ශ්‍රී ලංකා ට්විටර් කතාන්දරයේ සුපිරි ම චරිත 7ක් – Sri News

0
4

ට්විටර් කියන්නෙ දැන් නම් ලංකාවේ බුකිය තරම් ම සාමාන්‍ය දෙයක්. හැබැයි ට්විටර් එකයි බුකියයි කියන්නේ දෙකක්. ට්විටර් එකේ දී අපිට හමුවෙන්නේ ආගන්තුක මිනිස්සු. එහෙම ලංකාවේ එකතු වුණ පිරිස එක පවුලක් විදියට ඉන්නවා. එයාලා අවුරුද්දට සැරයක් එකතු වෙනවා. වැඩ ගොඩයි. ඉතින් එහෙම වෙන්නේ මේක ඇතුළේ හිටපු සහ ඉන්න මිනිස්සු නිසානේ. එයාලා ගැනත් දැන කියාගමු. 



ගොඩක් දෙනෙක්ට ශ්‍රී ලංකාවේ ට්විටර් සම්බන්ධයෙන්  ලොකු අයියා වුණේ මෙයා තමයි. ට්විටර් ආදි වාසියෙක් නිසා ම ගොඩක් දෙනෙක් අලුතින් ට්විටර් එකට එනකොට මේ කවුද කියන්න ගොඩක් අය දැනගෙන හිටියා. දැන් නම් පළාතේ නැහැ. @GayanMW කියන්නේ ඉතා ම නිර්මාණාත්මක මනුස්සයෙක්. ඒ වගේ ම ඉංග්‍රීසි භාෂාව වතුර වගේ හසුරුවන්න පුළුවන්. අනික් එක නිර්මාණශීලිකම එක්ක එකට ගියපු විහිළු තහළු ටික. එකෙන් ම මල් මසුරන් ඈ. සෝෂල් මීඩියාවලින් ලෙජන්ඩ්ලා හැදෙන්නේ නෑ කියලා කියනවා නම් කෙනෙක් උන්දැට කන පළලා මේ අකවුන්ට් එක පෙන්නන්න පුළුවන්. හැබැයි දැන් නම් ඒකේ තණකොළත් වැවිලා. ඒ මදිවට තඩි ඉබ්බෙකුත් දාලා අකවුන්ට් එක ඇතුළට යන්න බැහැ. කොහොම වුණත් අදටත් ඔහුගේ නම ඔහු ගැන දන්නා අය නිතර මතක් කරනවා.



මේ වෙනකොට ට්විටර් එකේ ඉන්න ආතල්වලින් පිරුණ මනුස්සයෙක් තමයි මේ. බොරු කැටයම් නෑ ඕනි කෙනෙක් එක්ක සැපේ ඉන්නවා. ඉක්මනට අනික් මිනිස්සුත් එක්ක යාළු වෙනවා. ඒකට ඉතින් ගෑනු පිරිමි භේදයක් නෑ. ඒ ගතිය නිසා ම ද කොහෙ ද ඉතින් කට්ටිය මෙයාට කියන්නේ ‘රනුක අයියා බූ’ කියලා. ඕනි ම ගෑල්ලමයෙක්ගේ නම්බරයක් මෙයා ගාව තියෙනවා. ඒත් තාමත් තනිකඩයි ඉතින්. ටික් ටොක් ලෝකෙන් නැති කරලා දාන්න ලොකු පරිශ්‍රමයක් ගන්නවා. ගොඩක් ඉවෙන්ට්වල සංවිධායක කමිටුවේ ඉන්නවා. බොක්කෙ තියන දේ ම කටෙත් තියෙන සුපිරි ම කොල්ලෙක් තමයි.



කට්ටිය නම් දන්නේ බැද්දගේ අයියා කිව්වම. බැද්දගේ අයියගේ ට්වීට් පොඩි උන් ළඟ තියන් කියවන්න පුළුවන් ඒවා නෙවේ මොක ද කොයි වෙලේ ද කියලා කියන්න බෑ. කොයි වෙලේ මොනවා කියවයි ද කියන්න දන්නේ නෑ. ඒ කිව්වේ ඇඩම්ස් ඔන්ලි සීන්. එහෙම මිනිස්සුන්ගේ හිත හොඳයි කියනෝ නේ. බොරු කැටයම් නෑ. ඕනි කෙනෙක් එක්ක සුහදශීලියි. එක අතකට බැද්දගේ අයියගේ අනන්‍යතාව තමයි නොසරුප් කතන්දර කියන්නේ. ඒවා නැත්නම් මේ ලැයිස්තුවේ එයාගේ නම නැහැ.



