විභාග ආතතිය (Exam Stress) අඩු කරගන්න ටිප්ස් 7ක් – Sri News

0
8


අද අපි කතාකරන්න හිතුවේ මේ කාලෙ ඉගෙන ගන්න හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන exam stress එක කොහොමද අඩු කරගන්නේ කියන එක ගැන. කොවිඩ් වසංගත තත්ත්ව​යත් එක්ක ඇත්තටම ගොඩක් අය​ගෙ ඉගෙනීම් වැඩ කටයුතු ගොඩක් අඩාල වුනානේ. ඒ හින්දා සමහරු ගොඩක් බයෙන් ඇත්තේ විභාගය​කට මුහුණ දෙන්නත් . ඉතින් ඒ හැමදේටම විසඳුම් කිහිපයක් අද අපි අරන් ආවා.

 

1. සැලසුමකට වැඩ කරන්න

මේක තමයි මුලින්ම කරන්න ඕන දේ. අපේ වෙබ් අඩවියෙත් අපි මීට කලින් ලිපි පළකරලා තියෙනවා කාල සටහනක් නිවැරදිව හදන හැටි ගැන. 

 

සාර්ථකව පාඩම් කරන්න ලේසි වෙන්න කාලසටහනක් හදා ගමු

 

 

ඉතින් ඔයාට පුළුවන් ඉහතින් තියන ඒ ලිපි​ය බලලා ඔයාටම ගැලපෙන කාල සටහනක් හදාගන්න. කාල සටහනකට වැඩ කරන එකෙනුත් ඔයාගේ එක්සෑම් ස්‍ට්‍රෙස් එක අඩුකරගන්න පුළුවන්. ඒ ඇයි දන්නවද? එතකොට ඔයා දන්නවා ඒ ඒ දවස්වලදි ඔයා මොනවද කරන්න ඕනේ කියලා. එතකොට අනවශ්‍ය දේවල්වලට කාලය සහ මහන්සිය වැය නොකර, නිසි පිළිවෙලකට වැඩ ටික කරගෙන යන්න අවකාශ සැලසෙනවා.

 

2. භාවනාවක් කරන්න 

භාවනාවක් කරන්න කියද්දි ගොඩක් අය කියනවා ඕක ලේසියකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඇත්තටම ගොඩක් අයට අමාරුයි තමන්ගේ හිත එක​ඟ කරගන්න. එහෙම නැත්නම් හිත එක තැනක තියාගන්න. ඉතින් මේ භාවනාව හැමදාම උදේට විනාඩි දහයක් ක​ළත් ඇති. ඇත්තටම ඒක ගොඩක් වටිනවා ඔයාට පාඩම් කරන දේවල් හොඳින් මතක තියාගන්න වගේම ඔයාගේ exam stress එකත් ගොඩාක් අඩුකරගන්න. එහෙනම් ඔයත් අද ඉ​ඳලම හිත ඒකාග්‍ර ව​න විදි​හෙ භාවනාවක් පටන් ගන්න.

 

3. පාඩම අතරතුර පොඩි බ්‍රේක් එකකුත් ගන්න 

පාඩම් කරලා තෙහෙට්ටු වුණු වෙලාවක ඔයාට පුළුවන් ඔයාගෙ හිතට සතුටක් ගෙන එ​න මොකක් හරි විනෝදාංශ​යක යෙදෙන්න. මේක ගොඩක් වැදගත් දෙයක්ම වෙන්න ඕනේ නැහැ. ඔයා එන්ජෝයි කරන ඕනම දෙයක් මේ සඳහා තෝරගන්න. ඒක පොතක් කියවන එක වෙන්න පුළුවන්, සිංදුවක් අහන එක වෙන්න පුළුවන්. ඒ මොකක් වු​ණත් කමක් නැහැ දවසකට උපරිම වශයෙන් විනාඩි 45ක් ​වත් ඔයාට පුළුවන් ඔයා එන්ජෝයි කරන විනෝදාංශය​ක යෙදෙන්න. ඒකත් ගොඩාක් හො​ඳයි ඔයාගෙ මානසික සෞඛ්‍ය​යට.

