වන්නි හත්පත්තුවේ පැරණි ගැමියන් සත්ව හිමිකම් අතින් නූතන සමාජයටත් ඉදිරියෙන්! | Sri News

0
18


සත්ව හිමිකම් යනු නූතන සමාජය මහත් ඇල්මෙන් පිවිසී හිඳින විෂයකි.ඒ අනුව වර්තමානය තුළ පවත්නා යම් නොදැනුවත් කමක් පිළිබඳව ද මා හට නිරීක්ෂණය වී තිබේ.එනම්, නූතන සමාජයට සාපේක්ෂව අප අතීත සමාජය තුළ සත්ව හිමිකම් පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබූ බවකි.එහෙත්,එය මුළුමනින්ම අසත්‍යයකි.වර්තමානයට සාපේක්ෂව අප රටේ අතීත ගැමි සමාජය තුළ සත්ව හිමිකම් පිළිබඳ උපරිම සංවේදීතාවක් සහ මිනිසුන් සහ සතුන් අතර තිබිය යුතු සහසම්බන්ධතාව ගැන ගැඹුරු දැනුමක් හා අවබෝධයක් තිබිණ.
මිනිස් සත්ව සහසම්බන්ධතාව ගැන පැවසීමේ දී එක්වරම මගේ සිහියට නැංවෙනුයේ අප රටේ ජනතාව ගේ ඇදහීම් වලට ලක්වන දෙවිවරුන් ය. ඊට හේතුව ඒ සෑම ප්‍රධාන දෙවි කෙනෙකුම පාහේ සත්ව වාහනාරූඪ ස්වභාවයක් පෙන්නුම් කරන බැවිනි.මෙසේ දෙවිවරුන් සත්ව වාහනාරූඪ ස්වරූපයෙන් ඉදිරිපත් වීමේ යටි අරුතක් තිබේ.එනම් සතුන් යනු දෙවියන් හා සහසම්බන්ධතා පවත්වන ප්‍රාණීන් කොටසක් බව ජන සමාජයට ඒත්තු ගැන්වීමට ය.එසේ නම් අප සංස්කෘතික පසුබිමේ මිනිස් අප හා සතුන් අතර පවත්නා සහසම්බන්ධතා පිළිබඳව කියනුම කවරේද?
දකුණු ලකේ දෙවිනුවර ප්‍රදේශයේ ජන්මලාභය ලත් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවට අයත් ගල්ගමුව ප්‍රදේශයට පදිංචියට පැමිණියේ පාසල් අවදියේ දීම ය.

ඒ හරියටම මීට අඩ සිය වසකට පෙර 1974 වසරේ දීය.එතැන් සිට මේ දක්වා ගොවිතැන් කටයුතු වල යෙදෙන අතරේ හේන් සහ කුඹුරු ගොවිතැන් කරන මෙහි පාරම්පරික ජනයා සමඟ සම්බන්ධතාවයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවීම මුල් කොට මෙහි අතීත ගැමියන් සහ සතුන් අතර පැවති සහසම්බන්ධතා පිළිබඳ බොහෝ කරුණු ගොනු කරගත හැකිව තිබේ.නමුත් මෙය මේ දක්වා නිසි ලෙස සමාජගත වී නැත.
දුරාතීතයේ සිට මෙම වන්නි මූකලන් වලට අධිපති දෙවියන් වූයේ වන්නිනායක දෙවිඳුන් ය. අයියනා හාමුදුරුවෝ, අයියනා මුත්තා යන නම් වලින් ගැමි ජනතාව ගේ වන්දනාමාන හා ගරු බුහුමන් වලට ලක්වන අයියනායක දෙවිඳුන් ගේ වාහනය ලෙස හැඳින්වෙනුයේ ද ඇතෙකි.එමෙන්ම වන්නි හත්පත්තුවේ සේම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේ ජනතාව පාරම්පරිකව පුල්ලෙයාර් සාමි ලෙස පාරම්පරිකව අදහන ගණ දෙවියන් ද හස්තිරූපාකාර බව බොහෝ දෙනෙක් දනිති ඒ අනුව අලි ඇතුන් යනු කිසියම් අයුරක දේව සහසම්බන්ධතාවක් සහිත උතුම් සත්ව විශේෂයක් බව මෙම වන්නිහත්පත්තුවේ පාරම්පරික ගැමි ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු වූයේ නැත. පැරණි වන්නි හත්පත්තුවේ ගැමියන් බොහෝ විට ගොවිතැන් බත් කළේ වසරේ එක කන්නයක පමණි.එනම් සැප්තැම්බර් සිට ජනවාරි දක්වා මාස හයට අයත් මාස් කන්නය තුළ පමණි. යල කන්නයේ ද මෙහි ගොවිතැන් නොකෙරුණාම නොවේ. ඒ බොහෝ විට විධිමත් අයුරින් දියවර සපයා ගත හැකි බැව් අමුණු ආශ්‍රිත සීමිත වපසරියක පමණි.

