වයිෆ් අහන මේ භයානක ප්‍රශ්න වලට සාර්ථකව උත්තර නොදුන්නොත් ජීවිතේ අනතුරේ! – Sri News

0
3

දැන් ඔය ගොඩක් බැඳපු හාදයෝ තමන්ගේ වයිෆ්ලා ගැන කතා කරන්නේ, එතකොට පත පොතේ වයිෆ්ලා ගැන තියෙන්නේ මේ අය භයානක සත්ත්වයෝ ජාතියක් ගාණට දාලනේ. ආයෙ නිකං යක්කු බැඳගත්තා වගේලු. කොයි වෙලේ බොටුව හපාවිද දන්නෙ නෑලු. ඔන්න ඔය වගේ ලෙවල් එකකින් තමයි මේ අය ගෑණු මනුස්සයෝ ගැන කතා කරන්නේ. අපි නං කියන්නේ ඔව්වා බොරු කතා කියලා. වයිෆ්ලා කියන්නේ නිකං සුරංගනාවියෝ වගේ ජාතියක්. ලස්සනයි, සුන්දරයි. හැබැයි පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත්, අහන ප්‍රශ්නෙකට හරි උත්තරේ නොදැන හිටියොත් එහෙම මොකද වෙන්නේ? ආන්න එතකොට අර බැඳපු හාදයෝ වයිෆ්ලා ගැන කියන කතන්දර හරි යනවා. ආන්න එතකොට බොටුව හපන යකින්නියෝ වගේ තමා!

ආන්න ඒ නිසා, වයිෆ්ලා අහන මේ බැරෑරුම් ප්‍රශ්න වලට නොහිතා උත්තර දීලා අමාරුවේ වැටෙන්න එපා කියලා තමයි අපිට උපදෙස් දෙන්න තියෙන්නේ. මොකද විශේෂයෙන්ම හස්බන්ඩ්ලා මොට්ට මෝල්ලු වගේ වැඩ කරන්න දක්ෂයි, වයිෆ් ප්‍රශ්නයක් ඇහුවහම නොහිතා උත්තර දීලා කොහෙන් නවතින්න වෙයිද කියලා සක්කර මුත්තටවත් කියන්න බෑ!

 

මේක ඉතින් වයිෆ් අහන ප්‍රශ්නයක්ම නෙවෙයි. ඔන්න වයිෆ් ඇවිත් කියනවා කාමිණීට ප්‍රශ්නයක් වෙලා කියලා. ඔව් ඔව්, කාමිණී අර වයිෆ්ගේ යාළුවා, මාත් එක්ක හරි කුළුපගව කතා කරන, සෙක්සි ගෑණු ළමයා. දැන් අපි වැඩ ඔක්කොම පැත්තක තියලා කාමිණීගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා අහන්න සෙට් වෙනවද? ආන්න වැරදි පියවරක්. ගුටි කන්න වෙන පියවරක්!

“ආ ඇත්තද? මොකෝ වෙලා තියෙන්නේ? ඔයා ඉන්නවනේ ඉතින් එයාට, ඔයා බලලා උදවු කරන්න”. අන්න එහෙම ලයින් එකක් ගැහුවා නං ෂේප්!

 

 

“ටිකක් මහත් වෙලා තමයි නේද?” එහෙම කිවුවොත් ඉතින් සතියකට ගෙදර ඉන්න ලැබෙන්නෙ නෑ. “අපෝ පිස්සුද, ඔයා එදා වගේම තමයි” වගේ එකක් බැලූබැල්මට ආරක්ෂිතයි කියලා පේනවා. හැබැයි තීක්ෂණ ලෙවල් එකේ වයිෆ් කෙනෙක් දන්නවා ඕක බොරු උත්තරයක් කියලා. ඒ මදිවට නිකං ඕක කියනකොට අපේ ටෝන් එක සාකැස්ටික් වුණොත් ආයෙමත් කේස්. එතකොට හොඳම උත්තරේ මොකද්ද?

“ඔයා මහත් වෙලා නෑ වස්තුව, ඔය ගවුම නිසා ඔයාට එහෙම පේන්නේ, අර අලුතින් අරන් දීපු එක ඇඳලා බලන්න, ඒකට ඔයාගෙ ඇඟේ හරි ෂේප් එක පේනවා” මෙහෙම කියලා ෂේප් වෙන්න පුළුවන්. හැබැයි දෙයියන්ගෙ නාමෙට වයිෆ් ආසම ගවුමක් ඇඳලා ඉන්නකොට එහෙම කියන්න හදන්න එපා. එතකොට ඕන්නං මෙහෙම කියන්න පුළුවන්.

“ඒ ඔයාට පේන විදිය, අපි දෙන්නම මේ ටිකේ ගෙදරට වෙලානේ හිටියේ. ඔන්න මං නං ටිකක් මහත් වෙලා. මං ටිකක් ජොගින් කරන්න කියලා බැලුවේ. ඔයත් එන්න මගෙ තනියට”! 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here