත් වීමට සිටි දස හැවි­රිදි පිරිමි දරු­වකු බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යට ලක් කළ බව පැව­සෙන එම විහා­ර­ස්ථා­නයේ වැඩ විසූ හැත්තෑ එක් හැවි­රිදි හිමි­න­මක් පෙරේදා (11) සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් බව පොතු­පි­ටිය පොලි­සිය සඳ­හන් කළේය.

මෙලෙස අප­යෝ­ජ­න­යට ලක් වූ බව පැව­සෙන සාම­ණේර හිමි­ව­රුන් දෙදෙනා සහ අනෙක් පිරිමි දරුවා ප්‍රති­කාර සඳහා පොතු­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව වැඩි­දුර ප්‍රති­කාර සඳහා රත්න­පුර ශික්ෂණ මහ රෝහ­ලට මාරු කර යවා ඇත.

සිද්ධිය පිළි­බ­ඳව සාම­ණේර හිමි­ව­රුන් දෙදෙනා සහ පිරිමි දරුවා විහා­රා­ධි­පති හිමි­යන්ට පැව­සී­මෙන් පසු මොවුන්ගේ මව්පි­යන් විසින් පොලි­සි­යට කර තිබූ පැමි­ණි­ල්ල­කට අනුව සැක­කාර හිමි­නම අත්අ­ඩං­ගු­වට ගත් බව ද පොලි­සිය සඳ­හන් කළේය.

විහා­රා­ධි­පති හිමි­යන් විහා­ර­ස්ථා­නයේ නොමැති අව­ස්ථා­ව­ලදී පාඩම් කියා­දී­මට බව පවසා කුඩා හිමි­ව­රුන් දෙදෙනා සහ අනෙක් පිරිමි දරුවා සැක­කාර හිමි­යන්ගේ කාම­ර­යට ගෙන්වා­ගෙන විවිධ ලිංගික හිරි­හැර සිදු කර ඇති බවට පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන ඇත. මෙම හිමි­ව­රුන් දෙදෙනා වස­රක පමණ කාල­යක සිට සැක­කාර හිමි­යන් විසින් විවිධ අව­ස්ථා­ව­ලදී අප­යෝ­ජ­න­යට ලක් කර ඇති බවත්, එම ක්‍රියාව පිළි­බ­ඳව වෙනත් කිසි­ව­කුට හෝ පැව­සූ­වොත් පහර දෙන බවට සැක­කාර හිමි­යන් විසින් කුඩා හිමි­ව­රුන් දෙදෙනා බිය ගන්වා ඇති බවත් පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් හිමි­යන් ගිහි­යකු ලෙස සිටි­යදී ග්‍රාම නිල­ධා­රි­ව­ර­යකු වශ­යෙන් පොතු­පි­ටිය ප්‍රදේ­ශයේ සේවය කර විශ්‍රාම යෑමෙන් පසු වයස අවු­රුදු හැටේදී පමණ මහණ දිවි­යට ඇතු­ළත්ව මෙම විහා­ර­ස්ථා­නයේ වැඩ වාසය කර ඇති බවත්, සැක­කාර හිමි­නම ඊයේ (12) කල­වාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බවත් පොලි­සිය පැවැ­සීය.

සබ­ර­ග­මුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සංජීව ධර්ම­රත්න, නියෝජ්‍ය පොලි­ස්පති පවිත්‍ර දයා­රත්න සහ සහ­කාර පොලිස් අධි­කාරි උපාලි තල­ගල යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි පොතු­පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කුමාර නල­වංශ, උ. පො. ප. සරත් , පො. සැ. ගුණ­රත්න , පො. සැ. රි. නර­සිංහ නිල­ධා­රීන් සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ සිදු කර ඇත.

රක්වාන – ඉන්දික සී. කුමාර

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here