බිම සහ ගස් මත තැනූ පැල්පත් වල පැල් කවි කියමින් හා විවිධ ලෙසින් හඬ නඟමින් රාත්‍රී කාලයට ගිනි මැල දල්වමින් ගැමියන් දිවි ගෙවන ඉසව්ව ඔවුන් හේන් කුඹුරු කරන කාලය තුළ තමන්ට අකැප කලාපයක් සේ වන අලින් සිතන්නට ඇත.නමුත් වන අලි මාස් කන්නයේ ගොවිතැන් කටයුතු නිමවා ගැමියන් අස්වැන්න ගෙට ගත් පසු එම බිම් වලට අරක් ගත් වන අලි ඒවායේ ඉතිරි වන දේ සේම අලුතින් නැඟෙන තණ පත් ආදිය ඉතා අහිංසක ලෙස භුක්ති විඳීමට පුරුදුව සිටියහ. එසේම වන අලින් ඇතුළු සතා සීපාවා ගේ නිජ බිම වන අයියනායක දෙවියන් ගේ අනසකට යටත් මහ වනයට අවශ්‍යම කරුණක දී හැර ආවාට ගියාට ඇතුළු නොවීමටත් අතීත ගැමියෝ ද වග බලා ගත්හ.

මේ තත්වය යටතේ අතීතයේ හේන් කුඹුරු ගොවිතැන් කරන පාරම්පරික ගොවීන්ට අද මෙන් වන අලි උවදුරු වලට මුහුණ පෑමට සිදු වූයේ නැත. මේ වන විට සමාජයේ නිතර කතා බහට ලක් වන “අලි මිනිස් ගැටුම” යන්න පිළිබඳව අඩුම තරමින් අප කුඩා කාලයේ අසා තිබුණේ වත් නැත. ඒ වන විට වන අලින්ට ජීවත් වීමට ප්‍රමාණවත් ලෙස පැවැති මහ වනයත් මිනිසුන්ට හේන් කුඹුරු කිරීමට සහ පදිංචි වීමට තිබුණු ගම්මාන සහ ඒ ආශ්‍රිත භූමි ප්‍රදේශයන් අලි මිනිස් දෙපිරිසම හොඳින් හඳුනා ගෙන කටයුතු කිරීම ඊට හේතු වූ බව පෙනෙයි.හේන් කුඹුරු කරන කාලයට එහි නිරතුරු මිනිසුන් ගැවසීම මුල්කොට එවකට මිනිසුන්ට එතරම් හුරු පුරුදු වී නොසිටි වන අලි වනයෙන් පිටතට පැමිණීමක් දක්නට නොලැබිණ. බිම සහ ගස් මත තැනූ පැල්පත් වල පැල් කවි කියමින් හා විවිධ ලෙසින් හඬ නඟමින් රාත්‍රී කාලයට ගිනි මැල දල්වමින් ගැමියන් දිවි ගෙවන ඉසව්ව ඔවුන් හේන් කුඹුරු කරන කාලය තුළ තමන්ට අකැප කලාපයක් සේ වන අලින් සිතන්නට ඇත.නමුත් වන අලි මාස් කන්නයේ ගොවිතැන් කටයුතු නිමවා ගැමියන් අස්වැන්න ගෙට ගත් පසු එම බිම් වලට අරක් ගත් වන අලි ඒවායේ ඉතිරි වන දේ සේම අලුතින් නැඟෙන තණ පත් ආදිය ඉතා අහිංසක ලෙස භුක්ති විඳීමට පුරුදුව සිටියහ. එසේම වන අලින් ඇතුළු සතා සීපාවා ගේ නිජ බිම වන අයියනායක දෙවියන් ගේ අනසකට යටත් මහ වනයට අවශ්‍යම කරුණක දී හැර ආවාට ගියාට ඇතුළු නොවීමටත් අතීත ගැමියෝ ද වග බලා ගත්හ. එමෙන්ම ඒ ඇතුළුවන විට අයියනායක දෙවියන් සිහිකොට එතුමන් ගේ ආරක්ෂාව ලැබේවායි යන අදිටන පෙරදැරි කොට ගසකින් කඩා ගන්නා අතු රිකිල්ල එහි ඇති සංහිඳක් වැනි තැනක එල්ලීම ද අතීත ගැමියන් වෙතින් නොවරදීම සිදු වූ පුද පිළිවෙතක් විය. අප කුඩා කාලයේ වසර ගණනාවක් තිස්සේ එසේ එල්ලූ අතු රිකිලි සිය ගණනක් සහිත සංහිඳවල් කොතෙකුත් දක්නා ලදී.නමුදු අද එවැන්නක් නෙත ගැටෙනුයේ ඉතා අහඹු ලෙසිනි.

