Home ගොසිප් පුවත් විශේෂඥ දොස්තර දවස් 2ක් හිරකරගෙන ලක්ෂ 40ක කප්පම් ඉල්ලලා ගූගල් සිතියම අනුව...

විශේෂඥ දොස්තර දවස් 2ක් හිරකරගෙන ලක්ෂ 40ක කප්පම් ඉල්ලලා ගූගල් සිතියම අනුව මෙහෙයුමක්

0
5


badulla-doctor-kidnap-incident

බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරයකු රුපියල් ලක්ෂ 40 ක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් මීටියාගොඩ ප්‍රදේශයේ නිවෙසක සිර කරගෙන සිටිය දී පෙරේදා (7) රාත්‍රී බේරාගත් බව හික්කඩුව පොලිසිය පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පැහැරගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

කප්පම් ලබා ගැනීම සඳහා මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකි.විශේෂඥ වෛද්‍යවරයා පැහැරගෙන ගිය තැනැත්තා මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි උපකාර පන්ති ගුරුවරයකු බව පොලිසිය පවසයි.සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විශේෂඥ වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් නොමග යවා මීටියාගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන මෝටර් රථයක බලහත්කාරයෙන් දමාගෙන විත් මෙසේ මීටියාගොඩ ප්‍රදේශයේ දින දෙකහමාරක් තිස්සේ සිරකරගෙන සිට ඇතැයි කියති.
තමා තිදෙනෙකු ඝාතනය කර ඇති බැවින් රුපියල් ලක්ෂ හතළිහක කප්පම් මුදලක් ලබා නොදෙන්නේ නම්

තමා අතින් මැරුම් කන සිවුවැනියා බව පවසමින් විශේෂඥ වෛද්‍යවරයා බියකර ඇති බවත් ඔහු කප්පම් මුදල ලබාදීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වීමට තිබුණේ තවත් පැය හතරක් බවත් පොලිසිය කියයි.පොලිස් සහන මැදිරියෙන් සිය පොලිස් ස්ථානයට විශේෂඥ වෛද්‍යවරයකු කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා සිරකරගෙන සිටින බවට තොරතුරු දුන් බවත් ඒ සමගම විශේෂඥ වෛද්‍යවරයා සිරකරගෙන සිටින නිවෙසට යන ගූගල් සිතියම ද එවා තිබූ බවත් පොලිසිය කියයි. පොලිස් සහන මැදිරියෙන් දුන් තොරතුරු හා ගූගල් සිතියම අනුව විශේෂඥ වෛද්‍යවරයා සිරකර ගෙන සිටි නිවෙස සොයා මෙහෙයුමක් ආරම්භ කළ බව හික්කඩුව පොලිසිය කියයි.
මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදී එම නිවෙස වසා තිබූ බවත් නිවෙසේ කවුරුන් හෝ සිටින බවට දැනගන්නට ලැබූ නිසා දොරට ගසා කතා කිරීමෙන් පසු සැකකාර උපකාර පන්ති ගුරුවරයා දොර ඇරගෙන පැමිණි බවත් පොලිසිය කියයි. නිවසේ වෙනත් කෙනෙකු සිටීදැයි කළ ප්‍රශ්න කිරීමේ දී තමාගේ මිතුරකු කාමරයක සිටින බව

සැකකාර උපකාර පන්ති ගුරුවරයා පැවැසූ හෙයින් ඔහු සොයා යෑමේ දී උඩුකය නිරුවත් පිරිමි අයෙකු සිටිනු දැක ඇත.
ස්වරූපය අනුව ඔහු මේ නිවෙසේ කැමැත්තෙන් සිටින බවක් නොදුටු නිසා නිවැසියාගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී සියල්ල හෙළිකර ඇත.ටියුෂන් ගුරුවරයා කප්පම් ඉල්ලීමට භාවිත කළ ජංගම දුරකතනයක් ද පොලිසිය විසින්

අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර උපකාරක පන්ති ගුරුවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා මීටියාගොඩ පොලිසියට බාරදී ඇති අතර කප්පම්කරුගෙන් බේරාගත් විශේෂඥ වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ නිවෙසට පිටත් කර යැවූ බව පොලිසිය පවසයි.
එම්. සුසිල් ප්‍රියන්ත



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here