සතර අපායෙන් මිදී සුගතියේ ඉපදෙමු – Sri News

0
5


බොහෝවිට අපි ජීවත් වෙලා සිටියදීත් පින්දහම් කිරීමට හිතන්නේ නැහැ මැරුණට පස්සේ තමයි පාංසකූලයෙන් මේ සියල්ලම කරගන්න හිතන්නේ නමුත් කර්මානුරූපීව උපතක් සකස් වෙලයි තිබෙන්නේ
බාහිර කෙනෙකුගේ උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමාට තමාව පිළිසරණ කරගෙන මේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට අප අධිෂ්ඨාන කරගත යුතුයි ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පංච සේඛ බල තමා තුළ දියුණු කර ගත යුතු බව පෙන්වා දී තිබෙනවා ඒ තමයි සද්ධා, සීල, සුත, ත්යාග ,ප්රඥා, යන ගුණාංග
කෙනෙක් සිටින්නට පුළුවන් දුස්සීල ජීවිතයක් ගෙවා දමන. ඔහුට බුදුරජාණන් වහන්සේ නමකගේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයන් වහන්සේ නමකගෙන් ශ්රී සද්ධර්මය අහන්නට ලැබුණොත් ඊට පස්සේ එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදු ගුණ කෙරෙහි පැහැදීමක් ඇතිවෙනවා.

 

ඒ පැහැදීමත් සමඟ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කළ ධර්මය පිළිබඳව සිත පහදිනවා ඒ සමගම ඔහුට ශ්රද්ධාවත් පිහිටනවා ඊළඟට තේරුම් ගන්නවා මගෙන් මේ මේ වැරැද්ද වෙනවා එයින් මම අත් මිදිය යුතුයි කියලා.
ගුණවත් වීම සඳහා ශීලයෙහි පිහිටනවා එවිට ශ්රද්ධා සීලය සම්පූර්ණයි ඊට පසුව කල්පනා වෙනවා මම ජීවිතය ගැන අවබෝධයකින් තොරවයි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි තව තව තොරතුරු දැනගන්න ලැබුනොත් තව තවත් මට ජීවිතය ගැන දැනගන්නට පුළුවන් කියලා ඊට පස්සේ ධර්මය ඉගෙන ගන්නවා එතකොට පිහිටනවා සුතය. ඊළඟට තේරෙනවා ලෝභ කමත් කිලුටක් කියලා. මේ සෑම දෙයක්ම පොදි බැදගෙන සිටියට මේ සියල්ලම කවදාහෝ දාලා යන්න වෙන බව අවබෝධ කරගන්නවා තමාට ලැබෙන දේවල් බෙදා හදා ගන්න පෙළඹෙනවා එයින් ත්යාගය පිහිටනවා. ඔහු දකිනවා ලෝකය ගැන අවබෝධයක් නැතිව මිනිසුන් දුක් විඳින ආකාරය පිළිබඳව

 

මම මේ ගොඩට වැටෙන්නට ඕනෙ නැහැ කියලා තීරණයකට එනවා ලොවට නොඇලීම පිණිස අනිත්ය දුක්ක අනාත්ම වශයෙන් සිටීමට පෙළඹෙනවා. එවිට ප්රඥාව වර්ධනය වෙනවා මේ ආකාරයට සද්ධා සීල සුත ත්යාග ප්රඥා කියන සේඛ බල වර්ධනය කරගෙන අපාය මාර්ගයෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වූ කෙනෙක් බවට පත්වෙනවා.
මේ නිසා අප තේරුම් ගන්නට ඕන ප්රේත ලෝකයේ කොටසකට හරි පින් අනුමෝදන් කරන්න පුළුවන්. නමුත් නිරයේ හෝ තිරිසන් ලෝකයේ උපන්නොත් එසේ පින් අනුමෝදන් වීමක් කරන්නට බැහැ.
ඒ නිසා මෙබඳු ශෝකජනක ඉරණමක් කරා යන්න තිබෙන ඉඩකඩ වැඩියි ඒ නිසා එයින් වලකින ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

 

ඒ නිසා තමයි අපි තම තමා තමන්ට ආදරය කරනවා නම්, තමා ආරක්ෂා කරගන්න කැමති නම්, වහ වහා මේ ධර්ම මාර්ගයට පිවිසිලා ධර්ම මාර්ගය දියුණු කර ගැනීම කළ යුත්තේ…..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

The post සතර අපායෙන් මිදී සුගතියේ ඉපදෙමු appeared first on Sri News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here