ලෝක ප්‍රසිද්ධ සිතුවම් 7ක් සම්බන්ධ අපූරු කතා – Sri News

0
3

චිත්‍ර කලාව කියන්නේ ශිෂ්ටාචාරගත වීමත් එක්කම පටන් ගත්ත දෙයක් සහ කලාවක් විදිහට මුලින්ම ආරම්භ උනෙත් චිත්‍ර කලාව කියල කියන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික යුගය වෙනකංම චිත්‍ර කලාවේ ඉතිහාසය විහිදිලා යනවා. මුල්ම කාලෙදි තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගල් ගුහා බිත්ති පාවිච්චි කළා. ස්වභාවිකව හොයාගත්තු පාට පාවිච්චි කරලා රේඛා චිත්‍ර විදිහට තමයි මේවා ඇන්දේ. ලැස්කෝ ගුහාව,  අල්ටමිරා ගුහා එහෙම මේවට සාක්ෂි වෙනවා. ලංකාවෙත් ඒ වගේම මේ ගුහා චිත්‍ර ගොඩක් දකින්න තියෙනවා. මිනිස් රූප සත්තුන්ගේ රූප එහෙම තමයි ගොඩක් ඇඳලා තියෙන්නේ. තන්තිරිමලේ ගුහාව, දොරවක ලෙන වගේ තැන් මේවට හො​ඳම උදාහරණ. පස්සේ කාලයත් එක්ක කලාවක් විදිහට දියුණු වෙද්දී එක එක වර්ණ වැඩිපුර යොදාගන්නත් භාවිත කරපු මාධ්‍යය දියුණු කරන්නත් පටන් ගත්ත. පස්සේ පැස්ටල්, සායම් එහෙම පාවිච්චි කරන්නත් කැන්වස් එහෙම පාවිච්චි කරන්නත් පටන් අරන් තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකෙම අවධානයට ලක් වෙච්ච චිත්‍ර හතක් ගැනයි අද කතාව.

 

 

චිත්‍ර ගැන කිව්වම කාගේත් ඔලුවට එකපාරටම එන චිත්‍රයක් තමයි මොනාලිසා චිත්‍රය. ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙච්ච ලියනාර්ඩෝ ඩාවින්චි තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඒ 16වෙනි සියවසේදී. මේ චිත්‍රය අඳින්න ඩාවින්චි ට අවුරුදු හතරක් ගියා කියල තමයි පොතේ පතේ තියෙන්නේ. මොනාලිසා කියල අපි කිව්වට ඩාවින්චි මේ චිත්‍රයට දාපු නම තමයි ‘පුනරුද සමයේ සිතුවම’ කියන එක. අනිත් කාරණාව තමයි කිසිම හැඟීමක් නිරෑපණය නොවෙන විදිහට ගුප්ත බැල්මකින් බලා ඉන්න මේ චිත්‍රයෙ ඉන්න කාන්තාව කවුද කියන එක. හොයාගන්න තියෙන විදිහට ඒ ඇඳල තියෙන්​නෙ ඉතාලියේ ෆ්ලොරන්ස්හී විසූ ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩො නම් වෙළෙඳ ව්‍යාපාරිකයාගේ තෙවන බිරි​ඳගේ උඩුකය රුවයි.

 

 

මේ චිත්‍රයත් කලින් චිත්‍රය ඇ​ඳපු ලියනාර්ඩෝ ඩාවින්චිගේම නිර්මාණයක්. මේක නිර්මාණය වෙන්නේ 15වෙනි සියවසේදී. මේ චිත්‍රයෙන් නිරුපණය වෙන්නේ ජුවාම් තුමාගේ සුබාරංචිය බයිබලයේ 13:21 හි විස්තර කෙරෙන පරිදි, ජේසුස්තුමාගේ අවසන් දින කිහිපය තු​ළදී, අවසන් භෝජන සංග්‍රහය තු​ළදී, තම අපොස්තුළුවරුන් දොළොස් දෙනා අතුරින් එක් අයෙකු, තමන් පාවා දෙන බවට ජේසුස් තුමා ප්‍රකාශ කරන දර්ශනයක්. මේ චිත්‍රය අඳින්නත් ලියනර්ඩෝට අවුරුදු තුනක් ගත වෙලා තියෙනවලු. මේ චිත්‍රයේ තියෙන එක විශේෂත්වයක්  තමයි මේ චිත්‍රය ඇතු​ළේ කතෝලික ආගමේ කිය​වෙන ශුද්ධ ත්‍රිත්වය විදහා දක්වන්​න ශිල්පියා ​අරගෙන තියෙන උත්සාහය. මේ චිත්‍රයේ ඉන්න ​අය තුන් දෙනා වශයෙන් කණ්ඩායම් වලට වෙන් වෙලා ඉන්නව. ජේසුස් වහන්සේගේ පිටිපස්සේ කවුළු තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව ජේසුස් වහන්සේගේ ශරීරයත් ත්‍රිකෝණාකාර හැඩයකට ඇඳලා තියෙනවා.

 

 

මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ ඉතාලි ජාතික ඉතා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙච්ච මයිකල් ආන්ජලෝ කියන ශිල්පියා. මෙයා චිත්‍ර ශිල්පියෙක් විතරක්ම නෙමෙයි. එක පැත්තකින් මූර්ති ශිල්පියෙක්, කාව්‍ය රචකයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ ඉංජිනේරුවෙක්. ඉතින් රෝමයේ සිස්ටීන් දේවස්ථානයේ වහලයේ තමයි ආන්ජලෝ මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඒ 15වෙනි සියවසේ විතර. මේ චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේ විසින් ප්‍රථම මිනිසා වූ ආදම්ට ජීවය ලබා දෙන ආකාරයයි. මේ චිත්‍රය ගැන මෑතක අදහස් දක්වපු උදවිය කියන්නේ මෙම සිතුවම මගින් මිනිස් සිරුරේ ව්‍යුහයන් පෙන්නුම් කරන බවයි.  දෙවියන් වහන්සේට පිටුපසින් සිටින මිනිස් රූප මගින් ව්‍යුහාත්මකව ඉතාමත් නිවැරදි මොළයේ රුවක් පෙන්නුම් කරන අතර මස්තිෂ්කය, පිටියුටරි ග්‍රන්ථිය, මූලක පටලය වැනි කොටස් වෙන් කර හඳුනා ගැනීමටද පුළුවන්. එයට අමතරව රතු පැහැයෙන් දක්වා ඇති කොටස මිනිස් ගර්භාෂයකද, කොළ පැහැයෙන් දක්වා ඇති කොටස මගින් අලුතෙන් කපා වෙන් කළ පෙකණි වැලක ස්වරූපයද පෙන්නුම් කරනවා. 

 

 

පිකාසෝ කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මේ චිත්‍රය සිත්තම් ක​ළේ අන්න ඒ පිකාසෝ කියන ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පියා. පිකාසෝගේ චිත්‍ර කලාව යුග තුනකට වර්ග කෙරෙනවා. ඒ නිල් යුගය, රෝස යුගය සහ නීග්‍රෝ යුගය කියලයි. මේ මව ස​හ දරුවා කියන චිත්‍රය අයිති වෙන්නේ නිල් යුගයට. ඒ කියන්නේ මෙයාගේ නිල් යුගයේ චිත්‍ර වලට මූලිකවම නිල් පාට එක්ක සුදු කළු පාට දෙක පාවිච්චි කරලා සමාජයේ විවිධ කරදර පීඩාවන්ට ගොදුරු වූ ජනතාව තමන්ගේ සිතුවම් වලට වස්තු බීජය කර ගෙන තියනවා.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here