ශ්‍රී ලයන්ස් ගැටළුවත් පමා කළ නිලවරණය නිසා මතු වූ ගැටළුවක් බවට පත්වන ලකුණු

0
14


මේ මොහොත වන විට ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාවෙන් පිටත වැඩ කිරීම නිසා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඇත.ඔහු නිසි පරිදි නිලවරණය පැවත්වීමට අපොහොසත්විම නිසා එල්ල වූ චෝදනා නිසා ඉවත් කරන්නට යෙදුණ පරිපාලනයේ සභාපතිවරයාම සම්පත් දායකයා ලෙස යොදා ගෙන ශ්‍රී ලංකා රගර් පාලනයට ගත් උත්සාහය නිසා මේ ගැටළුවලට මුහුණ පාන්නට මෙන්ම තවත් රගර් කේෂ්ත්‍රයේ සිඳු විය යුතු වෙනස්කම් සිඳු කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇත.

මේ වන විට ඒ කාණ්ඩයට උසස් කරන ලද ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ක්‍රීඩා සමාජ කිහිපයක් විරෝධය පළ කරමින් ඇත.දීර්ඝ කාලයක් තිස්සේ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ කිහිපයක් පමණක් සිය අධිපති භාවිතාව ඇතුළේ ක්‍රීඩා කිරිම සීමා කර ක්‍රියා කිරීම අවසන් කිරීම හමාර කර කණ්ඩායම්වලට දක්ෂතාවය අනුව පෙරට යන්න අවස්ථාව තිබිය යුතුය.එවිට හොඳින් කළත් නොකළත් ඒ කාණ්ඩයේ රැදී සිටීමට මෙන්ම ඒ කාණ්ඩයේ වරප්‍රසාද භුක්ති විඳින්නට සිඳු වන්නේ නැත.

මේ ඉහළ පහළ යෑමේ -ඒමේ උවමනාව රගර් දියුණු තලයකට ගෙන ඒමට මඟ පාදනු ඇත.එහෙත් මේ මොහොතේ ඒ ක්‍රියාවලිය සිඳුවන්නේ රගර් ව්‍යවස්ථාවෙන් පිටත තැනකදී යම් නීතිමය නොවන තත්ත්වයක යන්න බරපතල ගැටළුවක් වෙමින් ඇත. 2024 මැයි 29 වන දින එය අත්හිටුවීමට පෙර, ශ්‍රී ලයන්ස් කණ්ඩායම ඇතුළත් කිරීම සඳහා සභාව කිසිදු නිල අනුමැතියක් ලබා දී නොමැති තත්ත්වයක,වගකීම් ඉටු නොකරන ලද නිසා ඉවත් කරන්නට යෙදුණ පරිපාලනයේ ලොක්කා සමඟ එක්ව ගත් මේ තීරණය වැරදි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව කරුණු දක්වන්නන් පෙන්වා දෙයි.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන පරිදි ඉවත් කළ පරිපාලනයේ සභාපතිවරයා එම වගකීමට පත් කිරීම තමන්ගේ කාර්යයක් නොව අමාත්‍යවරයාගේ සහ ලෝක රගර් සම්මේලනයේ එකඟතාවයක් මත සිඳු වූ එකක් බවය.එසේනම් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කර ඇත්තේ බරපතල අවැඩකි.එක අතකින් නුසුදුසු යැයි කියා ඉවත් කරන පුද්ගලයෙක්ම එහි පාලනය ගෙන යාමට සුදුසුයැයි යෝජනා කිරීමය.පලමු නුසුදුසු බවේ ලිපිය අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයක් ලෙස එන අතර දෙවැනි පත් කිරීම තමන්ගේ බලය යොදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතින් කර ඇත.සමහර විට හරීන් ප්‍රනාන්දු දුටු සෑම තැනකම හිටපු සභාපතිවරයාට ‘සර්‘ ලෙස අමතන්නට ගෞරව කරන්නට හේතු වූ පෞද්ගලික කාරණාවක් එහි තිබුණා විය හැකිය.

මේ අතර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවත් අතකින් සටන් කරමින් සිටින්නේ තමන්ගෙ ආධිපත්‍යය රැක ගන්නට වෙනත් ක්‍රීඩා සමාජ ඒ කාණ්ඩයට අවශ්‍යය නැතැයි පවසන ක්‍රීඩා සමාජවලට නිලවරණයේ බලයක් ලැබෙනාකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන ව්‍යහුයක් සකස් කිරීමටය.එසේම ප්‍රාදේශිය සංගම් සඳහා මෙම ක්‍රීඩා සමාජවලට ආශිර්වාද කරන පුද්ගලයින් පත් නොවන්නේ ඇයි ද කියන කාරණය ද අවධානයට යොමු වී නැත.එසේ වීමට හේතුව හැටියට කුඩා ක්‍රීඩා සමාජ මේ සුවිශාල ක්‍රීඩා සමාජවල පාවහන් යට තැලී පොඩි වී නැගිටීම වැළක්වීමේ වේදනාවෙන් සිටීමද බලපාන්නට බැරිද?

ශ්‍රී ලයන්ස් වැනි අලුත් ක්‍රීඩා සමාජ මතු නොවන තැනට වැඩ කරන්නේ එම ක්‍රීඩා සමාජ කිහිපයක් බමුණු කුලය සේ සුරැකිව තබා ගැනීමේ උවමනාව නිසා වන්නට බැරිද යන කාරණයද මේ ව්‍යවස්ථා සංශෝධන වෑයමට දාන බර අතරේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කල්පනා කළ යුතුය.එවැන්නක්නම් හොඳ වැඩෙන පැලවලට වල් නාශක ගැසීමේ චෝදනාවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද,අසීමීත නින්දා ගැරහුම් ලබමින් වෙනස් කරන්නට උත්සාහ දරන ව්‍යවස්ථාව හරහාම පත් විය හැකිය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here