සනත් නිශාන්තට දිවි අහිමි කළ අනතුරේ කන්ටේනරයේ රියදුරුගෙන් පැය 5ක ප්‍රකාශයක්

0
4

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට දිවි අහිමි කරමින් සිදුවූ රිය අනතුරට අදාළ කන්ටේනරයේ රියදුරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්කර ගත්තා.

කටුනායක කොළම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියයාම පිළිබදව තවදුරටත් පුළුල් පරීක්ෂණ සිදුකෙරෙනවා.

මෙම රිය අනතුර සිදුවූ ආකාරය සැක සහිත බැවින් ඒ පිළිබද පරීක්ෂණයක් සිදුකරන ලෙස සනත් නිශාන්ත මහතාගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකෙරෙනවා.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ රථයට ඉදිරියෙන් ගමන් ගත් කන්ටේනර් රථයේ රියදුරුට එම කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව ඔහු නීතිඥවරයෙකු සමග නාරහේන්පිට පිහිටි එම කොට්ඨාසයට පැමිණියා.

ඔහුගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here