එවක අද මෙන් වන අලින් ගම් වැදීමක් සිදු නොවූ අතර එසේ ගම්වැදීම දේව ශාපයක් සේ සැළකූ ගැමියන් අංජනම් පේන ආදිය මගින් ඊට හේතු විමසා බැලීමට ද උත්සුක වූහ.එමෙන්ම ඉතා කලාතුරකින් වන අලියකු හෝ දෙදෙනකු මිනිස් ජනාවාස අද්දරට පැමිණිය හොත් “පුතේ,දරුවෝ” යන ආදර බර ආමන්ත්‍රණ වලින් ඔවුන් යළි වනයට පිටත් කර හැරීමේ අති සාර්ථක උපාය මාර්ග ගැමියන් සතු විය.එය හඳුන් වන ලද්දේ “ගුණෙන් කීම” අනුවෙනි.එහෙත්, අද මේ ගුණෙන් කීම අවලංගු සාධකයක් ව තිබේ.

අයියනායක දෙවියන් අරක් ගත් මහ වනයට නායකත්වය ලබා දෙන බවට ජන සම්මතයේ වූ වන අලින් හැඳින්වීම පිණිස අතීතයේ කිසිවකුත් ‘අලියා’ යන නම යොදා නොගැනීමේ සිරිතක් ද මෑතක් වන තුරුම පැවතිණ. මහ ඇත්තෝ, මහ එකා ආදී නම් වලින් හැඳින්වුණු වන අලි ඇතුන් හට උන්ගේ පාඩුවේ ජීවත් වීමට ඉඩ දිය යුතුම යන ජන සම්මතයක් ද එවක පැවැති බව මට මතක ය. ඒ අනුව එවක අද මෙන් වන අලින් ගම් වැදීමක් සිදු නොවූ අතර එසේ ගම්වැදීම දේව ශාපයක් සේ සැළකූ ගැමියන් අංජනම් පේන ආදිය මගින් ඊට හේතු විමසා බැලීමට ද උත්සුක වූහ.එමෙන්ම ඉතා කලාතුරකින් වන අලියකු හෝ දෙදෙනකු මිනිස් ජනාවාස අද්දරට පැමිණිය හොත් “පුතේ,දරුවෝ” යන ආදර බර ආමන්ත්‍රණ වලින් ඔවුන් යළි වනයට පිටත් කර හැරීමේ අති සාර්ථක උපාය මාර්ග ගැමියන් සතු විය.එය හඳුන් වන ලද්දේ “ගුණෙන් කීම” අනුවෙනි.එහෙත්, අද මේ ගුණෙන් කීම අවලංගු සාධකයක් ව තිබේ.ඒ වර්තමානයේ බොහෝ දෙනකු වන අලින් පලවා හැරීමට යොදන අලි වෙඩි වලින් ඔවුන් ගේ සවන් පත් අගුළු වැටී ඔවුන් ගේ ආත්ම විශ්වාසය ද බිඳ වැටී ඇති බැවිනි.මේවා අදටත් පොදු සමාජය හමුවේ අනාවරණය වී නැත.
දුරාතීතයේ අති විශාල ගම් වැව් ප්‍රමාණයකින් යුතු කෘෂිකාර්මික කලාපයක්ව තිබූ වන්නි හත්පත්තුවේ ඇතැම් ගම් දනව් ආශ්‍රිතව පැතිර ගිය තුන් දොහේ උණ, හත් දොහේ උණ ආදී වසංගත රෝග වලින් ඒවායේ ජීවත් වූ ගැමියන් ගෙන් කොටසක් මිය පරලොව ගිය අතර එය යක්ෂ බලපෑමකින් සිදුවන බව විශ්වාස කළ ඇතැම් ගැමියෝ සිය දරු පවුල් ද රැගෙන එම ගම් දනව් අතහැර වෙනත් ප්‍රදේශ වල පදිංචියට ගියහ. ඒ අනුව ඒ ඇතැම් පැරණි ගම් මුළුමනින්ම පාළුවී ගිය අතර එසේ පාළුවට ගිය ගල්ගමුව ප්‍රදේශයේ පැරණි ගම්මානයක් අද ද “පාළුව” යන නමින්ම හැඳින්වේ.

