සබරගමු කෘෂි විද්‍යාපීඨයේ පහරදීමට සම්බන්ධ සිසුන් රිමාන්ඩ්

0
10

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමේ සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කල ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු ලබන ( 14 ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද ( 12) පස්වරුවේ නියෝග කර තිබෙනවා.

ඔවුන් සමනල වැව පොලිසිය වෙත භාර වීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට සමනලවැව පොලිසිය කටයුතු කරනවා.

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට එම පීඨයේම සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) රාත්‍රියේ විදුලිය විසන්ධි කර පොලු මගුරැ වලින් පහර දිම හේතුවෙන් පහර කෑමට ලක්ව තුවාල ලැබූ එම සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කෙරුණා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here