සමවතින් නැඟී සිටිමු – Sri News

0
3


“න තාව භික්කවේ අකුසලස්ස සමාපත්ති හෝති

යාච සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු”

 

යම්කිසි කෙනෙකුගේ මනසෙහි කුසල් දහම් මුල්කරගෙන ශ්රද්ධාව පවතින තාක් කල් ඒ තැනැත්තාගේ මනසේ අකුසල සමාපත්ති යකට ඉඩකඩක් හිමි වෙන්නේ නැහැ .

කිසියම් අවස්ථාවක පුද්ගලයෙකුගේ මනසෙහි ශ්රද්ධාව අතුරුදහන් වෙලා

අශ්රද්ධාව මතුවෙනවා නම් ,එවිට පුද්ගලයාගේ සන්තානය අකුසලයට සම වදිනවා.

ශ්රද්ධාව කියන්නේ කුසල ධර්මයක් .කුසල මූලයක්. මේ කුසල මූලය මනසේ රැඳී පවතිනා තාක් ඔහුගේ මනසේ අකුසල සමාපත්ති යකටනම් ඉඩක් ලැබෙන්නේ නෑ.

 

නමුත් කිසියම් මොහොතක දී ශ්රද්ධාව මනසින් ඉවත් වෙලා අශ්රද්දාව මතුවෙනවා නම් අන්න එතන සිතන්න අකුසලයට සම වදිනවා අශ්රද්ධාව කියන්නෙමඅකුසලයක් . අපේ මනස කෙලෙසන අපේ මනස අඳුරු කර දමන අපේ මනසේ ශක්තිය හීන කර දමන මනස වික්ෂිප්ත කරන කළඹවන කල් අඹ වන ඕනෑම මනෝභාවයක් අකුසලයක්.

 

එවැනි මනෝභාවයක් අපේ මනසට ආ විගසම කුසල් අතුරුදන් වෙලා යනවා .කුසල් දහම් ආ සැනෙකින්ම අකුසල් දහම් අතුරුදහන් වෙලා යනවා කුසලය පවතින තැන අකුසලය පවතින්නේ නැහැ.ඒ වාගේමයි අකුසලය පවතින තැන කුසලය පවතින්නේත් නැහැ.

මේ දෙක වේගවත්ව මාරු වෙන්නත් පුළුවන්. නමුත් කුසල් සිතක අකුසල් හෝ අකුසල් සිතක කුසල් හෝ යෙදෙන්නෙ නෑ. ඒ නිසා යම් තැනක කුසල් සමාපත්තියත් තිබෙනවාද එතැන අකුසල සමාපත්ති යක් හටගන්නේ නෑ යම් තැනක අකුසල සමාපත්තිය තිබෙනවාද එතැන කුසල සමාපත්තියට ද ඉඩක් නැහැ

 

මොකක්ද මේ ශ්රද්ධාව….

රත්නත්රය ගැන පැහැදීම යි. ගුණ දැනගෙන ඇතිකර ගන්නා පැහැදීමයි. අමූලිකා ශ්රද්ධාව සහ අකාරවතී ශ්රද්ධාව වශයෙන් ශ්රද්ධාව දෙයාකාරයක් ගන්නවා .

අමූලිකා ශ්රද්ධාව කියන්නේ මූලයක් නැතුව පදනමක් නැතුව හේතුවක් නැතුව ඇසූ මාත්රයෙන් සිතුම් අතරෙන් හැඟුණු මාත්රයෙන් විශ්වාස කරනවා.පිළිගන්නවා. වැළඳ ගන්නවා ඒකට කියන්නේ අන්ධ භක්තිය කියලා

ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ නෑ ක්රමානුකූලව පදනමක් මත සහේතුකව ගුණ දැනගෙන කරුණු තේරුම් අරගෙන යම් කෙනෙක් පහදිනවා නම්…. එතන තියෙන්නේ අකාරවතී ශ්රද්ධාව එතකොට අපට මේ ශ්රද්ධාව උදව් වෙන්නේ අකුසලයෙන් නිදහස් වෙන්න.

 

ශ්රද්ධාව නමැති කුසලය තියෙනකොට අකුසලය මතු වන්නට ඉඩක් නැහැ. ශ්රද්ධාව නැති තැන අකුසලයට සම වදිනවා. එහෙනම් ඒකෙන් කියන අනෙක් කාරණය තමයි යම්මොහොතක අපේ මනසේ අකුසලයක් ජනිත වෙනවද ශ්රද්ධාව අපට උදවු කරගන්න පුළුවන් ඒ අකුසලය ප්රහාණය කරන්න.