පසුව අප රට යටත් විජිතයක් බවට පත් වීමෙන් පසු 1817 වසරේ වෙල්ලස්සෙන් ආරම්භ වූ පළමු නිදහස් අරගලය මුල් කොට කුපිත වූ ඉංග්‍රීසි ජාතිකයේ ඒ සඳහා නායකත්වය ලබා දුන් වෙල්ලස්සේ ජන ප්‍රධානීන් ගේ පවුල් පරම්පරා පිටින් සමූල ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් අරඹන ලද බව පැවසෙයි. ඉන් අත් මිදීම පිණිස එම ඥාති පරම්පරාවලට අයත් පවුල් ඒ වන විට පාළුවට ගොස් තිබූ වන්නි හත්පත්තුවේ පැරණි ගම් වැව් ආශ්‍රිතව නව ජනාවාස ඇරඹූ බවට සාක්ෂි කොතෙකුත් තිබේ. ඒ අනුව එහි නව කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් ආරම්භ කළ ඔව්හු එම වනගත පරිසරය තුළ ඉතා දැහැමි හා සහනශීලි වතාවරණයක් ගොඩනංවා ගත් බව පෙනෙයි.
මෙසේ වන්නි හත්පත්තුවේ පදිංචි වූ ගොවි පවුල් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම මත ඔවුන් අතුරින් මතු වූ මනා කාය බලයක්, පෞරුෂයක් සේම ප්‍රඥා සම්පත්තියක් හිමි ගොවිතැනෙහි අති ශූර ගැමියකු ජන සම්මතයෙන් එම ප්‍රජාවගේ නායකත්වයට පත් වූ අතර ඔහු හැඳින්වෙන ලද්දේ “යායේ රාළ” යනුවෙනි. මෙය ගමරාළ යන තනතුරම යායට ආදේශ කිරීමක් බව පෙනේ. එමෙන්ම මෙම යායේ රාල භූමිකාව පිළිබඳව අදහස් පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සූරීන් පවසනුයේ මෙය නුවර කලාවිය සහ හත් කෝරලය ආදී ප්‍රදේශවල කෘෂිකාර්මික ජනාවාස මුල් කොටගත් රාජ්‍යත්වයට සම්බන්ධ නොවූ එහෙත්, ජන සම්මත පැරණි තනතුරක් විය හැකි බව ය. ඒ අනුව ඉංග්‍රීසි පාලන සමයේ නුවර කලාවිය, වන්නි හත්පත්තුව ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වූ උඩරැටියන් නුවර කලාවිය සහ හත් කෝරලය ආදියේ විසූ පාරම්පරික ගැමියන් වෙතුන් එම තනතුර තම ප්‍රජාවන් වෙත ආදේශ කරගන්නට ඇතැයි යන මහාචාර්යවරයා ගේ මතයයි.
පසු කාලීනව වන්නි හත්පත්තුවේ පැරණි ගම් වැව් ආශ්‍රිත ජනගහණය කෙමෙන් වර්ධනය වීම සමඟ ඔවුන්ගේ වාසස්ථානයන් සහ වගාවන් සඳහා වූ භූමි ප්‍රමාණය කෙමෙන් මඳ බවට පත්වීම ඉතා සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත්,වර්තමානයේ මෙන් හාත්පස වූ මහ වනයෙන් කොටසක් තම හිතුමනාපයට එළි පෙහෙළි කොට හේන් වගා කිරීමේ සිරිතක් එකල නොවීය. ඒ අනුව එවන් අවශ්‍යතාවයන් ඇති ගැමියන් පළමුව ඒ පිළිබඳව යායේ රාළ දැනුත් කළ යුතු විය.එවිට එම ඉල්ලීම් වල සාධාරණ අසාධාරණ විමසා බලන යායේ රාළ පළමුව එම පවුල් සඳහා පදිංචියට සහ වගාවට අවශ්‍ය බිම් ප්‍රමාණය තීරණය කරන ලද්දේ වන සම්පත අයියනායක දෙවියන් සතු දෙයක්ය යන පදනම මත පිහිටමිනි.

