දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැලිගම , කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් අනියුක්ත කර තිබේ.
අද අලුයම සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව, පොලිසිය පැවසුවේය.
යතුරුපැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබේ. තවත් පුද්ගලයෙකුගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී තුවාල ලබා ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියා සිටී.
සබැඳි පුවත්
Sri News Media