ශ්‍රේණියේ ඉස්සරහට පනහක් පැන ගැසූ ගෝලයෙන් ලංකාවට ඓතිහාසික ජයක්

0
11


ශ්‍රී ලංකාව කලෙක සිට පාපන්දුවේ ඉහළට ආවේ නැත.සිටියේ 200 පහළය.200 දක්වා ඉහළ නැග්ගත්,මියන්මාරය ඉදිරියේ පරාජය වීම සහ ජය පරාජයෙන් තොරව අවසන් කිරීම නිසා යළි 2024 ඔක්තෝම්බර් 24 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 203 වන තැන පසු වන්නේය.

එසේ බලන විට 154 ක් කියන්නේ 50 න් පමණ පිටුපසය.ආසන්න ගණන 49 ක් වුව දළ වශයෙන් 50 ක් කීම අසාධාරණ නැත.එවැනි කතාවක් ගත්තේ මේ දිනවල ශ්‍රී ලංකාව තරග වඳින යේමනය සිටින්නේ ශ්‍රී ලංකාවට දළ වශයෙන් කණ්ඩායම් 50 පමණ ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය අනුව ඉදිරියෙන්ය.

එහෙත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තුළින් දිස්වන්නේ දැන් අලුත් හැඩයක්ය.ලාංකේය සම්භවයක් ඇති විදේශීය ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන,ලංකාවේ පාපන්දු සංස්කෘතියට වඩා ඉහළ තලයක ඉහළින් ක්‍රීඩා කරන පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට පැමිණ නැත.ඒ හරහා යේමනය සහ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් අතර පරතරය පියවා ගන්නට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට වඩා ශ්‍රේණි 50 ක් ඉදිරියට පැන එහි සිටි යේමනයට එරෙහිව ගෝලයක් ලබා ගත්තේය.එය ජයග්‍රහණයට ප්‍රමාණවත් විය.
එම ගෝලයද ශ්‍රී ලංකාවේ පාපන්දුවේ අලුත් සංස්කෘතිය නිර්මාණය කරන්නට කැඳ වූ ජැක් හිංගර්ට් ගේ හිසින් වාර්තා වූ එකක් විය.දැන් ලංකාවේ ජයග්‍රහණ ගැන වගේම බුද්ධිමත්ව බලන කෙනෙකුට ලෝකයේ පාපන්දුවේ උසස් සංස්කෘතික අනන්‍යතා සමඟ හැඳෙන වැඩෙන අයගේ දස්කම්වල ප්‍රමාණය ගැන ද,සමීප අත්දැකීමක් උකහා ගන්නට අපහසු නැත.එසේනම් කණ්ඩායම තුළට පමණක් ඒ උසස් තත්ත්වය ගෙන ඒම වෙනුවට එය පොළවේ පැළ කරන්නට ද,එම දක්ෂයන්ගේ භාවිතාව යොදා ගැනීම ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ වගකීම වන්නේය.

දෙවන තරගය 19 දා ය.එදාටත් මේ ආකාරයටම තරගය විසඳා ගන්න ශ්‍රී ලංකාව සමත් වුවහොත් බොහෝ විට ඊ ළඟ ශ්‍රේණිගත කිරීම සිඳුවන මොහොතට එද්දී ශ්‍රී ලංකාව 200 න් මෙපිටනම් රැඳෙනු ඇතැයි සිතිය හැකිය.වැඩි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගන්නට,දැනට කණ්ඩායම සමඟ සිටින වඩා දක්ෂ ආයෝජනය කළ ක්‍රීඩකයින් සමඟ ආසන්න කාලයක් ඇතුළත, ජාත්‍යන්තර තරග අවස්ථා ඉහළ නංවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.ඔවුන් කණ්ඩායමේ ජය පිපාසය සිඳවන මෙන්ම රටේ පාපන්දුවේ නියඟය හමාර කරන වැසි දිය ද කර ගැනීම කල්පනා කළානම් වටින්නේය.

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී තරගය, මැද පෙරදිග යුද ගිණි සමඟ නිතර ඈදී තිබෙන කතා කරන යේමනයට සම්බන්ධ නිසා ආරක්ෂාව ගැන ඇතිවන ගැටළුව ආවර්ණය කරන්නට ද පිළියම් සකසා තිබිණි.සමහර විට 19 වන දා පැවත්වෙන තරගයද මේ ආකාරයෙන්ම කටාර්වල ආරක්ෂක විධි විධාන යටතේ සහභාගීත්වයෙන් තොර විය හැකිය.)

තරගය නරඹන්න,
(https://web.facebook.com/FFOSL/videos/2010577409372653)



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here