ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශ්‍රී ලංකාවට දුන් ජයක් – Sri News

0
16


සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 27 කොළඹ (LNW): ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර තරගාවලි දෙකක් පැවත්වීම කෙරෙහි විශ්වාසය තැබීම ශ්‍රී ලංකා බැඩිමින්ටන් ලැබූ ජයකි.විශේෂයෙන් එවැනි තරගාවලියක් පැවත්වීමට ශ්‍රී ලංකාව සතු හැකියාව පිළිබඳව විශ්වාසය තබන්නට ජාත්‍යන්තරය පෙළඹීමම අතිශයින් වැදගත් කාරණයකි.
එය පහසුව සඳහා කාර්යබහුල කොළඹ රඳවා ගැනීම වෙනුවට, සංචාරක ආකර්ශණය සහිත දක්ෂීණ වෙරළ තීරයේ දඩල්ල ගෘහස්ථ ක්‍රීඩා සංකීරණය කේන්ද්‍ර කර පැවත්වීමට තීරණය වීම අපූරු අදහසක් හැටියට ගත හැකිය.එය පාරිසරික සාධක මතම නැවත තරගාවලිය නියෝජනයට පැමිණෙන්න හිතෙන අදහසක් වනු ඇත.එය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් සම්බන්ධයෙන් කරනු ලබන දිගු ආයෝජනයක් ද වනු ඇත.

