වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසී

0
8

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.

ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර කලාපය එළිපෙහෙළි කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි පිරිසට එලෙස නොතීසි නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here