සතුට සහ බලාපොරොත්තුව – Sri News

0
4


අපි කාටද බලාපොරොත්තු නැත්තේ ? ඒ වගේමයි සතුටෙන් ඉන්න කවුද අකමැති ?

අපි දැන් ධර්මයට අනුව මේ සතුට හා බලාපොරොත්තුව අතර තියන සම්බන්දය ගැන සලකා බලමු….

මෙය සරලවම කිවුවොත් මේ සතුට හා බලාපොරොත්තුවල යථාර්තය ඔබ‍ට නොතේරෙන තාක් ඔබ මේ සසරෙමයි….

1) බලාපොරොත්තුවක්/ආශාවක්‌ ඇති කරගත්තා…

2) බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීම උදෙසා අධික ලෙස පෙලුණා…

3) බලාපොරොත්තුව / ආශාව ඉෂ්ට උනා….
ඔබට දැන් හ‍රි සතුටුයි….

මේක නේද යථාර්තය……

මෙය දැන් ක්‍රමානුකුලව පහදා ගමු.

අම්ම කෙනෙක් ගැන සලකා බලමු.

ඒ අම්මගේ දුව පාසල් ගොස් ගෙදර පැමිණීමට පමා වෙනවා

විනාඩි 15ක්‌,30ක්‌, පැයක් ප්‍රමාද වෙනවා.

ඔන්න දැන් මේ අම්මාගේ හදවත ගැහෙනවා.

එහෙට කෝල් කරනවා. මෙහාට කෝල් කරනවා.

එහෙට යනව.මෙහෙට යනව.භයෙන් බිරාන්ත වෙලා.

ඔන්න එක පාරටම අර දුව ගෙදරට ඇවිත් “අම්මේ,” කියාගෙන ගෙට එනවා.

දැන් මේ අම්මාගේ සතුට කොහොමද? මුළු ලොවම මේ අම්මාගේ වුණා වගේ නේද ?

ඇයි ඒ ?

මේ අම්මා තමාගේ දුව දැන් එයි.. දැන් එයි.. කියාගෙන බලාපොරොත්තුවක් තියාගත්තා.

දුව ප්‍රමාද වෙන්න වෙන්න අධික ලෙස පෙළුනා. පෙලීම කොයි තාක්ද අන්න ඒ තරමට ආශ්වාදයක් අම්මට දැනුන.

පොඩ්ඩක් හිතන්න. අර දූ පොඩ්ඩක්වත් ප්‍රමාද නොවී සුපුරුදු විදිහටම ගෙදරට නියමිත වෙලාවටම ආවනම් අම්මට ආවහම සතුටක් දැනෙයි ද ?

නැහැ නේද ?

ඔබ හිතන්න. අර අම්මට සතුට ගෙනත් දුන්නේ දුව නෙවෙයි නේද ? අර පෙලීම තමයි අම්මට අර සතුට ගෙනත් දුන්නේ..

එහෙනම් මේ සතුට ලැබෙන්නේ බලාපොරොත්තුවක් ඉටු කරගැනීමට ඔබ දරන අධික පෙලීම නිසාමයි.

තවත් උදාහරණයක් ගමු.

බිලියනපති පවුලක තරුණයෙක් හා හිඟන පවුලක තරුණයෙක් ගැන සලකා බලමු.

මේ දෙදෙනා ම එක වයසේ.

මේ දෙදෙනාම වාහන වලට ආසයි.

ඒත් අර බිලියනපති තරුණයට වහනයක් ගන්නවා කියන එක සුළු දෙයක්.

ඔහු ඉපදුනු දින පටන් මිල අධික වාහන පමණයි පැදලා තියෙන්නේ.

ඔහුට වහනයක් ගත්තා කියලා අමුතු සතුටක් ලැබෙන්නේ නෑ. ඇයි ?

ඒ තරුණයා වහනයක්‌ ගැන බලාපොරොත්තුවක් තියාගත්තෙ නෑ.

ඒ නිසා පෙලීමක් නෑ. පෙලීම නැති නිසා සතුටකුත් නෑ.

