“ස්ර්” ට ඇල්සයිමා ද ? – Sri News

0
5

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 11 කොළඹ (LNW): කිසිවෙකුගේ රෝගී තත්ත්වයක් හාස්‍යයට හෝ උපහාසයට ලක් කිරීමට අප එකඟ නැත.නමුත් මේ දිනවල රගර් කේෂ්ත්‍රයේ තැනින් තැන පැතිරෙන,ඇසෙන කතාවක පදනම බලය ලැබුණු පසු වෙනස් වූ පුද්ගලයෙක් කිසිවක් මතක නැති ලෙස හැසිරෙන අයුරුය.ඒ නිසා ඇල්සයිමානම් අමතක වීමේ රෝගයට ගොදුරු වූ අයටත් අපහාසයක් වන පරිදි බලයෙන් උද්දාමයට පත්වීමේ ස්වභාවය හඳුන්වන්ට පිරිස් ස්ර්ට ඇල්සයිමා කියන්නට පටන්ගෙන ඇත.

ස්ර් යන්නට හේතුව ඔහු හැමෝටම ස්ර් ලෙස ඇමතිමය.එහිනම් වරදක් නැත.එසේම ස්ර් ය කියන්නට හැකි මට්ටමක දැණුමක් ද ඇත්තේය.නමුත් ඒ දැණුම ඉක්මවා ඔහු තනතුරු,හෝ වරප්‍රසාද ලැබුණු පසු ඒවා නඩත්තු කිරීමට තමන්ගේම ආත්මය පාවා දී හෝ කටයුතු කරන තත්ත්වයක් ඇතැයි රගර් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක්ගේ මතයය.කාගේ හෝ බලය මත සිය බලය රැක ගැනීමට හැකිය යන විශ්වාසයෙන් සිය පෞරුෂයටම හානි කරගන්නා එම තත්ත්වය ඇත්තටම කණගාටුදායක තත්ත්වයකි.

මේ නිසාම ඔහුගේ වික්‍රමයන් වේගයෙන් සමාජයට ප්‍රවිශ්ඨ වෙමින් ඇත්තේ මේ වන විට බලන වැඩ බලන සභාපතිකම රැක ගැනීම සඳහා එකිනෙකාගෙන් ලැබෙන පොරොන්දු අනුව හැසිරෙන්නට යාමෙන් ශ්‍රී ලංකා රගර් හී පෞරුෂය පහත හෙළීම සම්බන්ධයෙන් පිරිස දරන නොමනාපය හේතුවෙනි.තමන්ම සම්බන්ධ වි ගත් තීරණ මතක නැහැ කීමත්,මතක නැති ලෙස හැසිරෙමින් මේ මොහොතේ එක එක පුද්ගලයන්ගේ අභිලාෂයන්ට පහසුකම් සපයන තීරණ ගැනීමට උනන්දු වෙන වැඩ බලන සභාපතිවරයා ඔහු විසින්ම මුල් වී නියෝජ්‍ය සභාපතිවරයාව සිටියදී මහනුවර ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා රගර් හී නියාමනයන්ට එකඟ නොවීම සම්බන්ධයෙන් පැන වූ ක්ලිෆර්ඩ් කුසලාන තහනම ඉවත් කර ඇත.එය ද විධායක සභාවේ හෝ නිසි අවසරයකින් තොරව සිය අභිමතය පරිදිය.එහිදී පැන වූ තහනම අමතක බව පෙන්වීම නිසා ඔහුට ඇල්සයිමා ලෙස හාස්‍යයට ලක් කිරීම ඇරඹිණි.

