ලෝක බල දේශපාලනයේ ගොදුරක් නොවන බවට ජාතික ජනබලවේගයෙන් ප්‍රකාශයක්

0
9


ඉන්දිය රජයෙන් ලද නිල ආරාධනය පිළිගෙන එරට සංචාරයේ නිරත වූයේ මෙරට ජනතාව වෙනුවෙන් යම් සේවයක් කිරීමේ අරමුණින් බව ජාතික ජනබලවේගය පවසනවා.

එහෙත් කිසිඳු අවස්ථාවකදී ලෝක බල දේශපාලනයේ ගොදුරක් නොවන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවසුවේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා එම පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ඒ බව ප්‍රකාශ කළා. 

new2023 voice · VIJITHA 01

රටේ ආර්ථික උන්නතිය උදෙසා ලොව ඕනෑම රටක් සමග ආර්ථික හා දේශපාලන වශයෙන් ගනුදෙනු කිරීමට ජාතික ජනබලවේගය කිසිසේත් පසුබට නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ. 

new2023 voice · VIJITHA 02

ඉන්දීය රජයේ නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවලදී සිය පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා පැහැදිළිව ඔවුන්ට දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ.

new2023 voice · VIJITHA 03



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here