සජබයෙන් නෙරපීමට එරෙහිව ඩයනා ඉදිරිපත් කළ පෙත්සම කල් යයි – Sri News දේශීය පුවත්

0
7

තමන් සමගි ජන බලවේගයෙන් නෙරපීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම ලබන 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවුවා.

එහිදි ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු දැක්වුවා.

ඔහු ඉල්ලා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දීම සදහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 28 වනදා කැදවන ලෙසත් පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධ තීරණය එදින දැනුම් දෙන ලෙසත් නියම කෙරුණා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන අය ඇතුලු පිරිසක් නම්කර තිබෙනවා.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here