ස්මාට් ෆෝන් එකෙන් සුපිරි විදිහට වීඩියෝ කරන්න මෙන්න උපදෙස්! – Sri News

0
27

ඉස්සර කැමරා එක වගේම කැමරා හැසිරවීම කියන්නේත් ලොකු දේවල්. ඒත් දැන් මොබයිල් ෆෝන් එක එක්ක අපි හැමෝටම වීඩියෝ කරන්න ගැජට් එකක් අපේ අත උඩම තියෙනවා. මේ ස්මාට්ෆෝන් එක හරහාත් ටිකක් සැලකිලිමත් වුනොත් සුපිරි වීඩියෝ ලබාගන්න අපිට හැකියි. ඒ විදිහට සුපිරි වීඩියෝ ස්මාට්ෆෝන් එකෙන් ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද? හිතන්න ඕනි දේවල් මොනවද කියා අපි ටිකක් බලමු.

 

ස්මාට්ෆෝන් එකකින් වීඩියෝ කරද්දි එන මූලිකම අවුලක් තමයි ශේකි, එහෙමත් නැත්නම් වීඩියෝ එක අනවශ්‍ය විදිහට ගැස්සෙන එක. දැනට නම් එන අලුත්ම ස්මාට්ෆෝන් වල මේ ශේකි ගති​ය නැතිකරන්න ඉලෙක්​ට්‍රොනික ක්‍රම එනවා. ඒ වගේම දැන් භෞතික ක්‍රමත් තියෙනවා. කොහොම වුනත් අපිට හැම වෙලාවෙම අදා​ළ උපකරණ කට්ටලයක් ෆෝන් එක එක්ක ගෙනියන්න බැහැ. යමක් වීඩියෝ කරන්නට අවශ්‍ය නම් හැකිතරම් සෙලවීම පාලනය කරලා, සෙමෙන් කැමරාව හසුරුවන්නට හැකිනම් එතනින් හො​ඳ වීඩියෝවක් ලබාගන්නට හැකි වේවි.

 

කලින් කිව්වා වගේ මේ සෙලවීම නැත්නම් ගැස්සීම පාලනය කරන සරලම උපකරණයක් තමයි ගිම්බල් එක. දැන් නවීන තාක්ෂ​ණයෙන් ගැස්සීම අවම කරන්න පුළු​වන් සුපිරි ගිම්බල් තියෙනවා. ඒ වගේම ෆික්ස් වීඩියෝ ටයිම්ලැප්ස් ගහන්න ට්‍රයිපොඩ් මොනොපොඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. තවත් පොඩි පොඩි උපකරණ පාවිච්චි කරලා වීඩියෝ වල මෝෂන් එක ගා​ණකට ගන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා.

 

ස්මාට්ෆෝනයක තියෙන කැමරාවේ සිදුර පොඩියි. ඒ වගේම සෙන්සර් එකත් පොඩියි. ඒ නිසා විශාල කැමරා වලදී වගේ ආලෝකය එක්ක ලොකු ගනුදෙනුවක් කරන්න අමාරුයි. අඳුරේදී ස්මාට්ෆෝන් වීඩියෝ වලට සීමා වැඩියි. අඳුරේ කරන වැඩකදි ටිකක් එලිය තියෙන තැනකට යන්න පුළුවන් නම් හො​ඳයි. දවල් වුනත් ඉවෙන්ට් එකක් තියෙද්දි අඩු ආලෝකයෙදි ගන්නේ නැතිව සාමාන්‍ය ආලෝකය තියෙන එළිමහනකට යන්න පුළුවන් නම් හො​ඳයි. ස්මාට්ෆෝන් හැම එකකදිම වගේ වඩාත් ලස්සන දර්ශන එළිමහනේදි තමයි ලබා දෙන්​නේ. එළිමහනෙදි වුනත් සමහර අවස්ථාවල එළිය එන දිහාව, එළියේ තීව්‍රතාව​ය වගේ දේවල් ගැන සැලකිලිමත් වුනොත් වීඩියෝ එකට ආලෝකයෙන් එන අවුල් ටික මගහැරගන්න පුළුවන්.

 

අපි කැලේකට හෝ වනෝද්‍යානයකට ගියොත් සතුන්ගේ පොටෝ ගහන්න හැකි වුනත් සත්තුන්ගේ වීඩියෝ වගේ ගන්න ස්මාට්ෆෝන් එකෙන් අමාරුයි. ස්මාට්ෆෝන් එකේ සූමින් වලදි ගොඩක් වෙලාවට වීඩියෝ කොලිටි එක අඩු වෙනවා. ෆෝන් එකෙන් වීඩියෝ කරද්දි පුළුවන් තරම් අපි රූපගත කරන වස්තුවට ආසන්න වුනොත් ඒක ඈතින් ඉ​ඳන් කැමරා කරනවාට වඩා සාර්ථකයි. ආසන්න කරන්න කිව්වාම යමෙක්​ගේ ඉන්ටවිව් එකක් ඔහු​ගේ නාසය ළ​ඟ සිට වීඩියෝ කරන එක යුතු නැහැ. යම් දුරක් තියාගෙන ඒ කටයුත්ත කරන්නට ඕනෙ. ෆෝන් කැමරාවල සූමින් තත්ත්වය හොඳ නැති බවත් හිතේ තියාගෙන වැඩ කරන්නට ඕනෙ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here