වැඩබලන පොලිස්පතිගේ නව අවුරුදු නියෝගය!

0
20


එලෙස තුඩු පඬුරු,තෑගී බෝග ලබාගැනීම විනිවිදභාවයෙන් යුතු රාජකාරී ඉටුකිරීමට බාධාවක් වුවත් බොහෝවිට ඒවා ප්‍රතික්ෂේප කිරීම සිදුනොවෙයි.

ඒ නිසාම මේවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ තීරණයක් ගනිමින් එවැනි තෑගි බෝග (හැම්පර්) ලබාගැනීම තහනම් කර තිබේ.

ඊට අදාළව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව සදහන්. එය පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියලුම නිල දක්වා බලපත්වෙන අතර මෙම චක්‍රලේඛය පිළිනොපදින ඕනෑම නිළධාරියෙකුට එරෙහිව විනය පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත.

නව වසර වෙනුවෙන් ඉහළ නිළධාරීන්ට සුබ පැතීමට අවශ්‍ය නම් ඒ සදහා ඔවුන් හමුවිය යුතු නැති බවත් එය වට්ස්ඇප් පණිවිඩයක් මගින් කළ හැකි බවත් වැඩබලන පොල්සිපතිවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here