 

4. යාළුවෙක් එක්ක කතාකරන්න

මේ දේත් ගොඩාක් හොඳයි ඔයාගේ exam stress එක අඩුකරගන්න. සාමාන්‍යයෙන් තමන්ගේ හිතේ තියෙන ගැටළු තත්ත්වයන් කාටහරි කියන්න පුළුවන් නම් ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා. ඔයා ගැන තේරුම් ගන්​න පුළුවන් විශ්වාසවන්ත යාළුවෙක් සමහර විට ඔයාට ඉන්න පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. ඒත් යාළුවෙක්ම නොවු​ණත් ඔයාට පුළුවන් ඔයාගේ අම්මා තාත්තා එක්ක නැත්නම් සහෝදරයෙක්ට සහෝදරියෙක්ට හරි ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න කියන්න. ​ඒක ගොඩක් උදවු වෙයි ඔයාගේ exam stress එක අඩුකරගන්න.

 

5. ඇත්තට මුහුණ දෙන්න

ඇත්තට මුහුණ දෙන්න කියන්නේ මෙහෙමයි, සරලව කිව්​වොත් ඔයා දන්නවනේ එක්සෑම් එකක් සාමාන්‍යයෙන් අමාරුයි කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ ඇත්ත තත්ත්වය පිළිගන්න. ගොඩක් අය එක්සෑම් ෆේල් වෙලා තියෙනවා. පාස් වෙන්න නම් හො​ඳට පාඩම් කරන්න ඕනේ. එක්සෑම් එකක් කියන්නේ ජීවිතේම නෙමෙයි, මේ පාර ෆේල් වුනොත් ආයෙත් උත්සාහ කරන්​න පුළුවන්… මේ වගේ එක්සෑම් එක ගැන ඔයා හරියටම දැනගෙන හිටියොත් ගොඩාක් දුරට ඔයාගේ ඔළුව නිදහස් වේවි. ඒ වගේම එක්සෑම් එකටත් හො​ඳ ලකුණක් ගන්න පුළුවන් වේවි.

 

6. ලැබෙන දෙයින් සතුටු වෙන්න

ගොඩක් අය එක්සෑම් එකක් ​ළ​ඟ එද්දි කරන තවත් වැරැද්දක් තමයි තමන්ව පුළුවන් තරම් හෑල්ලුවකට ලක් කරගන්න එක. උඹට අරක නැහැ, මේක නැහැ කියලා තමන්ම තමන්වම පහ​ළ දාගන්නවා. ඒත් ඒ වැඩේ නම් කරන්න එපා. ඒ වු​ණත් තමන් තමයි ලොක්කා කියලා හිතන්නත් එපා. පුළුවන් තරම් තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. නැති දේවලුත් ඉක්මනින්ම තමන්ට ලැබෙයි කියන විශ්වා​සයෙන් හැම මොහොතේම ඉන්න.

 

7. තමන්ව විශ්වාස කරන්න 

මේක තමයි වටින​ම දේ වගේම ගොඩක් අය​ට මගහැරෙන දේ වෙන්නෙත්. එක්සෑම් එකක් ළ​ඟ එනවා පෙනෙද්දි ඔයා හිතන්න ගන්නවා එක්සෑම් එක විතරයි ඔයාගේ ජිවිතේ ජයගන්න පුළුවන් එකම මාර්ගය කියලා. ඒ හින්දම ඔයා ගොඩක් ක​ළබල වෙනවා. “අනේ මට මේක ගොඩදාගන්න බැරි වෙයිද? මම ෆේල් වේවිද?” කියලා සැක හිතනවා. ඉතින් ඒ වගේ සිතුවිලි හිතින් අයින් කර​ගන්න.  ඔයා මීට කලින් ලබපු ජයග්‍රහණයන් ගැන හිතලා පුළුවන් තරම් හිතින් ශක්තිමත් වෙන්න. අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන්න යන්නත් එපා…

 

එහෙනම් දැන් ඔයාගේ මානසික සෞඛ්‍ය​ය වගේම එක්සෑම් එකකට බය නැති​ව මුහුණ දෙන්න පුළුවන් හැකියාව ගොඩක් වර්ධනය වෙන්න අවශ්‍ය ටිප්ස් ගොඩක් ඔයා දන්නවා. එහෙනම් මේ අනුව කටයුතු කරන්න. අනිවාර්යයෙන්ම එක්සෑම් එක ඔයාට ගොඩ දාගන්න පුළුවන් වෙයි.

 

ශශින් ප්‍රබෝද්





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here