වෙඩින් එකකට දෙන්න හොඳ ගිෆ්ට් අයිඩියාස්! – Sri News

0
6

සාමාන්‍යයෙන් දැන් කාලේ කවුරුහරි වෙඩිමක් කිව්වහම “ෂහ් මරු, වෙඩිමක්!” කියලා හිතෙන්නෙ නැති තරම්. ඒකට හේතු තියෙනවා. වෙඩිමක් කියලා කාඩ් දීලා ගියාට පස්සේ අඳින්නේ මොනවද කියලා හිතන්න ඕන. කොල්ලෙක්ට ගෙදර තියෙන කෝට් එක දාගන්න සයිස් එකට හිටියොත් නං ෂර්ට් එකක් විතරයි ගන්න වෙන්නේ. නැත්තං සරමකට වගේ බහින්න පුළුවන්. කෙල්ලෙක්ට තමයි ලොකුම ප්‍රශ්නේ. කොහෙන් ගියත් අලුතින් මොනවහරි ගන්නම වෙනවා.

ඊට පස්සේ දෙවෙනියට එන ප්‍රශ්නේ තමයි මගුල් ගෙදරට මොනවද ගෙනියන්නේ කියන එක. සාමාන්‍යයෙන් සල්ලි දෙන එක තමයි දැන් කාලේ ට්‍රෙන්ඩ් එක සහ වුවමනාව. හැබැයි ඉතින් දැන් හොටෙල් එකක ප්ලේට් එකක ගණන් වල හැටියට සූටි සුපියල් දාහක් දීලා ෂේප් වෙන්න බෑ. අනික් කාලා සල්ලි කවරෙක දාලා දීලා එන එක නිකං හොටෙල් එකේ ගාණ දීලා එනවා වගේ කියලා හිතෙන අයත් ඉන්නවා. අන්න එහෙම අයට වැඩිපුර ගැලපෙන්නේ තෑග්ගක් දෙන එක තමයි. තෑග්ගක් දෙන එකේ තියෙන ප්‍රශ්නේ තමයි තෑග්ගක් තෝරගන්න එක. ආන්න ඒ වැඩේට උදවුවක් දෙන්න තමයි අපි මේ ලැහැස්ති වෙන්නේ!

බලන්න මේ තෑගි වලින් එකක් වෙඩින් එකට කලින් සෙට් කරගන්න පුළුවන් වෙයිද කියලා!

 

ඇත්තටම කියනවා නම්, වෙඩිමකට දෙන්න පුළුවන් තෑගි අතරේ තාමත් උඩින්ම තියෙනවා ඩිනර් සෙට්, කෝප්ප සෙට් එහෙම. හැබැයි ලඟම කඩේට ගිහිල්ලා ගන්න ඩිනර්, කෝප්ප සෙට් නං මේකට හරියන්නෙ නෑ. හොඳම දේ තමයි පිටකොටුවේ එහෙම පොඩ්ඩක් ඇවිදලා අන්කොමන් ඩිනර් සෙට් එකක්, කෝප්ප සෙට් එකක් ගන්න එක!

 

දැකලා තියෙනවද මැටි භාණ්ඩ තියෙන තැන්? ඒ කියන්නේ එක්ස්පෝට් කොලිටි එකට මැටි භාණ්ඩ හදන අය ඉන්නවා. ඒ වගේ ෂෝ රූම් එකකට ගිහින් බලන්න එතන තියෙන ටෙරා කොටා කෝප්ප සෙට්, ඩිනර් සෙට්, තේ පෝච්චි සෙට් එහෙම කොහොමද කියලා. ඒවල මාරම වෙනසක් තියෙනවා තෑග්ගක් විදියට. විශේෂයෙන්ම මේවා දුඹුරු, කළු වගේ තනි වර්ණ වලින්, මැටි ගතිය ඉස්මතු වෙන්න හදලා තියෙනකොට මාරම වෙනස්. තෑග්ගකට කදිමයි!

