වැසි වැඩි වෙයි… ප්‍රදේශ රැසක ගංවතුර අවධානමක්..

0
21

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයෙ වැඩි වීමක් අද (18) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා ජනක කුමාර මහතා පැවසීය.

ඒ අනුව ඇතැම් ප්‍රදේශ වලට 100mm ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ඉදිරියේදි ගංවතුර අවධානමක් මතුවිය හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික් 08 නිකුත් කර නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

මේ අතර නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ඒ දිවයින වටා මුහුද ඉතා රළු විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිණි.

– නාගොඩ සුමන උදයන්ත

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here