අර හිඟන කොල්ලා කුඩා කාලේ පටන් සුපිරි වාහන වලට ආසයි. අන්න බලන්න.

ආශාවක් ඇතිකරගත්තා.

අන්න ඒ ආශාව වෙනුවෙන් අධික ලෙස පෙළුනා.

ඉගනගන්නවා. නිදි මරනවා.පාඩම් කරනවා.හරිම වීර්යවන්තයි.

ව්‍යාපාරයක් පටන් ගත්ත.

ඒක දියුණු කරගත්තා. දියුණු වුණා. අන්න අධික පෙලීමක්‌.

ඔන්න සුපිරි වහනයක් ගත්තා. අර තරුණයාට මුළු ලොවම ලැබුනා වගේ නේද ?

ඇයි ඒ?

කුඩා කළ පටන් බලාපොරොත්තුවක් තියාගත්තා.පෙළුනා. බලාපොරොත්තුව ඉටු උනා… අන්න එයාට සතුටුයි…

දැන් බලන්න…. අර තරුණයින් දෙදෙනාට සතුට ලැබුනේ කෝටි ගානක වාහනය නිසා නෙවෙයි නේද ?

ඒ දෙන්නා පෙලුනේ කොයි තාක්ද අන්න ඒ මට්ටමටම සතුට ලැබුනා..

දැන් ඒ සතුට ලැබුනේ අර වහනය නිසා ද ?
නෑ, අර පෙලීම නිසාමයි..

ඔබ අධික ලෙස මහන්සි වී පාඩම් කරා.. අන්න විභාගය ඉහලින්ම සමත්.. ඔබ‍ට අධික ආශ්වාදයක් ලැබෙනවා නේද ?

ඔබ හිතන්න…. ඔබ ඉපදුන දවසේ පටන්ම ඔබ අති දක්ෂයි… එක වසර වාර විභාගයේ පටන් හැමදාම පන්තියේ පලවෙනියා…. ලකුණු සීයෙන් සීයයි..

ඒ ළමයා උසස් පෙළ සමත් උනා කියලා එයාට අධික සතුටක් ලැබෙන්නේ නෑ නේද ?
ඇයි ඒ…
ඔහු බලාපොරොත්තුවක් තියා ගත්තෙ නෑ.. ඔහු කොහොමත් දන්නවා… තමන් සමත් කියලා…. ඉතිං ඔහුට එතරම් ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි… ඉතිං ඒ තරම් ලොකු සතුටක් ඔහුට නෑ..

දැන් ඔබ හිතන්න…. ඔබේ සතුට ඔබ‍ට ලැබෙන්නේ ඇයි? අධික පෙලීමක්‌ නිසාමයි..

ලෝකයා විසින් ඔබ‍ට ලබා දුන් දෘෂ්ටියන්ට අදාලව ඔබ‍ පෙළෙන්නේ කොයි තාක්ද ඒ තාක් ඔබ‍ට මේ සසරේ බඩ ගෑමට සිදුවනවා…. ඒක ඒකාන්තයි…..

මෙම පෙලීම නැති කරගන්න තමයි අපි උත්සහ කරන්න ඕන…

ඔබ බලාපොරොත්තු කීයක් තියාගන්නවා ද ? අන්න ඒ තාක් ඔබ‍ට පෙලීමට සිදුවනවා.මහා සතුටක් වෙනුවෙන්නම් කමක් නෑ….. ඉතා අල්ප, අසාර පුංච් සතුටක් වෙනුවෙන්මයි..

අන්න ඒකට තමයි මේ උතුම් සද්ධර්මය තියෙන්නේ…. මේ සද්ධර්මය ඉතා ඉක්මනට මේ ලොවෙන් තුරන් වී යනවා…. තුරන් වී යන්නට ප්‍රථම ඉක්මනටම මේ ධර්මය අවබෝධ කරගන්න.

ප්‍රමාද වෙන්න එපා…අප්‍රමාදී වෙන්න…..ප්‍රමාද වෙලා පස්සෙ පසුතැවෙන්න එපා..
-බුදුරජාණන් වහන්සේ

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here