සජිත් උප්පැන්න සහතිකයත් සභාගත කළ රහස සජබ හෙළිකරයි !

0
23


සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කරන එක පහුගිය අවුරුදු ගාණක් තිස්සේම දේශපාලන විරුද්ධවාදීන් කරපු දෙයක්. ආණ්ඩුවේ ඉන්න ජවිපෙ – මාලිමා කට්ටිය වගේම මෑතකදී මාලිවට සෙට් වුණු පරණ රාජපක්ෂවාදීනුත් දිගටම ඕක කළා. ඒ හැමෝටම සජිත් එදා පාර්ලිමේන්තුවේදී උත්තර දුන්නා.

අධ්‍යාපන සහතික සභාගත කළාට පස්සෙත් කට්ටිය ආයෙ පොටක් අල්ලාගෙන විහිළු කරන්න පටන් අරන් තිබුණා සජිත් උප්පැන්න සහතිකේත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලාය, ඒකෙන් වැඩක් නැතිය කියලා. ඇමති නලින්ද ජයතිස්සත් ඔය කතාව කැබිනට් මාධ්‍ය හමුවේදීත් කියලා තිබුණා.

ඉතින් අපි ඔය ගැන සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ කෙනෙකුගෙන් අහලා බැලුවා. ඔහු දුන්නේ මෙහෙම උත්තරයක් ….

“ඔව්, අපේ ලොක්කා උප්පැන්න සහතිකේත් ගෙනල්ලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඕනෙ නම් කසාද සහතිකේත් එදා ඉදිරිපත් කරන්න තිබුණා. මොකද අපේ ලොක්කාට ඔය ඕනෙ එකක් පෙන්වන්න පුළුවන් ඒවායෙ තියෙන්නෙ ඇත්ත නිසා. හැබැයි ඔතන ඉන්න හුඟ දෙනෙකුට උප්පැන්න සහතිකේවත් පෙන්වන්න බෑ, මොකද ඒකෙ තියෙන්නෙ ඔය දැන් පාවිච්චි කරන නම නොවෙන නිසා. ඔය ගොඩක් අය උප්පැන්නේ නමේ කෑලිවලට වෙන වෙන කෑලි දාලා අලුතින් හදාගත්තු නම් තමයි පාවිච්චි කරන්නෙ. සමහරුන්ගෙ උප්පැන්නෙ තියන වයස නෙවෙයි ඒගොල්ලො එළියට කියන්නෙ. වෙන එකක් තියා ඔතන උප්පැන්න සහතික දෙක දෙක තියෙන, අයිඩින්ටි කාඩ් දෙක දෙක කට්ටිය පවා හිටියානෙ, අපේ ලොක්කාට එහෙම ප්‍රශ්න නෑ. කසාද සහතික තියා පවුල් පිටින්ම හංගාගෙන ඔතන ඉන්න සමහරු ජීවත් වෙන්නෙ, අපේ ලොක්කාට එහෙම හංගන්න දේවල් නෑ. හැමදාම කාල් ගගා ඉඳපු උපාධි කතාව ඉවරයක්ම වෙන්න තමයි ලොක්කා ඔක්කොම සහතික ටික පාර්ලිමේන්තුවේ සභාගත කළේ. අර රන්වලගේ හුටපටෙන් වෙච්චි ලැජ්ජාව වහගන්න බැරිව ආණ්ඩුවේ කට්ටිය දඟළනවා ගලේ පහරපු බළල්ලු වගේ, ඔච්චරයි ඔතන කතාව”

කොහොමවුණත් ඔය උපාධි රණ්ඩු ටික ඔතනින්වත් නවත්තලා මින් ඉදිරියටවත් ආණ්ඩු පක්ෂය රටේ මිනිස්සුන්ගේ ඇත්තම ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නත්, කතාව විතරක් නෙවෙයි ප්‍රශ්න විසඳන්න වැඩ පටන් ගන්නත් උනන්දු වෙනවා නම් හොඳයි කියලා තමයි සාමාන්‍ය ජනතාව නම් කියන්නේ ….



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here