විදුලි සැපයුමක් ලබා ගැනීමේදී අය කරන තැන්පතු මුදලට පොළියක්

0
13

විදුලි සැපයුම් ලබා ගැනීමේදී මෙරට ලක්ෂ 68ට ආසන්න විදුලි පාරිභෝගිකයන් විදුලි බල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100ට ආසන්න තැන්පත් ගාස්තු වෙනුවෙන් සියයට 11.67ක වාර්ෂික පොළියක් කඩිනමින් ජනතාව වෙත ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අද (පෙබ. 13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

විදුලි බල පනත යටතේ ගෙවිය යුතු එකී පොළිය 2023 වසර වෙනුවෙන් ගෙවීමට මේ වන විටත් සියලු පියවර ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් විදුලි හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ, එම සංගමයේ ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන්, හා එම සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෙයිරාජා, ගාමිණී අමරසේකර හා යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම කැඳවනු ලැබිණි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here