අතිශය සංවේදී කරුණක් වනුයේ හේන් කෙටීම සඳහා බිම් කෙටීම පිණිස වල්අත්ත කැපීමට පෙර පවා එතෙක් එම වන පෙත අත්පත් කරගෙන සිටි ක්ෂීරපායි පක්ෂි උරග සමනල සේම කුඩා කෘමි සතුන්ට පවා ආමත්ත්‍රණය කරමින් තමන් මෙසේ කරනුයේ හේන් කෙටීම මිස ජීවත් වීමට හේන් කෙටීම මිස අන් මඟක් නොමැති බව කියා ඔවුන් ගෙන් සමාව අයැද සිටීම ය. පසුව එසේ වල් අත්ත වශයෙන් පළමුව කපා ඉවත් කරන ගසට මෙන්ම එය කැපීමට යොදා ගන්නා පොල කැත්තට ද වැඳ අවසර ගැනීම යායේ රාල සතු වගකීමකි.

එසේම ඒ වන විට එම යායට හෙවත් මානව ජනාවාසයට ඇති සමීපයෙන් පිහිටි මහ වනයට අයත් වනස්පතීන් ඇතුළු රුක් සම්පත නොමැති සීමිත බිම් ප්‍රමාණයක් තෝරා “වල් අත්ත කැපීම” නම් ක්‍රියාවලිය මගින් ඒ නියමිත බිම් කොටස හේන් වගාවට සඳහා ගැමියන්ට වෙන් කර දීම යායේ රාළ සතු ප්‍රධාන වගකීමක් විය. එහෙත්, ඒ වල් අත්ත කැපීම ආවා ගියාට කළ හැක්කක් නොවේ. ඒ සඳහා ගමේ නැකත් කරු ලවා සුදුුසු නැකතක් සොයා ගැනීම ඒ සම්බන්ධ පළමු කාරියයි.එමෙන්ම වල් අත්ත කැපීම සඳහා යොදා ගත යුතු ගස තෝරා ගැනීම ද ඒ කාරිය හා සම්බන්ධ වැදගත් ක්‍රියාවලියකි. එහිද වල් අත්ත කැපීම පිණිස යොදා ගත යුතු රුක් වර්ග මොනවාද? යන්න පිළිබඳව ලියැවුණු පැරණි කවි ආදිය තිබේ එමෙන්ම එය ‘මරු මුවා කොට” හෙවත් ඒ මොහොතේ මරු සිටින දිසාව අත හැර සිදුකළ යුත්තක් බව ද ජන සම්මතයේ එයි. ඒ අනුව “පොල කැත්ත” නම් වන කැළෑ කැපීම පිණිස යොදා ගන්නා දිගු මිටක් සහිත වල් අත්ත කැපීමට තෝරා ගන්නා ආයුධය ද රැගෙන එම ඉසව්වට ගම්වැසියන් සමඟ යන යායේ රාළ පළමුව ඒ සඳහා අයියනායක දෙවියන්ගෙන් හා කැලේ බණ්ඩාර දෙවියන්ගෙන් කැප අවසර ගත යුතු ය.එමෙන්ම ඒ සම්බන්ධ අතිශය සංවේදී කරුණක් වනුයේ හේන් කෙටීම සඳහා බිම් කෙටීම පිණිස වල්අත්ත කැපීමට පෙර පවා එතෙක් එම වන පෙත අත්පත් කරගෙන සිටි ක්ෂීරපායි පක්ෂි උරග සමනල සේම කුඩා කෘමි සතුන්ට පවා ආමත්ත්‍රණය කරමින් තමන් මෙසේ කරනුයේ හේන් කෙටීම මිස ජීවත් වීමට හේන් කෙටීම මිස අන් මඟක් නොමැති බව කියා ඔවුන් ගෙන් සමාව අයැද සිටීම ය. පසුව එසේ වල් අත්ත වශයෙන් පළමුව කපා ඉවත් කරන ගසට මෙන්ම එය කැපීමට යොදා ගන්නා පොල කැත්තට ද වැඳ අවසර ගැනීම යායේ රාල සතු වගකීමකි.