විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදනවා – විපක්ෂ නායක

0
8


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව ආණ්ඩුව පැවසුවත් එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණයකට ඡන්දය ලබා දීමෙන් පසුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමින්.

එමෙන්ම ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය වී ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ආසන්නයේ බව ද විපක්ෂ නායකවරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කෙසේ වෙතත් නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here