ලෝක යුධ විරෝධී සංවිධානයෙන් පාගමනක් – Sri News දේශීය පුවත්

0
5

ලෝකයේ පවතින යුද්ධ වලට විරෝධය පළකරමින් පාගමනක් පැවැත්වීමට ලෝක යුධ විරෝධී සංවිධානය කටයුතු යොදා තිබෙනවා.

ලබන 17 වනදා විහාර මහා දේවි උද්‍යානයෙන් එය ආරම්භ වන බවයි එම සංවිධානයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

යුක්රේන රුසියා සහ පලස්තීන ඊශ්‍රායල ඇතුළු යුද්ධවලට විරෝධය පළ කිරීම පාගමනේ අරමුණයි.

විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කෙරෙන පාගමන ඇමරිකා තානාපති කාර්යාලය දක්වා ගමන් කර සංදේශයක් භාරදීමට කටයුතු යොදා ඇති බවයි ලෝක යුධ විරෝධි සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here