ඇතැම් ප්‍රදේශවල මෙය එම ඉඩම් ලාභීන් විසින් හේන් වගාව සඳහා වල් කෙටීමේ සිට එම කොටස ගිනි තැබීම තෙක් වරින් වර සිදු කරන්නකි. එමෙන්ම කැලය හෙළි කළ එම වියළි කොළ වලට ගිනි පෙනෙල්ල දිගු කිරීමට පෙර ද විශේෂ යාදින්නක් මගින් ඒ සියලු සතුන්ට තම දුක කියා එහි සීමිත කුරා කුහුඹුවන්ට පවා ඉවත් වීමේ සංඥාව ලෙස වරු තුනක් හූ හඬ නඟා කරන මෙම යාතු කර්මය පිළිබඳව අද බොහෝ දෙනෙක් නොදනිති.එමෙන්ම ඉහත සඳහන් කාර්ය සම්බන්ධ ප්‍රධාන මෙහෙවරක් ඉටු කළ යායේ රාළ නම් භූමිකාව පසුකලෙක එම භූමියට අධිපති බහිරව මුත්තා නම් දෙවියන් ලෙස දේවත්වයට පත් කරගත් වන්නි හත්පත්තුවේ ගැමියෝ අදටත් එතුමා උදෙසා වන පුද පිළිවෙත් ඉටු කරති.
මෙහි දී අප සමාජය තුළ පවතින ප්‍රධානතම වරදක් නම් අප සමාජයේ අතිශය ප්‍රසිද්ධ වාමන රූපී බහිරව දේවතාවා සහ බහිරව මුත්තා ඒකීය දේවත්වයක් කොට සැළකීම ය.

බහිරව මුත්තා දෙවියන් සමඟ උන් වහන්සේ ගේ වාහනය ලෙස සුනඛයා ද ජන සම්මත කරගැනීම වන්නි හත්පත්තු ජනතාව තුළ පවත්නා උත්තරීතර මිනිස් බව පදනම් කර ගත් මිනිස් සත්ව සහ සම්බන්ධතාව ලොව කිනම් හෝ රටක කිනම් හෝ ජන සමාජයක් තුළ දක්නට ඇතැයි මට නම් නොසිතේ. නමුදු මෙම සමාජයට අයත් බහුතරය අතුරින් විවිධ හේතූන් මත මානසික ව්‍යාකූලත්වයට පත් කිහිප දෙනකුන් විසින් වරින් වර සිදුවන වන අලි ඝාතන මෙම මෙම වන්නිහත්පත්තුවේ අහිංසක ගැමි ජනතාව විසින් සිදු කරන බවට බරපතල මිථ්‍යාවක් පසුගිය කාලය පුරා සමාජය පුරා පැතිර තිබිණ.එම තත්වය සමනය කර ගනු පිණිස අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානය ලවා ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව අහිංසා ස්මාරකය පාදෙණිය-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව නගරයට කිලෝ මීටර් දොලහක් ඔබ්බෙන් පිහිටි පූලංචිය වැව ඉස්මත්තේ පිහිටි “ගිමන් හල” පාරිසරික උද්‍යානයේ ඉදි කොට තිබේ.