එහෙත් මේ වන විට ඒ හාස්‍යය පැවසූ දේ තවත් පියවරක් පෙරට රැඟෙන ගොස් ඔහු වැඩ බලන සභාපති හැටියට නොව ශ්‍රී ලංකා රගර් සභාපති හැටියට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ප්‍රධාන අනුග්‍රාහකයන් ඉදිරියේ පෙනී සටීමට පටන්ගෙන ඇත.ක්‍රීඩා පණතට මෙන්ම ශ්‍රී ලංකා රගර් පණතට අනුව ද නිලවරණයෙන් පත් වූ සභාපතිවරයා ඉවත් වූ පසු වැඩ බලන සභාපතිවරයෙක් පත් කර ගන්නා අතර වත්මන් වැඩ බැලීම සඳහා ඔහුව තාවකාලිකව සභාපති තනතුරේ වගකීම් ආවරණය කරන්නේ වැඩ බලන්නෙක් ලෙසය.ඔහුට ඡන්ද බලය හිමි ශ්‍රී ලංකා රගර් සාමාජිකයින් පිරිනමා ඇති තනතුර නියෝජ්‍ය සභාපතිය.නිල වශයෙන් ඔහුට එම තනතුර හිමි අතර සභාපති වන්නේ වැඩ බැලීමටය.

එහෙත් මේ වන විට ඔහු ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා තමන්ගේ අත්සනින් ප්‍රසිද්ධියේ පෙනී සිටීම ද,මහනුවරට දුන් තහනම අමතක වූ අකාරයට තමන්ගේ තනතුර ද අමතකවීමක් ද යන්න රගර් කේෂ්ත්‍රයේ සාකච්ඡාවට බඳුන් වෙමින් ඇත.මේ අතර මේ හැසිරිම සහ රෝගය සම්බන්ධ කරගෙන ඔහුගේ සෞඛ්‍ය පිළිබඳව පරික්ෂා කළ යුතුය යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට යම් පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද සැළවේ.ඒ ආකාරයට මිනිසෙක් නරක තත්ත්වයෙන් හැසිරීමට ප්‍රතිචාර වශයෙන් ඔහු කිසියම් රෝගයකට ද අපහාස වන පරිදි හංවඩු ගසා පෙත්සම් ඉදිරිපත් කිරීම ගැන අපේ එකඟත්වයක් නැති අතර ඔහුගේ හැසිරීම සහ ක්‍රියා කළාපය ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට හානිකර තත්ත්වයක්නම් වැඩ බැලීම සඳහා විශේෂ සභාවත් කැඳවා වෙනත් පුද්ගලයෙක් පත් කැ ගැනීමට ඇති ව්‍යවස්ථාමය බලය යොදා ගැනීම වඩාත් වැදගත් බව අපේ විශ්වාසය වන්නේය.

ඔහුට විරුද්ධව කිසියම් නිශ්චිත රෝගී තත්ත්වයක් ඇතැයි සැක කරන බවට චෝදනාවක් එල්ල වුවහොත් ,එය ලංකාව වැනි රටක පරික්ෂාවට ලක් කළ ද,මුළු ජීවිත කාලයට පුද්ගලයෙක් ලෙස සැක සහිතව බලන්නට හේතුවක් වන බැවින් කිසියම් රෝගයක් පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යංශයට පෙත්සම් ඉදිරිපත් කිරිම සිඳුනොවිය යුතු දෙයක් බව අපි විශ්වාස කරමු.එසේම ස්ර් යන වචනය පදනම් කරගෙනත් ඔහුගේ හැසිරිම ඊට ආදේශ කර ගනිමිනුත් මේ වන විට රගර් කේෂ්ත්‍රය පුරා පැතිර යන “ස්ර් ට ඇල්සයිමා” යන හාස්‍යමය කතාවද එතරම් යහපත් තත්ත්වයක් නොවන බව ද අපේ අදහසය.මන් ද ගොබෙල් න්‍යායේ පවසන්නාක් මෙන් මෙය පැතිරිම පුළුල්වීම නිසා මිනිසුන් එය විශ්වාසයට ගැනීමේ ඉඩ ද පළල් වන අතර ඉන් පසු ඔහුට රගර් පරිපාලනයේදී පමණක් නොව සමාජයේ අනෙකුත් කටයුතුවලට ද වගකීමක් පැවරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙනු ඇතැයි යන්න අපේ විශ්වාසය ය.

මේ සමඟ ඇත්තේ වැඩබලන සභාපතිවරයා සභාපතිවරයා ලෙස සිය අත්සන යොදන ශ්‍රී ලංකා රගර් ලිපියක්ය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here