වැඩිදියුණු වූ ක්‍රමවේද වලට හිඟාකන 2.0 හිඟන්නෝ – Sri News

0
4

හිඟාකෑම බැරිවුණ තැන ලගී ගයා මර ගී. එහෙම කිව්වට නියම වෘත්තීය හිඟන්නන්ට නම් කවදාවත් තමුන්ගේ හිඟාකෑම බැරිවෙන්නෙ නැහැ. එයාලට වෙන අනතුරක් ආබාධයක් කියන්නෙත් වෘත්තීය හිඟන්නෙක්ට තවත් ආදායම් මාර්ගයක්. වැරදීමකින් හරි තුවාලයක් වුනොත් ඒක බැඳගෙන මාස ගාණක් තිස්සේ සල්ලි ගන්න විදිය හිඟන්නෝ දන්නවා. එකම ජාතියේ හිඟන අය වැඩි වුනාම හිඟන්නෝ අලුත් අලුත් ක්‍රම අත්හදා බලන්න ගත්තා. ඒ විදියට හිඟා කන අලුත් ක්‍රම මොනාද? කියලා අපි බලමු.

 

බොහොම අහිංසක විදියට ඇඳ පැළඳගත් මනුස්සයෙක් හාල් සිල්ලර ටික බිම දාගෙන එකින් එක ඇහිඳිනවා. ඒක දකින කට්ටිය ඒ මනුස්සයට සල්ලි දෙනවා. මේක මුලින්ම දැක්කම හිතන්නේ නැහැ මේක වංචාවක් කියලා. ඒත් එකම මනුස්සයා තැන් කීපෙකදිම මේ විදියට තමුන්ගේ හාල් පරිප්පු ඉහිරවගෙන ඒවා අහුලනවා. ඉතින් මේක මේ කාලේ එක්තරා හිඟාකන විදියක්.

 

මෙයාල ඉන්නේ ට්‍රැෆික් ලයිට් ගාව. බයික් එක තියාගෙන බොහොම අහිංසක විදියට ඉන්නවා. එන වාහන නවත්වනවානේ ට්‍රැෆික් ලයිට් එක ළඟ. එතකොට හිමීට වාහනයක් ගාවට කිට්ටු වෙලා කතාව කියනවා. බයික් එකේ පෙට්‍රල් ඉවර වෙලා. පව් පෙට්‍රල් ගහගන්න කීයක් හරි ඉල්ලනවා. ඉතින් අසරණ කම දකින සමහර අය සල්ලි දෙනවා. ඒත් මේකත් වංචාවක්.

 

පොඩි ස්ටිකර් සයිස් එකේ බෞද්ධ කොඩි සහ ජාතික කොඩි ටිකක් අතේ තියාගෙන තමයි මේ මල්ලිලා ටික බස් වලට සහ බස් හෝල්ට් වගේ තැන් වලට ගොඩවෙන්නේ. ඉන් පස්සේ එයාලගේ සී ඩ්‍රැගන් ක්ලබ් එකෙන් කරන සීල සමාදානය හෝ දන්සැල හෝ වෙන සත්කාරයක් ගැන අපිට කියනවා. කියලා හිමින් හිමින් ඊළඟට ආධාරයක් තමයි එයාල බලාපොරොත්තු වෙන්නේ. මෙයාලගෙත් මේ පිංකම් ඉවර වෙන දවසක් නැහැ.

 

හොඳට ඇඳ පැළඳගෙන ඉංගිරිසියෙන් කතා කරන මේ කට්ටිය අසරණකමට වඩා පොෂ් කමක් තමයි පෙන්නුම් කරන්නේ. පාඩම් කරගත් හෝ පුළුවන් කම තියෙන ඉංගිරිසි වලින් මෙයාල හොඳ ටෝකක් දෙනවා. ඒ එක්කම සිංහලෙනුත් ඒක කියනවා. ඔය විදියට බොහොම දුක කතාවක් කියන හිඟන්නෝ, හිඟන්නෝ කියන්න බැරි තරම් උසස් විදියට තමයි සල්ලි ඉල්ලන්නේ.

 

කෑම කඩ ගාව බක්කි වල කාක්කෝ ඉන්නවා. ඒ වගේ හොඳ කෑම කඩ ගාවට වෙලා කෑම එකක් ඉල්ලන අය ඉන්නවා. මේ අයට ඔයාල ගාව තියෙන බත් එකක් දුන්නොත් බැනුම් අහන්නත් වේවි. මෙයාලට ඕනි ඒ හොඳ කඩවල හොඳ කෑම එකක්ම තමයි. ඉන් පස්සේ ඒවා කිහිපයක් එකතු වුනාම විකුණගන්නවා කියලා තමයි මේ ගැන විස්තර දන්නා අය කියන්නේ.

 

අසරණ පෙනුම තියෙන ළමේකුත් වඩාගත් හඳුන්කූරු වෙළෙන්දෝ ඉන්නවා. අපිට මතක නැති වුනත් ඔෆිස් වල පඩි දවස් එහෙම මේ ගොල්ල දන්නවා. ඒ වගේ දවස් වලට කාර්යාල සංකීර්ණ ඉස්සරහට වෙලා ඉන්නවා. ඇත්තටම බැරි අමාරු නිසා හඳුන්කූරු ටිකක් අරන් එනවා ඇති. ඒත් ඉතින් තමුන්ගේ දරුවොත් අරගෙන ඒ ඇවිත් කරන ඒ වැඩේට වඩා ටිකක් වෙහෙස මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න බලනවා නම් වටිනවා… නේද?

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here