ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් රන් සහ රිදී පදක්කම් දිනා කටුනායකට – Sri News නවතම පුවත්

0
16

තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්‍ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා ගෙන ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා
මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 05/20 දින සිට 05/22 දින දක්වා පවත්වා තිබුණා.
එහිදී මීටර් 400 × 4 සහාය දිවීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්   සහභාගී වූ කාලිංග කුමාර , අරුණ දර්ශන , පසිදු කොඩිකාර සහ දිනුක දේශාන් ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානය පත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
එසේම මීටර් 400 × 4 මිශ්‍ර සහාය ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ අරුණ දර්ශන , පසිදු කොඩිකාර , සයුරි මෙන්ඩිස් සහ නදීශා රාමනායක එම තරගයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා මීටර් 100 × 4 පිරිමි කණ්ඩායම සහ මීටර් 100 × 4 කාන්තා කණ්ඩායම සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි.
 මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 05/22 දින රාත්‍රී 10.12 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් , මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා යූධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here