Google search engine
Home ගොසිප් පුවත් විදේශ කත බේරගන්න මූදට පැන්න දෙදරු පියාගේ සිරුරු කොටස් මූදේ

විදේශ කත බේරගන්න මූදට පැන්න දෙදරු පියාගේ සිරුරු කොටස් මූදේ

0
27

ahangama-incident

 අහංගම හෝටල් පාසල මුහුදේ ගිලී මියගොස් ගල්වැටියක හිරවී තිබූ ත්‍රී රෝද රථ රියදුරුගේ මළසිරුරෙ ඉතිරි කොටස් ඊයේ (15) මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බව අහංගම පොලිසිය පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ අහංගම, අරන්වල පදිංචිව සිටි ජයවීර පටබැඳිගේ ප්‍රභාත් බුද්ධික නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා මුහුදේ ගිලෙන විට ඇඳ සිටි රතු පැහැති කොට කලිසම මළසිරුරේ තිබූ බව ද පොලිසිය වැඩි දුරටත් කීය. අහංගම හෝටල් පාසල අසල මුහුදේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික කාන්තාවක බේරාගැනීමට ගිය මොහු එම කාන්තාවගේ ජීවිතය බේරාදී ඇතත් ඔහු මුහුදේ ගිලී අතුරුදන්ව තිබුණි. පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ කිමිදුම්කරුවන්

ෙමම මළසිරුර ගල්වැටියක හිරවී ඇති බව සොයාගෙන තිබූ නමුත් එම සිරුර ගොඩගත නොහැකි ලෙස ගල්වැටියක හිරවී තිබූ බව දැක ඇත. එම නිසා මළසිරුර ගොඩගැනීම නාවික හමුදාව සහ ප්‍රදේශයේ කිමිදුම්කරුවන් අතහැර දමා තිබුණි.

මේ අතර පසුගිය වැනිදා ප්‍රදේශයේ තරුණ කිමිදුම්කරුවන් සිවු දෙනෙක් ගල්වැටිය වෙත පීනා ගොස් හිරවී තිබූ මළසිරුරේ හිස කොටස සහ අතක කැබලිද ගොඩබිම වෙත ගෙන එනු ලැබූහ.එවිට හබරාදුව හදිසි මරණ පරීක්ෂක ගීතා චතුරාණි මහත්මිය එම ස්ථානයට ගොස් මූලික මරණ පරික්ෂණය පැවැත්වූවාය. පසුදින කරාපිටිය රෝහලේදී සාක්කි සටහන් කරගත් මරණ පරීක්ෂකවරිය පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළාය. ඒ අනුව කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සී.ජී. පෙරේරා මහතා මෙම මළසිරුර පිළිබඳ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කළ යුතු බව නිගමනය කළේය.

එම වාර්තාව අනුව මරණ පරීක්ෂකවරිය ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කොට වාර්තාව ලැබෙන තෙක් මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශ කළාය.මේ අතර මළසිරුරේ ඉතිරි කොටස් හමුවීමෙන් පසුව එම ස්ථානයට ඊයේ සවස නැවත පැමිණි හදිසි මරණ පරීක්ෂක ගීතා චතුරාණි මහත්මිය මළ සිරුරේ එම කොටස් නිරීක්ෂණය කොට එම කොටස් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.

මේ අතර දැනට එම මළසිරුරේ බොහෝ කොටස් හමුවී ඇති නිසා ඩී එන් ඒ පරීක්ෂණයක්  කළ යුතුද නැතහොත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නේද යන්න පිළිබඳ  අධිකරණ වෛද්‍ය නිලධාරි යු සී.ජී. පෙරේරා මහතා ගන්නා පියවර අනුව තීන්දුව ප්‍රකාශ කරන බව ගීතා චතුරාණි මහත්මිය පැවසුවාය. අහංගම පොලිසියේ සැරයන් සාලිය මහතා  මරණ පරික්ෂකවරියගේ කටයුතුවලට සහාය විය. මේ පිළිබඳ පශ්චාත් මරණ  පරීක්ෂණය පැවැත්වුවහොත් එම පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිතය.

සුමතිපාල දියගහගේ

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here