වෙඩි වැදී ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට

0
9

මල්වතුහිරිපිටය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පොලිස් නිලධාරියා ඊයේ (11) රාත්‍රීයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here