එහෙත්, වන්නි හත්පත්තුව ඇතුළු හත් කෝරලයේ ප්‍රදේශ කිහිපයකම ඇදහීමට ලක්වන බහිරව මුත්තා උපාසක ස්වරූපයක් ගත් දෙවියෙකි. එමෙන්ම එතුමන් ගේ ආයුධය හේන් කෙටීමට ගන්නා පොල කැත්ත වන අතර එතුමන් ගේ වාහනය හේනට කුඹුරට යාමේ දී පැරණි ගැමියන්ට විෂකුරු සර්පාදීන් ගෙන් ආරක්ෂාව සැළසූ සුනඛයා ය. මෙලෙස තම පරපුර නියෝජනය කරන බහිරව මුත්තා දෙවියන් සමඟ උන් වහන්සේ ගේ වාහනය ලෙස සුනඛයා ද ජන සම්මත කරගැනීම වන්නි හත්පත්තු ජනතාව තුළ පවත්නා උත්තරීතර මිනිස් බව පදනම් කර ගත් මිනිස් සත්ව සහ සම්බන්ධතාව ලොව කිනම් හෝ රටක කිනම් හෝ ජන සමාජයක් තුළ දක්නට ඇතැයි මට නම් නොසිතේ. නමුදු මෙම සමාජයට අයත් බහුතරය අතුරින් විවිධ හේතූන් මත මානසික ව්‍යාකූලත්වයට පත් කිහිප දෙනකුන් විසින් වරින් වර සිදුවන වන අලි ඝාතන මෙම මෙම වන්නිහත්පත්තුවේ අහිංසක ගැමි ජනතාව විසින් සිදු කරන බවට බරපතල මිථ්‍යාවක් පසුගිය කාලය පුරා සමාජය පුරා පැතිර තිබිණ.එම තත්වය සමනය කර ගනු පිණිස අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානය ලවා ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව අහිංසා ස්මාරකය පාදෙණිය-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව නගරයට කිලෝ මීටර් දොලහක් ඔබ්බෙන් පිහිටි පූලංචිය වැව ඉස්මත්තේ පිහිටි “ගිමන් හල” පාරිසරික උද්‍යානයේ ඉදි කොට තිබේ.ගල්ගමුව ආශ්‍රිත වන ගහණයන් දිවිගෙවනු ලදුව 2010 සහ 2018 යන වසර වල දී මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන සද්දන්තයන් දෙදෙනා ගේ සජීවී ප්‍රමාණයේ රූපකායන් සහිත පිළිරූ දෙකකින් සහ ක්ෂීරපායි,පක්ෂි,උරග,සමනල මත්‍ය යන සත්ව ප්‍රජාව නියෝජනය කරන බිතු කැටයමකින් යුතු එම ස්මාරක භූමිය තුළ දී පිරිපහදු කළ පානීය ජලය නොමිලයේ ලබා ගැනීමේ අවකාශයක් සහ සනීපාරක්ෂක පහසුව ද සලසා තිබේ.මීට අමතරව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මේ තාක් දැන හඳුනාගෙන නොමැති කිසිසේත්ම බහිරව දේවතාවා නොවන හත් කෝරලයට සහ වන්නි හත්පත්තුවට ආවේණික අතීත ගැමි සමාජයට ඉටු කළ යායේ රාළ නම් භූමිකාව මත පදනම් ව තම සුනඛයා ද කැටුව අදත් එම භූමියට අරක් ගත් බවට ජන විශ්වාසයක් පවතින බහිරව මුත්තා නම් දැහැමි උපාසක දෙවියන් ගේ ප්‍රතිමාවක් ද හැකි ඉක්මනින් ගල්ගමුව ආශ්‍රිතව ස්ථාපිත කරවීමේ අදහසක් ද අප තුළ තිබේ.එවිට එය ද ශ්‍රී ලංකාවේ මුල්ම බහිරව මුත්තා ප්‍රතිමාව වනු ඇත.

එච්.කේ විමලරත්න හිටපු සභාපති ගල්ගමුව ප්‍රාදේශීය සභාව





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here