වී වේල වේලා ඉද්දී මරුවා රැගෙන යයි

0
3

යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍ර‌දේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් තිබෙනවා.

මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here