වයර් නැතිව උපාංග සම්බන්ධ කරන තාක්ෂණයේ අලුත්ම කලඑළිය – latest bluetooth 5 technology – Sri News

0
3

බ්ලූටූත් කියන්නේ උපකරන එකිනෙක වයර් නැතිව සම්බන්ධ කරගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක්. ස්මාට්ෆෝන් එක නිර්මාණය වන කාලයේ පටන්ම තිබූ බ්ලූටූත් සබඳතාවය මගින් ස්මාට්ෆෝනයට අනෙකුත් උපාංග සම්බන්ධ කරගැනීමේ පහසුව ලැබෙනවා. ස්මාට්ෆෝනයට පමණක් නොවෙයි. වෙනත් බොහෝ උපාංග හරහා සම්බන්ධ කරගන්න මෙම බ්ලූටුත් තාක්ෂනය ප්‍රායෝගිකවම යොදාගන්නවා. පරිගණකයට පිටතින් සමබන්ධ කරන මවුස්, කී බෝඩ්, ස්පීකර්, මයික්, ආදී බොහෝ බොහෝ උපකරණ අද වනවිට බ්ලූටූත් තාක්ෂණයෙන් සම්බන්ධ කරන්නට හැකියාව ලැබී තිබෙනවා.

වයර් වලින් සම්බන්ධ කිරීමේදී ඒ උපකරණය ඒ ආසන්නයේම තිබිය යුතුයි. උදාහරණ විදියට අපි ජංගම දුරකථනයෙන් ගීතයක් අහන්නට යනවා නම් බ්ලූටුත් තාක්ෂනය නැතිනම් අපිට ඒ අදාල ස්පීකර් කට්ටලය වෙතටම ලගාවන්නට සිදු වෙනවා. එහෙත් බ්ලූටුත් හරහා යම් තාක් දුරක සිට සබදතාවය පවත්වාගන්නට හැකියාව තිබෙන නිසා එහි දී උපකරණයේ වයර් ආසන්නයටම ලං වීමේ අවශ්‍යතාවයක් නැහැ. අලුතින්ම පැමිණි ඉයර්බඩ්ස් නැමැති වයර් නොමැති ඉයර්ෆෝන් විශේෂය ක්‍රියාත්මක වන්නේත් බ්ලුටුත් තාක්ෂණයෙන්. අලුතින් එකතුවෙන අයිෆෝන් වගේම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කිහිපයක්ම පැරණි මිලිමීටර 3.5 ඕඩියෝ ජැක් එක ගැසීමට සිදුරක් නොමැතිවම පැමිණෙනවා. ඉන් පසු තිබෙන්නේ එකම විකල්පයයි. එනම් බ්ලූටුත් හරහා ස්පීකරය හෝ ඉයර්ෆෝනය සම්බන්ධ කරගැනීම

 

බලය අඩුවෙන් බැටරි බලය අඩුවෙන ලෙස නිර්මාණය කිරීම. තාක්ෂනයේ වැඩිදියුණු කරගැනීම් පරාසයේ වැඩිදියුණු කරගැනිම් හමුවේ බ්ලූටුත් සදහා ලබාගන්නා බලය වැඩිවුනහොත් එය ගැටළුවකි. මන්ද බ්ලූටුත් වලින් සම්බන්ධ වන ඇතැම් උපාංග වල ඇත්තේ කුඩා බැටරියකි. උදාහරණ ලෙස කණ තුලට පළඳින කුඩා ඉයර්බඩ් එකක ඇති බැටරිය කුඩා එකකි. යම්ලෙසකින් නව බ්ලූටුත් 5.0 වැඩි බලයක් ලබාගතහොත් එම කුඩා උපාංගවල බැටරිය විශාල කොට නැවත සැකසිමටද සිදුවනු ඇත. නිවසේ ඕනෑම තැනක සිට බ්ලූටූත් හරහා උපකරණ සම්බන්ධකරගත හැකි වන ලෙස වර්තමානයේ පවතින පරාසය වන මීටර 10 සීමාව එමෙන් 4 ගුණයක් දක්වා වැඩිකරගැනිමට බලාපොරොත්තු වේ. එමගින් බාධක සහිත කාර්යාල වටපිටාවකදි වුවද මීටර 20ක පමණ දුර ඇති උපකරණ සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. එනම් සරලව හිතුවොත් නිවසේ ඇති ඕඩියෝ යන්ත්‍රය හෝ ස්මාට්ෆෝනය මගින් ආච්චිගේ කාමරයේ ඇති බ්ලූටූත් ස්පීකරයෙන් ඇයට බණ/පිරිත් ඇසීමේ පහසුව වුවද අනාගතයේ බ්ලූටූත් 5.0 මගින් ලබාදිය හැකි වනු ඇත.

