සජිත් කියන 6ට මාලිමාවත් මනාපයි – Sri News දේශීය පුවත්

0
9

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයට සමගි ජනබලවේගය ලබාදුන් දිනවලින් එළඹෙන 6 වනදා විවාදය පැවැත්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එවැනි විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සදහා අවස්ථාවක් ලබා දීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් බව යළිත් අප අවධාරණය කරනවා.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here