වැක්සින් කරනවා වෙනුවට රේසර් එකක් භාවිතා කරන්න කියලා විශේෂඥයින් කියන්නේ ඇයි කියල දන්නවද? – Sri News

0
6

අනවශ්‍ය රෝම කියන්නෙ කාන්තා අපිට හිසරදයක්නෙ. ලස්සන කොට ගවුමක් අඳින්න, අත් නැති ඇඳුමක් අඳින්න විතරක් නෙවෙයි පුද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කොට උනත් අනවශ්‍ය රෝම කියන්නෙ බාධකයක්. අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ප්‍රධානම ක්‍රම දෙකෙන් පහසුම ක්‍රමය තෝරගන්න ඔයාල​ට පොඩි උදව්වක් දෙන්නයි මේ උත්සහ කරන්නෙ. කියවලම බලන්නකො. 

 

 

 

වැක්ස් එකකදි එන වේදනාව කොහොමද කියල වැක්ස් කරපු අය දන්නව ඇති. වැක්ස් එකකදි රෝම වැවිලා තියෙන දිශාව​ට විරුද්ධ අතට එක පාරට ඇදල ගන්නකොට දැනෙන වේදනාව ශේව් කරන කොට නම් පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ. කාන්තාවන්‍ටම නිපදවපු රේසරයක් භාවිතා කරනව නම් සමට හානියක් වෙන්නෙත් නෑ. 

 

 

 

 

වැක්සින් එකක් කරනව නම් එක්කො හොට් වැක්ස් එක ගෙදරම හදාගන්න ඕන. හොට් වැක්ස් එකක් හදාගෙන පාවිච්චි කරනව කියන්නෙ උණු කරන් භාජනවල දාගෙන ඒ වෙනුවෙන්ම කැප වෙන්න වෙන වැඩක්. නැත්නම් කඩෙන් කෝල්ඩ් වැක්ස් එකක් ගන්න ඕනි. එහෙමත් නැත්නම් සැලෝන් එකකින් වැක්ස් කරගන්න ඕන. ශේවින් එකකදි ඔය කිසි කරදරයක් නෑ. කිසිම පෙර සූදානමක් ඕන වෙන්නේ නැහැ. හිතුන වෙලාවක ෂේව් කරන්න ගන්න පුළුවන්. නාන ගමන් උනත් හිතුනොත් ශේව් කරන්න පුළුවන්. වැඩි කාලයක් ගත වෙන්නෙත් නෑ. අනිත් කාරණේ වැක්සින් කරන්න නම් රෝම අඩුම ගාණෙ අඟල් භාගයක්වත් දිගට වැවෙන්න ඕන. ඉතින් වැක්ස් එකක් කරගන්න රෝම වැවෙනකම් කාලය බාගෙට වැවුන රෝමත් එක්ක ගත කරන්න වෙනව. ශේවින් එහෙකදි චුට්ටක් වැවිල තිබ්බත් ක්ලීන් ශේව් එකක් ඕනම වෙලාවක කරගන්න පුළුවන්.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here