ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයන් සහිත රටවල් – Sri News

0
5

“උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” කියල ඒ කාලෙ පඬිවරුන් පවා කියල තියෙනවනේ. ඇත්තටම අධ්‍යාපනය කියන්නෙ අපිට තනි තනිව සහ සමාජයක් වශයෙන් ඉතාම වැදගත් වෙන කාරණාවක්. අධ්‍යාපනය කියල කියන්නෙ ඕනෑම පුද්ගලයෙකුට සමාජය තුල ශිෂ්ටසම්පන්න ලෙස ජීවත්වෙන ආකාරය සහ සිවිල් පුරවැසියෙකු ලෙස ඔවුන්ගේ කාර්යභාරය ගැන අදහසක් ලබාදෙන සාධකයක්. අධ්‍යාපනයෙන් අඩු මිනිසුන් රටේ ඉහල තැන්වල වැජඹෙන එකේ අහිතකර ප්‍රථිපල අපි සමස්ථ රාජ්‍යයක් වශයෙන්ම විඳිමින් ඉන්න කාලෙක අධ්‍යාපනය කොයි තරම් වැදගත්ද කියන එක මුලදීම තේරුම් අරන්, අධ්‍යාපනය වෙනුවෙන් ඉහල ආයෝජන කරපු, හොඳ ක්‍රමවේදයන් සකස් කරපු, ඒ කියන්නෙ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයන් සහිත රටවල් කියලා සැලකෙන රටවල් කිහිපයක් ගැන අපි අද කතා කරන්න හිතුවා. 

නිල දත්ත වලට තවමත් ඇතුලත් නොවුනත් කරුණු සලකා බැලීමේදී ලෝකයේ ඉහලම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රට විදිහට මේ පින්ලන්තය සලකන්න පුළුවන්. පින්ලන්තයේ අධ්‍යාපනය එහි සියළුම ශිෂ්‍යයින්ට කිසිම සීමාවක් නොමැතිව නොමිලයේ ලබාදෙනවා. මේ රටේ මුළු වසරටම පාසල් දින පැවැත්වෙන්නේ 190ක් පමණයි. සිසුන්ට නිදහසේ තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තෝරාගන්න පුළුවන්. අවුරුදු 6 වෙනකන් කිසිම දරුවෙකු පාසල් යන්න අවශ්‍ය නැහැ. පූර්ව අධ්‍යාපනය ක්‍රීඩාව හරහා ඉගෙනීමේ සංකල්පය මත තමයි සකස් වෙලා තියෙන්නේ. වසරකට අධ්‍යාපන සඳහා වෙන්කිරීම දල දේශීය නිෂ්පාදිතයෙන් 5.1%.

ජපානය කියන්නෙත් පින්ලන්තය වගේම ඉහල අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටක්. ජපානයේ සෑම වසරකම දල දේශීය නිෂ්පාදනයෙන් 4.1% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙනවා. ජපානයේ වසරකට පාසල් පැවැත්වෙන දින ගණන 210 විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ ගණන පින්ලන්තයට වඩා වැඩි වුණත් මේ පාසල් දින දර්ශනයෙන් වැඩි කොටසක් ක්‍රීඩා, පාසල් චාරිකා වගේ විෂය බාහිර අධ්‍යාපන කටයුතු වලට තමයි වෙන්කෙරිලා තියෙන්නෙ. උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා නොදුන්නත් අඩු ආදායම් ලාභීන්ට නොමිලේ ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවෙනවා. අනෙක් සියලු දෙනාට ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල සේවය ලබාගන්න පුළුවන්. 

දකුණු කොරියාව කියල කියන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයන් සහිත රටවල් කියන දර්ශකයේ මුල් ස්ථානවල කාලයක් තිස්සේ රැඳී ඉන්න රටක්. කොරියාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය වෙන්කරන කොටස දල වශයෙන් 5.1%ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. වසරකට පාසල් දින 220ක් පැවැත්වෙනවා. අධ්‍යාපනය එක්කම පාසලේ තමා අවට පරිසරය පිරිසිඳුව තබාගැනීමේ වගකීම හිමිවෙන්නෙත් පාසල් සිසුන්ටම තමයි. 

ඩෙන්මාර්කයේ අධ්‍යාපනය ඒ රටේ දරුවන්ට සහ යුරෝපානු සංගමයේ රටවල දරුවන්ට නොමිලේ ලබාදෙනවා. වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් 7.7% ක් තරම ඉහල අගයක් ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරනවා. වසරකට පාසල් පැවැත්වෙන සාමාන්‍ය දින ගණන දින 200ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. පාසල් අධ්‍යාපනය අවුරුදු 6න් ආරම්භ වෙලා අනිවාර්යය වසර දහයක් ඒ කියන්නෙ අවුරුදු 16 දක්වා සිදුකෙරෙනවා. 

රුසියාවෙත් ප්‍රථමික අධ්‍යාපනය ආරම්භ වෙන්නේ වසර 6 ඉඳලා. වසර 2017 වගේ කාලයේදී රුසියාවේ අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂික දල දේශීය නිෂ්පාදනයෙන් වෙන්කිරීම 13.47%ක් වගේ ඉහල අගයක සඳහන් වෙනවා. වසරකට පාසල් පැවැත්වෙන දින ගණන දින 210ක් වගේ තමයි රුසියාවෙත් සඳහන් වෙන්නේ. රුසියාවේ ප්‍රාථමික අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් රුසියානු සහ බෙලාරුස් ශිෂ්‍යයින්ට නොමිලේ ලබාගන්න පුළුවන්. 

නොර්වේ රාජ්‍යය කියල කියන්නෙත් අධ්‍යාපනය සඳහා ඉතා සුදුසු බවට ප්‍රසිද්ධ රටක්. මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපනය දේශීය වගේම විදේශීය සිසුන්ටත් නොමිලයේ ලබාගන්න පුළුවන්. මේකට හේතුව විදිහට සඳහන් වෙන්නේ සමාජ-ආර්ථික පසුබිම නොසලකා සෑම කෙනෙකුටම අධ්‍යාපනය සඳහා ප්‍රවේශය තිබිය යුතු බව නොර්වේ රාජ්‍යය විශ්වාස කිරීමයි. රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් 7.4% ක් ඇගේ ඉහල අගයක් වාර්ෂිකව අධ්‍යාපනය වෙන්වෙන් වෙන්කෙරෙනවා. 

අපි හැමෝම දන්නා එක්සත් රාජධානිය කියල කියන්නෙත් ඉහලම අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටක්. මේ රටේ මූලික අධ්‍යාපනය අවුරුදු 5න් පමණ ආරම්භ වෙනවා. වසරකට දල දේශීය නිෂ්පාදිතයෙන් 3.9% – 4.4% ත් අතර ප්‍රමාණයක් වෙන්කරන මේ එක්සත් රාජධානිය අධ්‍යාපන සඳහා පිටරට ශිෂ්‍යයින් අතර ඉතාම ජනප්‍රිය නිසාම අධ්‍යාපන කේෂ්ත්‍රය හරහා විශාල ලෙස විදේශ විනිමය උපයන රටක්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here