ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් සෝමාලියා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට | Sri News

0
12


කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා හලාවත දික්ඕවිට වරායෙනුයි ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ.

මෙම පැහැර ගැනීම ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ද තහවුරු කර තිබෙනවා.

අරාබි මුහුදේ දී මෙම යාත්‍රාව පහැරගැනීමට ලක්වී ඇති අතර එය “ලොරෙන්සෝ පුතා 04” නමැති බහුදින ධීවර බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි සඳහන්.

යාත්‍රාවේ සිටින ධීවරයින් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් කියාසිටියේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here