ලෝ ප්‍රකට ව්‍යාපාරවල අසාර්ථක වුණු මාකටින් කැම්පේන් – Sri News

0
3

ඕනෑම ව්‍යාපාරයකට මාකටින් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. වතාවක් කොකාකෝලා සමාගමේ ප්‍රධානියෙක්ගෙන් මාධ්‍යවේදියෙක් අපූරු ප්‍රශ්නයක් ඇහුවා. ඒ “ඔබේ සමාගම ලෝකෙම දන්න සන්නාමයක් වෙලා ඉද්දි ඒ වගේම තවත් නිෂ්පාදනයකින් දැඩි තරගයක් එල්ලෙන නොවන පසුබිමක ප්‍රචාරණය සඳහා ඇයි මෙච්චර වියදම් කරන්නේ?” කියලා. මේ ප්‍රධානියා පෙරළා ප්‍රශ්නයක් මේ මාධ්‍යවේදියාගෙන් ඇහුවා. “ඔබ කවදා හරි දවසක ගුවන් යානයක් අහසට ගියාට පස්සේ නැවතිලා තියෙනවා දැකලා තියෙනවද?”කියලා. සමහර තැන් වල මේ කතාව වෙනස් වෙනස් විදිවලට සඳහන් වුණත් ඔහු අදහස් කළේ ඕනෑම සන්නාමයක ජීව ගුණය රඳාපවතින්නේ ඒ සන්නාමය සඳහා සිදුකරන ප්‍රචාරණය මත කියන දේ. හැබැයි යම් අවස්ථාවක මේ ප්‍රචාරණය නිසි පරිදි සිදු වුණේ නැත්තන් සන්නාමයකට නොසිතූ විරූ හානියක් වෙන්න වුණත් පුළුවන්. අපි අද කියන්න යන්නේ මේ ආකාරයට වැරදුණු marketing campaign නිසා සන්නාම වලට ඇති වුණු බලපෑම් පිළිබඳව.

 

2017 වසරේදී වර්තමානයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ වෙඩි තැබීමක් නිසා කළු ජාතික පුද්ගලයෙකු මිය ගියා. එහිදී ද රට පුරා පොලිසියට එරෙහිව උද්ඝෝෂණ ඇති වුණා. පෙප්සි සමාගම මේ අවස්ථාවේදී රියැලිටි තරුවක් වන කෙන්ඩල් ජෙනර් පොලිස් නිලධාරීන්ට පෙප්සි කෑන් එකක් ලබා දෙන ආකාරයේ වෙළඳ දැන්වීමක් නිර්මාණය කළා. මෙම දැන්වීම නිකුත්වී පැය කිහිපයක් ගතවන්නටත් පෙර දසතින්ම දැඩි විරෝධයක් ඊට එරෙහිව නැගුණා. පසුව පෙප්සි සමාගම මෙම දැන්වීම ඉවත් කර ගත්තත්, ඉන් මාස හයකට පසුව සමාගමේ ප්‍රධානියාට තනතුරු අත්හැරීමට සිදුවූයේ මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් නිසා බව කියවෙනවා.

 

කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණු ඇතුව  Dove සමාගම විසින් දියත් කරන ලද Real Beauty ප්‍රචාරණ වැඩපිළිවෙළ වසර පහළොවකට අධික කාලයක් බොහෝදෙනෙකුගේ ගෞරවය දිනාගත්  වැඩසටහනක් වුණා. නමුත් පසුව එංගලන්තයේ දී ඔවුන් තමන්ගේ ඇසුරුම්  විවිධ කාන්තාවන්ගේ ශරීර ස්වරූපය අනුව සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට තීරණය කළා. නමුත්  තෝරාගැනීමට තිබුණේ  හැඩ හතක් පමණක් නිසා අනෙකුත් කාන්තාවන්ට මේ හරහා සිත් තැවුලක් ඇති වන බවට  සමාජ මාධ්‍ය ජාලා හරහා කතාබහක් ඇතිවුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇසුරුම් නිකුත් කිරීම නවත්වනු ලැබුවත්, ඒ හරහා සන්නාමයට සිදු වූ හානිය අති දැවැන්තයි.

 

කාන්තාවන්ට සිදුවන විවිධාකාරයේ ලිංගික තාඩන පීඩා වලට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා තුළ #MeToo රැල්ලක් ඇති වුණා. කාලය තුළදීම Ford සමාගම නව දැන්වීමක් කළ එළි දැක්වීමට කටයුතු කළා. එම දැන්වීම මගින් ෆෝඩ් සමාගමේ කාර් රථයක කාන්තාවන් තිදෙනෙක් බැඳ තබා තිබෙන ආකාරය නිරූපණය වුණා. #MeToo රැල්ල වටා එක්රොක් වී සිටි පිරිස් එම දැන්වීමට ද එරෙහිව අවි අමෝරා ගත්තා. අවසානයේ දී එම සමාගම විසින් මෙම දැන්වීම ඉවත් කර ගත්තා පමණක් නොව ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාවත් ගත්තා.

 

මීට කලකට පෙර sony සමාගම විසින්  “Sony’s white Playstation Protable device”  නමින්  එහා මෙහා ගෙන යා හැකි Play Station එකක් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කළා. ඒ සඳහා ඔවුන් භාවිතා කළ දැන්වීම අතිශයින්ම ප්‍රශ්නකාරී එකක් බවට පත් වුණා. ඉන් නිරූපණය වූයේ හිසකෙස් සහ සම සුදු වර්ණයෙන් යුතු කාන්තාවක් විසින් කළු පැහැති කාන්තාවක් මුහුණෙන් ඇදගෙන යන ආකාරයයි. ඊට පහතින් “Playstation Portable, White is Coming” සඳහන් වුණා. වර්ණභේදවාදය තම දැන්වීම් සඳහා යොදා ගත්තේ යැයි යන චෝදනාව Sony සමාගමට එල්ල වූ අතර එම සමාගම පවසා සිටියේ තමන්ගේ එකම අරමුණ වර්ණ වෙනස තම පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීම පමණක් වන බවයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here