විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය දෙන්න සැරසෙන මෛත්‍රීපාල | Sri News

0
9

විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට ජනමත විචාරයක් පැවැත්වූවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහය හිමි වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණු සම්මන්ත්‍රණයක් අමතමින්.

නිදහස පිළිබඳ නිර්මාණශීලී විචාරාත්මක ප්‍රවේශයක් ගෙන එමින් “නිදහස වෙනුවෙන් අපි“ නම් වූ විශේෂ සම්මන්ත්‍රණය කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, පක්ෂ ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් පිරිසකගේ සහභාගීත්වයෙන්.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here