ඒ අනුව වසර 72 ක් පුරාවට පවත්වා ගෙන ආ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වාර්ෂික ප්‍රදර්ශනය මුල්කරගත් සාංචි මහාබෝධි මහෝත්සවය මේ වසරේ සිට ඉන්දියාවේ ජාතික උත්සවයක් ලෙස සැලකේ.
එය පසුගියදා (නොවැ 30 දෙසැ.01) ඉන්දීය,ශ්‍රි ලංකා හා වෙනත් විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණයේ ඉදිකර ඇති සාංචි චේතියගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙම දෙදින පැවති සංචි මහා බෝධි මහෝත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ සුභාශිංෂණ රැගෙන ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජිජු (Kiran Rijiju) මැතිතුමා සමග ඉන්දීය ග්‍රාමීය සංවර්ධන හා පංචායත් සභා අමාත්‍ය ප්‍රහ්ලාද් සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) මැතිතුමා සහභාගි වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා සාංචි මහා බෝධි මහෝත්සවය වෙනුවෙන් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් වෙත එවන ලද සුභාශිංසන පණිවිඩයේ “සාංචි මහාබෝධි මහෝත්සවය අපගේ ශිෂ්ටාචාර මූලයන් සහ විචිත්‍රවත් සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන අතර, බුදුන්ගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයින් දෙදෙනෙකු වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහාමොගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට සමස්ත ලෝක බෞද්ධ බැතිමත් වන්දනාකරුවන්ට ඉඩ සැලසීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන,සාංචි මහාබෝධි මහෝත්සවය සංවිධානය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කර ප්‍රචලිත කිරීමට මහාබෝධි සංගමය දරන උත්සාහය අපගේ සංස්කෘතිය හා සාරධර්ම තරුණයන් අතරට ගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දක්වයි.
එසේම භාග්‍යවත් බුදුන් වහන්සේගේ සදාකාලික ඉගැන්වීම් බොහෝ ජාතීන් සහ සමාජයන් වෙනත් අය සමඟ සම්බන්ධ කරයි. විවිධ ජාතීන්ට අයත් මිනිසුන් එක්රැස් කරන සාංචි උත්සවය ඊට ප්‍රබල උදාහරණයකි. සාංචි මහාබෝධි මහෝත්සවය සාර්ථකවීමට මහාබෝධි සංගමයට මාගේ සුභාශිංසන පිරිනමමි. මෙවැනි සිදුවීම් අපගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් කිරීමට සහ අනාගත පරම්පරාවන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මට විශ්වාසයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත.
තායිලන්තයේ ආචාර්ය සුපචායි වීරාපුචොංන්ග් Dr.Supachai Verapuchong) මහතා ප්‍රමුඛ බෞද්ධයන් ද වියට්නාමයේ බෝධි චිත්තා තෙරණිය ඇතුළු වියට්නාම් බැතිමතුන් ද ජපාන බෞද්ධයින් භික්ෂු භික්ෂුනියන් ද ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
Sri News Media