ඒ වගේමයි යම්තාක් පුද්ගලයාගේ මනසේ පාප කර්මයන් කෙරෙහි ලජ්ජාව පවතිනවාද එතෙක් ඔහු ගේ සන්තානයේ අකුසල සමාපත්තිය නම් ඉඩක් නැහැ. යම් මොහොතක පව් වලට ලැජ්ජා වන ස්වභාවය ගිලිහිලා පාප ධර්මයන් ට අකුසල ධර්මයන්ට ට නිර්ලජ්ජී ස්වභාවය අවදි වෙනවා ද එකල්හි ඒ තැනැත්තාගේ මනසේ අකුසල සමාපත්තියට ඉඩ ලැබෙනවා.

ඊලග කරුණ වශයෙන් ඔත්තප්පය සඳහන් කරමු,.

ඔත්තපය කියලා කියන්නේ පව්කම් වලට බිය වෙන ස්වභාවය .මෙතන බිය කියන්නේ සියුම් වශයෙන් මතුවෙන ද්වේශය දෝස චෛතසිකයයි.

 

ශෝකය දුක ද්වේශය පිළිකුල අප්පිරියාව එපා වීම හැඬීම වැළපීම පසුතැවීම ආදී විවිධ වචන මේ නමින් හඳුන්වනවා . නමුත් ඒ සියල්ලම මූලිකවම පැමිණෙන අරමුණ ප්රතික්ෂේප කිරීමයි.

එක එක තැන්වල එක එක මුහුණුවරින් සිදුවන නිසා තමයි අපි ඒවාට වෙන වෙනම නම් භාවිතා කරන්නේ .

කිසි යම් කලෙක දී යම් පුද්ගලයෙකුගේ මනසෙහි ඔත්තප්පය නැගී සිටි ද එකල්හි ඔහුගේ මනසේ අකුසල පාප ධර්මයට ඉඩක් නැහැ. යම් කලෙක ඔත්තප්පය ගිලිහිලා ඔත්තප්පය හෙවත් අකුසල ධර්මයන් මතුවේ ද එකල්හි ඔහුගේ මනසේ අකුසලයට ඉඩක් ලැබෙනවා

අපි බලමු වීර්යය පිළිබඳව…. යම්තාක් පුද්ගලයාගේ මනස තුළ කෙලෙස් තවන වීර්ය පවතීද ඒතාක් ඔහුගේ මනසේ අකුසල සමාපත්ති යකට ඉඩක් ලැබෙන්නේ නෑ. යම් මොහොතක වීර්යය ගිලිහිලා කුසීත භාවය මතුවෙනව ද ඒ කාලයට ඒ පුද්ගල සන්තානය තුළ අකුසල සමාපත්තිය සිද්ධ වෙනවා

 

ඊළඟට ප්රඥාව …..

මහණනි ප්රඥාව යම් කෙනෙකුගේ මනසේ නැගී සිටී ද එකල්හි අකුසල සමාපත්තියට ඉඩක් නෑ. යම් මොහොතක ප්රඥාව ගිලිහී දුෂ් ප්රාඥ ස්වභාවය හෙවත් අවිද්යාව මතුවෙයිද ඒ කාලයට ඒ පුද්ගලයාගේ සන්තානය තුළ අකුසලයට ඉඩ විවර වෙනවා.

ශ්රද්ධාව හිරි ඔත්තප්ප වීරිය ප්රඥා කියන මේ කරුණු පහ බුදුරජාණන් වහන්සේ සූත්ර බොහෝ ගණනාවක දී විවිධ ක්රමවලින් දේශනා කරල තියෙනවා.

 

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අකුසල සමාපත්ති සූත්රය ඉන් එකක්. අපිට මෙතනදි වැදගත්ම වෙන්නේ මේ ධර්මතාවයන් උදව් කරගෙන අපි කොහොමද අකුසල සමාපත්තියෙන් නැගී සිටින්නේ කියන එකයි. අපි අපේ මනසේ අකුසල් දහම් රජ කරන්නට ඉඩ නොදී අපේ මනස රැකගන්නේ කොහොමද කියන එකත් මෙහිදී ඉතා වැදගත්…

මේ දහම් කරුණු ඔබ වෙත දැහැමි සිතින්…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here