විජයදාසගේ විරෝධතා ඉවතට – දුමින්ද ඉල්ලූ වාරණය ගැන කරුණු සලකාබැලීමට තීරණයක්

0
6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ නඩුවට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබාදුන්නා.

මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති නිසා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට විජේදාස රාජපක්ෂගේ නීතිඥවරු ඊයේ (14) දින විරෝධතා මතු කර තිබුණා.

ඒ, අනුව දුමින්ද දිසානායක ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන බව නියෝගයේ සඳහන් වුනා.

එම වාරණ නියෝගය පිළිබඳව වැඩිදුරටත් අද (15) දහවල් කරුණු දැක්වීමට නියමිතයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here