 

ටිකක් ලොකුවට පේන්න, වැඩි ගාණක, ප්‍රයෝජනවත් තෑග්ගක් ගන්න හිතනවා නම් මේකත් හොඳ ඔප්ෂන් එකක්. හැබැයි මේ වගේ තෑග්ගක් ගන්න කලින් මනාල යුවළට කල් තියා කථාකරලා අහලා ඉන්න වෙනවා. මොකද වෙඩිම වෙනකොට හනිමූන් යන්න බඩුත් පැක් කරලා අහවරයි. එතකොට සූට්කේස් සෙට් එකක් දුන්නට වැඩක් නෑ. ඒත් කලින් අහලා හිටියොත්, මනාල යුවළ ගාව සූට්කේස් නැතිනම් ට්‍රැවලින් සූට්කේස් සෙට් එකක් නියම තෑග්ගක්. ගොඩක් වෙලාවට හනිමූන් යනකොට සූට්කේස් සල්ලි දීලා ගන්නවට වඩා කාගෙන් හරි ඉල්ලගන්න එකනේ කරන්නේ. ඒ නිසා දහ දොළොස්දාහක් වියදම් වුනත්, මේ තෑග්ගේ වටිනාකම හැමදාටම වැඩි වෙනවා.

 

මේ තෑග්ග ඉතාමත් කදිමයි ගෙදර හුරතලේට හැදුණු, උයන්න පිහන්න ඒ තරම් බැරි කපල් එකකට. මොකද හුරතලේට හැදුනා කියලා වෙඩිමෙන් පස්සේ හුරතල් වෙවී ඉන්න බැහැනේ. කන්න බොන්නත් ඕන. ආන්න ඒ නිසා දෙන්නට පොත බලාගෙන  උයන්න පිහන්න පුරුදු වෙන්න කියලා ගන්න හොඳ කොලිටි ආහාර වට්ටෝරු පොත් ටිකක්. ඉංග්‍රීසි එව්වා නම් ගණන් වැඩියි. දැන් ඔය රෙසිපි පොත් එක්කම පැක් කරන්න ආහාර අමුද්‍රව්‍ය ටිකකුත්. ඒ කියන්නේ පාස්තා, මැකරෝනි, සෝස් වර්ග වගේ මාස ගාණක් වුනත් අවුලක් නැතුව කල් තියාගන්න පුළුවන් ඒවා. ඔන්න තෑග්ග රෙඩී. හැබැයි මතක ඇතුව තෑග්ග දීලා කියන්න දෙන්නට ඇතුළේ මොනවද තියෙන්නෙ කියලා.

 

මෙන්න මේකත් බොහොම සරල, හැබැයි ප්‍රායෝගික තෑග්ගක්. ඒ තමයි ගිෆ්ට් වවුචර් එකක් අරගෙන දෙන එක. මේ ගිෆ්ට් වවුචර් එක කීල්ස් හරි කාගිල්ස් හරි සුපර් මාකට්‍ එකක බඩු ගන්න වෙන්න පුළුවන්, අබාන්ස්, සීඩ්ල්ස්, සිංගර් වගේ තැනකින් බඩු ගන්න වෙන්න පුළුවන්, සරසවි බුක්ෂොප් වගේ තැනකින් පොත් ගන්න වෙන්න පුළුවන්, තිලකවර්ධන වගේ තැනකින් ඇඳුම් ගන්නත් වෙන්න පුළුවන්. ඔය මොකක් වුනත් වටිනවා. හැබැයි කපල් එක කොයි විදියේද කියලා හිතලා මතලා තමයි මේක ගන්න ඕන. උදාහරණයක් විදියට, පොත් කියවන්නෙ නැති ඩබලකට සරසවි බුක්ෂොප් ගිෆ්ට් වවුචර් කන්නද?

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here