 

බ්ලූටුත් සම්බන්ධයේ ධාරිතාවය වැඩිකරගැනීමද මෙම බ්ලූටුත් 5.0 හි එක් අරමුණකි. තත්පරයකට මෙගාබිට් 1ක පමණ වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කළ බ්ලූටුත් 4.2 ට වඩා බ්ලූටූත් 5.0 එමෙන් දෙගුණයක් එනම් තත්පරයට මෙගාබිටු 2ක පමන වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කරයි. බ්ලූටූත් වර්තමානයේ භාවිතා වන ටැබ්ලට් සහ ස්මාට්ෆෝන් වලින් 96%කම භාවිතා වන තාක්ෂණයකි. මෙය පොදු වූ තාක්ෂණික ක්‍රමවේදයක් නිසා විවිධාකාර උපාංග සම්බන්ධ කරගැනීම වඩාත් පහසුය. දැනටද බ්ලූටූත් හරහා ස්පීකරයක්, මවුස් එකක්, කී බොඩ් එකක් හෝ වෙනත් උපකරණයක් සම්බන්ධ කරගන්නට නම් ඒ අදාල ස්පීකරය, මවුස් එක කී බොඩ් එක බ්ලූටුත් සදහා සහයෝගය දක්වන එකක් විය යුතුය. යම් ලෙසකින් වයර් රහිත තාක්ෂණ කිහිපයක් තිබුණි නම් ඒ ඒ තාක්ෂණයට එම උපකරණ සහයෝගය දක්වන්නේ දැයි නැවත පරික්ෂා කර බැලීමට සිදුවනු ඇත.

 

බ්ලූටූත් වලින් මුල් කාලයේ සම්බන්ධ කරගත හැකි වූයේ එක් උපකරණයක් පමණි. අලුත්ම බ්ලූටූත් 5.0 හි වැඩිදියුණු කිරිම් ඔස්සේ වයර් රහිත ස්පීකර් එකකට වඩා වැඩි ප්‍රමාණයක් බ්ලූටුත් හරහා උපකරණයට සම්බන්ධ කරගත හැකිය. ඒ පමණක් නොව ඒවා එකතුකරගෙන ස්ටීරියෝ නාද රටා සහිත කුඩා ප්‍රමාණයේ මිනි හෝම් තියටරයක් ආකාරයට වැඩ කරන ලෙස බ්ලූටූත් හරහා ස්පීකර් සම්බන්ධ කරගැනිමේ පහසුවද අලුත්ම බ්ලූටූත් තිබේ. මෑතකදී නිකුත් වූ ගැලක්සි S8 ස්මාට්ෆෝනය බ්ලූටූත් 5.0 වලින් සවිමත්ය. ඒ හරහා එකවර දෙදෙනෙකුගේ හෙඩ්ෆෝන් සම්බන්ධ කළ හැකිවාක් මෙන්ම බ්ලූටූත්  ස්පීකර කිහිපයක්ද එකවර සම්බන්ධ කරගෙන කුඩා හෝම් තියටර අත්දැකීමක්ද ලබාගත හැකිය.

2021 දී බ්ලූටූත් හරහා සම්බන්ධ වේයැයි උපකල්පනය කරනු ලබන උපකරණ ප්‍රමාණය මිලියන 565 කි. එනම් 2016ට වඩා 13%ක වැඩිවීමකි. මේ අනුව බ්ලූටූත් පහසුව සදහා අවශ්‍යවන කුඩා ඉලෙක්ට්‍රොනික කොටස් ඒ සා විශාල තොගයක් බ්ලූටූත් 5.0 තාක්ෂණයෙන් සවිමත් කළ යුතුව තිබේ. එය සැබැවින්ම අභියෝගයකි.

 

බ්ලූටූත් පහසුකම භාවිතා කොට කුඩා දත්තයක් සම්ප්‍රේශණය කළ හැකි Beacons නැමැති උපාංගයක් අලුත් තාක්ෂණික ලොව තුල ජනප්‍රිය වෙමින් පවතී. ඒ හරහා ඇප් එකක් ඇතුලත් කරගන්නටත් ඇප් එක තුලින් යම් ස්ථාන දැනකියාගන්නටත් අවකාශ ලැබේ. උදාහරණයක් මගින් අපි භාෂාව නොදන්නා රටක ගුවන් තොටකට ගොඩබැස එහි තැනක් සොයාගන්නට අවශ්‍ය යැයි සිතමු. එම ගුවන්තොට බීකන්ස් සවි කළ එකක් නම් ආසන්නතම බීකනයේ දත්ත වලින් ඇප් එක ෆෝන් එකට ඩවුන්ලොඩ් කරගෙන එහි ඇති දත්ත ආශ්‍රෙයන් අදාල දොරටුව සොයාගන්නට බීකන්ස් ජාලය මගින් උදව් කරනු ඇත. එහිදී බීකන්ස් මගින් මාර්ගය පෙන්වීමේ මෙන්ම දත්ත ලබාදීමේ කටයුතුද සිදු කරයි. බ්ලූටූත් තාක්ෂණයේ වැදගත් යෙදීමක් වන මෙය අනාගතයේ පොදු ස්ථානවල ජනප්‍රිය වූ උපාංගයක් වනු ඇතැයි සැලකේ.

ස්මාට්ෆෝනය, ටැබ්ලට් ජනප්‍රිය විමත් සමග ඒවා සමග වැඩකරන අනෙකුත් උපාංග සම්බන්ධකරගැනීමේ අවශ්‍යතාවයද සංකීර්ණ වේ. ඒ වටපිටාවට අනුකූලවන පරිදි වේගවත් සම්බන්ධතාවයක් ගෙන දෙන්නට බ්ලූටූත් 5.0 අනාගතයේදී සමත් වෙනු ඇත.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here