  1. ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය 2024 – පෙබරවාරි 5-11
  2. ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලිය 2024 – පෙබරවාරි 12 – 18
    ඒ නිසා මේ තරගාවලි දෙකේදී දිනන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න තරගාවසානයේ ප්‍රචාරය තිරීම මෙන්ම තරගාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම ද ජයග්‍රහණයක් ලෙස සටහන් කර තැබීම වැදගත්ය.වසර නවයකට පසුව ජාත්‍යන්තරයට විවෘත වන බැඩිමින්ටන් ඉසව්වක් ශ්‍රී ලංකාවට පැමිණෙන මොහොත,ශ්‍රී බැඩිමින්ටන් ශ්‍රී ලංකාවට ලබා දෙන ජයග්‍රහණයක් වන්නේ ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව හැකිලී තිබෙන මොහොතක,ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය හිඟ වපසරියක,ශ්‍රී ලංකා බැඩිමින්ටන් ජාත්‍යන්තර සම්මේලනය දිනා ගැනීමෙන් නොනැවතී,ශ්‍රී ලංකාවේ පවතින තරගාවලියකට ඉල්ලුම්පත් යොමු කර තරගකරුවන් සහ තරගකාරියන් සහභාගි කරවා ගැනීමට තරම් විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි වී තිබීමෙන්ය.
    සති දෙකක පමණ කාලයකට සංචාරක වශයෙන් ඓතිහාසික මෙන්ම සෙෘන්දර්යාත්මක වටිනාකම් බහුල ස්ථාන සහිත පුරවරයකට 500 ට අධික පිරිසක කැඳවීමට හැකිවීම නැවත නැවත දිරි දී රැකගත යුතු වැඩ සටහනකි.ඒකල තරග අංශයට ඩොලර් 80 ක් ද,යුගල තරග අංශයට ඩොලර් 100 ක් ද ලෙස ඇතුලත්වීමේ ගාස්තු ගෙවා තරගාලියට පැමිණීමටනම් අයෙක් එම තරගාවලියේ සංවිධානය ගැන තැබිය යුතු විශ්වාසය වැදගත් වන අතර නිල වශයෙන් නවාතැන් පහසුකම් සැපයීමට ජෙට්වින්ග් සහය ලැබුණත්,ඇඟිළි අඟ රැඳුණ ලෝකයක විවිධ මාර්ගගත තොරතුරු ජලා මඟින් මේ වන විට දඩල්ලට සමීපව සිය සොඳුරු නවාතැන් පිළිබඳව විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට අවශ්‍යය ඔත්තු සපයාගෙන තිබෙන බව සිතිය හැකිය.
    සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩකයින් සිය පුහුණුකරුගේ සිට සම්භාහකයින්,වෛදළු උපදේශකයින් මෙන්ම අභිප්‍රේරකියින් ද ඇතුළු කාර්ය මණ්ඩල සමඟද පැමිණෙන බැවින් මේ තරගාවලියට පැමිණෙන ප්‍රමාණය ක්‍රිඩක හිස් ගණනින් ගණනය කරන්නට අපහසුය.ඇතැම් විට දකුණ වෙරළත්,එහි සංචාරක වටිනාකම් සහිත ඓතහාසික ස්ථාන මෙන්ම,ලංකේය ජනමනස හා සබැඳි වන්දනීය ස්ථාන මෙන්ම සෞන්දර්යාත්මක වටිනාකම් සහිත ස්ථාන ද, ක්‍රීඩකයින් සමඟ සහභාගිවන පිරිස ඉහළ යා හැකි අතර බොහෝ විට මේ තරගාවලිය ඉදිරි වසරවල වැඩි ආකාර්ශණයක් සහිත තරගාවලියක් කරන්නට, ඉහත හේතු බොහෝ සෙයින් හේතු විය හැකිය.
    රටවල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය වැදගත් වන්නේ ඔලිම්පික් ශ්‍රේණිගත කිරීමට අවශ්‍ය ලකුණු එකතුවෙන ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති තරගාවලියක් බවට මේ තරගාවලිය පිළිගැනීමට ජාත්‍යන්තර සම්මේලනයේ විශ්වාසය තහවුරු වි ඇති බැවින්ය.
    ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයෙන් තව දුරටත් ක්‍රිකට් මෙන් ජාත්‍යන්තරය හා සම තත්ත්වයකට බැඩිමින්ටන් පහසුකම් උසස් කර ගැනීමේ තත්ත්වයන් පුළුල් කර ගැනීමට හැකියාව ඇත්නම් එය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ යාමට ද බලපානු ඇත.එසේම ක්‍රීඩක හැකියාවන් සංවර්ධනයටද එය අතිශයින් වැදගත් වනු ඇත.
    මේ වන විට සංචාරක සහ ක්‍රිඩා අමාත්‍යංශ මට්ටමෙන් මේ තරගාවලියට ලැබෙන සහයෝගය වැදගත් වන අතර ක්‍රීඩා අමාත්‍යංශය මේ තරගාවලිය ක්‍රීඩාව සම්බන්ධයෙන් වන විවිධ මාර්ගවල සංවර්ධනයට ඉවහල්වන ආකාරය කියවා ගැනීම ඉදිරි දැක්මට අතිශයින් වැදගත් වනු ඇත.ක්‍රීඩාවේ සංවර්ධනය එය පවතින පොළව විසින් ලබා දෙන පහසුකම්වලට සාපේක්ෂ වන අතර මේ වන විට ශ්‍රී ලංකාව දක්ෂයන් පෝෂණය කිරීමට වෙනත් බිම්වල පොහොරින් යැපීම ලබන්නට වැය කරන ධනය,කාලය මෙරට පොළව තුළ ලබා ගත හැකිනම් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශණීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද ශ්‍රී ලංකාව දියුණු තලයකට ගෙන ආ හැකිය.
    එසේම මේ පෙනෙන චලනයන් ඉක්මවා යන ආකාරයේ දැවන්ත කාර්යයක් අභ්‍යන්තරයෙන් සිඳුවන තරගාවලි දෙකක් ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයේ ආශිර්වාදය වී ඇති අනුග්‍රාහකත්වය කිසිවිටෙක අමතක කරන්නට අපහසුය. Li-Ning, Mobil, Mc Foil, 3M, Rovin යන වෙළද නාම මේ තරගාවලිය හරහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්තියද තබන හැම පියවරකම ඒ අනුග්‍රාහකත්වයේ සෙනෙහස සමඟ තබන දැවන්ත පිය සටහන් ද,ස්වර්ණමය ලෙස අනාගතය දෙසට ගමන් කරනු ඇත.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here