සදතැන්නේ හිරු උදාව නරඹන්න අවස්ථාව…

0
9

නුවරඑළිය සදතැන්න පාරිසරික කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට හිරු උදාව නැරඹීම සඳහා නැවත අවසර ලබාදීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසිය.

ආණ්ඩුකාරවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

සදතැන්න (MOON  PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ  දුරකින් පිහිටි සදතැන්න සුන්දර සංචාරක කලාපයකි.

මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් පිහිටා ඇති අතර , සදතැන්නේ සිට ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනය වීම සදතැන්නේ විශේෂත්වයකි.

හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට කටයුතු කෙරිණ.

එහිදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන බවත්, රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහ කරන මෙම අවස්ථාවේදි සියලු දෙනා පක්ෂ පාට භේද පසෙකලා ආර්ථික සමාජිය දියුණුව උදෙසා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කිරිම වැදගත් බවයි.

මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ නිලධාරී මහතුන් , සංචාරක ප්‍රවර්ධකයින් කිහිප දෙනකු ඇතුලු පිරිසක් එක්වි සිටිහ.

– රංජිත් රාජපක්ෂ



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here