ශියා බටර් ආලේපයෙන් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ.. – Sri News

0
9

ඔබේ සම සඳහා භාවිතා කළ හැකි හොඳම මොයිස්චරයිසර් වර්ග වලින් එකක් ලෙස ශියා බටර් ( Shea butter ) සැලකෙනවා. මෙමඟින් සමට ලැබෙන බොහෝ ප්‍රතිලාභ නිසා සහ සමට ඉතා පහසුවෙන් අවශෝෂණය වන අමු ද්‍රව්‍යයක් නිසා මෙය බහුතරයක් රූපලාවන්‍ය නිෂ්පාදනවල පොදු අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ශියා බටර් වලින් ඔබේ සමට ලබාගන්නට පුළුවන් විශ්මිත ප්‍රතිලාභ ගැනයි.

ශියා බටර් කියන්නේ මොනවද ? 

එඬරු ගසේ ඇටවලින් ලබා ගන්නා මේදය ශියා බටර් ලෙස හඳුන්වනවා.එය එඬරු ගසේ ඉදුනු ගෙඩි නිස්සාරණය කර ලබා ගන්නා ස්වාභාවික මේදයක්. එය කාමර උෂ්ණත්වයේදී කහ පැහැයට හුරු බටර් වැනි මෘදු නමුත් ඝන ද්‍රව්‍යයක්.ශියා බටර් වල අත්‍යවශ්‍ය මේද අම්ල සහ විටමින් බොහෝමයක් අඩංගු වන අතර එහි 60 % ක්ම අඩංගු වන්නේ බටර් වල ස්වභාවයයි. 

ශියා බටර් වලින් සමට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද ? 

සමේ තෙතමනය ආරක්ෂා කරයි 

ශියා බටර් වල විටමින් A සහ විටමින් විටමින් E අඩංගු වන අතර එය සම සඳහා ඉතාම හොඳ  තෙතමනකාරකයක් ලෙස ක්‍රියා කරනවා.එහි ඇති බටර් අනුකූලතාවය හොඳ මෘදුකාරකයක් ලෙස සැලකෙන නිසා වියලි සහ දැවිල්ල සහිත සම හොඳින් සමනය කරනවා.

වයසට යාමේ ලක්ෂණ සමග සටන් කරයි 

ශියා බටර් කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර එමගින් වයසට යාමේ ලකුණු අඩු කිරීම ,සම මත රැළි ඇතිවීම පාලනය කිරීම සහ සම මත ඇති සියුම් රේඛා අඩු කිරීම සිදු කරනවා.

සම පෝෂණය කරයි 

ශියා බටර් සම සඳහා භාවිතා කිරීමේදී කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරමින් සම පෝෂණය කරන අතර ශියා බටර් වල ස්වාභාවිකවම අඩංගු වන බොහෝ විටමින් වර්ග සහ අත්‍යවශ්‍ය පෝෂක මගිනුත් සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා.

ආසාත්මිකතා අඩු කරයි 

සම මත ඇතිවන කුෂ්ඨ , දද , කෘමි දෂ්ට කිරීම් , රතු ලප සහ අනෙකුත් ආසාත්මිකතා සුව කිරීමේ හැකියාව ශියා බටර් සතුව තිබෙනවා. විශේෂයෙන්ම මෙහි අඩංගු වන ප්‍රතිබැක්ටීරිය ගුණ මගින් සමෙහි ඇතිවන බොහෝ තත්ත්වයන් සමනය කරනවා.

Sunscreen එකක් ලෙස ක්‍රියාකරයි

ශියා බටර් හොඳ හිරු ආවරණ කාරකයක් ලෙස සැලකෙනවා. එය පාරජම්බුල කිරණ සහ හිරු කිරණ වලින් සම ආරක්ෂා කරනවා.ඒ වගේම සමේ පිළිකා ඇතිවීමේ අවධානම ද අඩු කරනවා.

විවිධ කාලගුණ තත්ත්වයන් වලින් සම ආරක්ෂා කරයි 

සීතල අධික සහ උෂ්ණත්වය අධික කාලවල් වලදී සම වියළීමට ලක්වීම ඉතාම සාමාන්‍ය දෙයක්. මෙවැනි තත්ත්වයන් වලදී සම ආරක්ෂා කර ගැනීම සඳහා ශියා බටර් යනු ඔබට භාවිතා කළ හැකි හොඳම අමු ද්‍රව්‍යවලින් එකක්.

කුරුලෑ කැළැල් අඩු කරයි 

ශියා බටර් වල අඩංගු වන පෝෂ්‍ය පදාර්ථ මගින් ඔබේ සම ස්වාභාවිකවම සුවපත් කරන නිසා කැලැල් පටක සෑදීම අඩු කිරීමට උපකාරී වෙනවා. මේ නිසා කුරුලෑ කැලැල් අඩු කිරීමට ශියා බටර් ඉතා හොඳ දායකත්වයක් ලබා දෙනවා.

සමේ කැසීම අඩුකරයි 

ශියා බටර් වල අඩංගු වන මොයිස්චරයිසින්  ගුණය ගුණය නිසා එමඟින් සමේ තෙතමනය ආරක්ෂා කරමින් අධික වියළි බව නිසා සම මත ඇතිවන කැසීම සාර්ථක ලෙස සමනය කරනවා. 

සමේ දැවිල්ල අඩු කරයි 

ඔබ සම ආශ්‍රිත ගැටලු වලට ඉක්මන් විසඳුමක් සොයන කෙනෙක් නම් ඔබට ලබා ගත හැකි හොඳම විසඳුමක් ලෙස ශියා බටර් සැලකෙනවා.ශියා බටර් වලට වේගයෙන් සම තුළට කා වැදීමේ හැකියාව ඇති අතර සිනමික් අම්ලය සහ මේද අම්ල වැනි ප්‍රති-ගිනි අවුලුවන කාරකයක් තිබීම නිසා දැවිල්ල සමනය කර ඔබට සහනයක් ලබා දෙනවා.

මෙවැනි ප්‍රතිලාභ බොහොමයක් ලබාදෙන ශියා බටර් ඔබට ඔබේ දෙතොල් වල වියළි බවටත් ,හිස කෙස් වල වියළි බවටත් භාවිතා කරන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔබ අධික තෙල් සහිත සමක් සහිත අයෙක් නම් ශියා බටර් හෝ ශියා බටර් අඩංගු වන නිෂ්පාදන භාවිතා කිරීම එතරම් සුදුසු නොවන බවත් අපි ඔබට මතක් කරන්නට ඕනේ. 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here