ශ්‍රී ලංකා ට්වීට් එක ට්විටර් එකට ම වෙන් වුණ එසැණ පුවත් ට්වීට් කරන සහෝදරයෙක්ට අයිති අකවුන්ට් එකක්. ට්විටර් එකට සම්බන්ධ වෙන හැමෝ ම අනිවාර්‍යයෙන් ම ෆලෝ පාරක් දාන්න ඕනි අකවුන්ට් එකක් තමයි මේ. මේකේ පුද්ගලබද්ධ බයිලා කිසි දෙයක් නෑ. තනිකර ම තියෙන්නේ ප්‍රවෘත්ති. එහෙමයි කියලා අපිට එයා එක්ක කතා නොකර ඉන්න ඕනි කියලා සෑහෙන ඔෆීෂියල් ගතියක් නෑ. යමක් ඇහුවොත් ඒකට රිප්ලයි ට්වීට් එකක් අනිවාර්‍යයෙන් ම දානවා. ට්විටර් ඉවෙන්ට්වලට පවා නිතර ම එන හැමෝ එක්ක ම කතා කරලා හිනා වෙලා ඉන්න සුහද පුද්ගලයෙක් තමයි මේ අකවුන්ට් එකේ අයිතිකාර මහත්තයා වෙන්නේ.



පත්තර කන්තෝරුවක නෝනා කෙනෙක්. ඉතින් කොහෙ තියෙන්නෙත් ලියවිලි තමයි. මෙතුමියගේ අනික් සෝෂල් මීඩියා අකවුන්ට්ස් තිබ්බට මොකෝ ට්විටර් එක එයා පාවිච්චි කරන්නේ ඒ හැම එකක ම එකතුවක් විදියටයි. කවි නම් එහෙමයි, පොටෝ කෑලි නම් එහෙමයි, ත​ව ඉතින් බ්ලොග් ආර්ටිකල් එහෙමත් ලියැවෙනවා. කලාවට ආදරේ කරන බොහෝ දෙනෙක් මෙයාව ෆලෝ කරනවා. රිට්වීට් කරන ඒවත් (බුකියේ ඒකට කියන්නේ ෂෙයාර් කියලා) ඔක්කොම ලෝකයේ කලාව සම්බන්ධ අලුත් අලුත් දේවල්. ට්විටර් ඉවෙන්ට්වලටත් හැම පාර ම වගේ එනවා.

 



ලංකා ට්විටර් සමාජයේ ඉන්න ඇවිදින ක්‍රිකට් විශ්වකෝෂය තමයි මේ. ආය ඉතින් නොදන්න දෙයක් නැහැ. කොහොම මෙච්චර දේවල් මතක තියන් ඉන්නවා ද කියන්න නම් හිතාගන්න බෑ. ආය මේ කොහෙන්වත් බලලා එහෙම නෙවේ මතකෙන් තමයි ඔක්කොම ක්‍රිකට් ආශ්‍රිත ඒවා කියන්නේ. එහෙමයි කියලා රොබෝටික්කෙක් වගේ පුද්ගලයෙක් නම් නෙවෙයි. ට්විටර් එකේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තු හුරුබුහුටි ටෙනිස් බෝල දෙකක් තරම් උස නැති කොලු පැටියෙක්.



මේත් තවත් පුරාවෘත්තයක් තමයි. පිට පිට ට්විටර් එකේ විහිළුකාරයාට හිමි සම්මානය දිනපු දකුණු රටේ කොල්ලා. ඉස්සර හොඳට කොණ්ඩේ තිබ්බා. දැන් නම් තට්ටේ. ඒ නිසා ද දන්නේ නැහැ ට්විටර් එකෙන් අයින් වෙලා තමයි ඉන්නේ. සිංගල් ට්‍රැවලර් කියලා සීන් එකක ඉන්නවා. ඔෆිස් පීපල්ලා එක්ක සෙල්ෆි ගහලා දානවා බුකියේ නම්. මෙහේ ට්විටර් එකේ තණකොළ වැවෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here