වසර 1900 ක ඉතිහාසයකට නැකම් කියන විහාර සංකීර්ණයක් හමු වෙයි – Sri News දේශීය පුවත්

0
7

වසර 1900 ක ඉතිහාසයකට නැකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසු පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ
විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටඹුන් නාඋල – බඹරගහවත්තෙන් හමුවී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්ථමෙන්තුවේ මහනුවර කාර්යාල නිලධාරින් හා කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත්
ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඊයේ (09) මෙම අනාවරණය සිදු කළා.

ඉපැරණි ඉතිහාසයක් පවතින මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බඹරගහවත්ත ඓතිහාසික
ග්‍රාමයේයි මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබෙන්නේ.

වසර 1900 කට පසුව මෙම ස්ථානය පිළිබධව මාධ්‍ය මගින් හෙළිදරව්ෙ කරන ප්‍රථම වතාව මේ බව නිලධාරීහු පවසනවා.

එමෙන්ම මෙම ස්ථානයේ වසර 1900 කට පසුව ප්‍රථම මල් පහන් පුජාව මෙවර වෙසක් පුන් පොහෝ
දිනයදා සිදුකිරීමට නියමිත බව කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ප්‍රකාශ කළා.

ඉතා අපහසු මාර්ග ඔස්සේ මහා ඝන වනාන්තරයක් මැද අක්කර 100 කට අධික භූමියක් පුරාවට උල්පත් ජල පෝෂක ඇල ,දොළ හා අමුණු සහිතව
මේ භුමිය වටව පිහිටා තිබෙනවා.

2017 වර්ෂයේ දී පුරා විද්‍යා ස්ථානය නිදන් හොරුන්ට නතු වීම හේතුවෙන් පළමුවෙන් ස්ථානය හදුනාගැනීම සිදුවන්නේ මහනුවර පුරාවිදයා
කාර්යාලයෙනි.

අනතුරුව කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨකතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පුරා
විද්‍යා දෙපාර්ථමේන්තුව හා එක්ව සිදුකල පර්යේෂණ වල දී මෙම ස්ථානයේ අනුරාධපුර යුයගට අයත් ක්‍රි.පු. දෙවන සියවසට අයත් භූමියක්
යැයි අනුමාන කල හැකි බවයි එම නිලධාරීන් පවසමන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here